- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
මැතිව්ස්ට පළමු තරඟය අහිමි වෙයි?
BBC Sandeshaya 2017 ජුනි 1
දැන් එංගලන්තයේ පෙරට යමින් පවතින 'චැම්පියන්ස් කුසලාන' තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම සෙනසුරාදා (ජූනි 03) සහභාගී වෙන පළමු තරඟයේ දී නායක ඇන්ජලෝ මැතිව්ස් බොහෝදුරට ක්‍රීඩා නොකරන තත්වයක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක සභාව පවසයි.
නායක ඇන්ජලෝ මැතිව්ස් මාංශපේශී වේදනාවකින් පෙළෙන බව දැනුම් දීමෙන් අනතුරුව පරීක්ෂණයක් සිදු කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු දිනේෂ් රත්නසිංහම්ගේ අත්සනින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙයි.
ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විකිරණ පරීක්ෂණයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගේ කලවා ප්‍රදේශයේ මස්පිඩු ඉරීයාමක් පෙන්නුම් කෙරෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
'චැම්පියන්ස් කුසලාන' තරඟාවලියේ පසුගිය මැයි 26 වෙනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වුන පළමු පෙරහුරු තරඟයේ දී ඇන්ජලෝ මැතිව්ස් අනගි පිති හරඹයක නිරත වෙමින් ලකුණු 95 ක් වාර්තා කළේය.
ආබාධයට ලක්වීම නිසා ඇන්ජලෝ මැතිව්ස්ට පසුගිය වසරේ ප්‍රධාන ක්‍රිකට් තරඟාවලීන් කීපයක්ම අහිමි විය.
යම්හෙයකින් ලබන තුන්වෙනිදා ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරඟයට මැතිව්ස් සහභාගී නොවන්නේනම් කණ්ඩායමේ උප නායක උපුල් තරංග විසින් එම පළමු තරඟය මෙහෙයවනු ඇත.
මේ අතර අද ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ චැම්පියන්ස් කුසලාන-2017 තරඟාවලියේ පළමු තරඟයේ දී බංග්ලාදේශ් කණ්ඩායම පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.
බංග්ලාදේශ් කණ්ඩායම නියමිත ඕවර් පනහ අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 305 ලබා සිටි අතර ඕවර් 47.2 කදී ලකුණු 308 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණයට අවශ්‍ය කඩයිම පසු කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.