- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
සිකුරාදා පැයක් ඩෙංගු මදුරුවා වෙනුවෙන්
BBC Sandeshaya 2017 මැයි 31
Image copyright James Gathany CDC
සෑම සතියකම සිකුරාදා දිනයන්හි පැයක කාලයක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සිය පරිශ්‍රය පිරිසිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ හෙට (ජුනි 01) ආරම්භවීමට නියමිත තුන් මාසික, ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහනක එක් පියවරක් වශයෙනි.
ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
පළමුව ගංවතුර - දෙවනුව වසංගත රෝග
දින දොළහට ඩෙංගි රෝගීන් 1200ක්
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක 'ඩෙංගු වසංගත තත්වයක්'
පාසල් පද්ධතිය
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ පාසල් පද්ධතිය පිරිසිදු කිරීම විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ යුතු බවය.
නිවාස පරිශ්‍ර පවා සතියකට වරක් පවිත්‍ර කළ යුතු අතර එහිදී ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වෙයි.
හදිසි ආපදාවට ලක්නොවූ දිස්ත්‍රික්ක 07ක මෙම ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පළමුව ක්‍රියාත්මක කෙරේ.
2017 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 53000ක් වාර්තා වී ඇති බවත් 150 දෙනෙකු මිය ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ගංවතුර බැස යාමෙන් අනතුරුව ඩෙංගු ඇතුළු වසංගත රෝග ව්‍යාප්ත වියහැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: සිකුරාදා පැයක් ඩෙංගු මදුරුවා වෙනුවෙන්
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates