- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බෝට්ටු පදින්නේ බලාගෙනයි! - අනතුරු ඇඟවීමක්
BBC Sandeshaya 2017 මැයි 28
Image copyright Getty Images
Image caption ජලයෙන් යටව ඇති උපපොලවල් ආසන්නයේ බෝට්ටු පැදීමෙන් වළකින ලෙසත් විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී
අයහපත් කාලගුණය හමුවේ රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල විදුලිය සැපයීම අඩාල වී ඇති බව බලධාරීහු පවසති.
ඒ හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ වන විට මාතර ග්‍රීඩ් උප විදුලිපොල ජලයෙන් යට වී ඇති අතර ඒ හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයන් එක්ලක්ෂ තිස් හයදහසකට පමණ විදුලිය සැපයීම අඩාල වී තිබේ.
විදුලිය සැපයීම සඳහා ජංගම විදුලි ජනන යන්ත්‍ර යොදා ගැනීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ නිවෙස්වල හානියට පත් විදුලි පරිපථ පද්ධති විදුලි බල මණ්ඩලය විසින්පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නොමිලේ මීටර ලබා දීමට කටයුතු කරනු ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
ජලයෙන් යටව ඇති උපපොලවල් ආසන්නයේ බෝට්ටු පැදීමෙන් වළකින ලෙසත් විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.