- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක්
BBC Sandeshaya පැය 2 කට පෙර
බත්තරමුල්ල ප්‍රදේශය සහ ඒ අවට පිහිටි ආණ්ඩුවේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව අද (මැයි 17) කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම තීරණය ගනු ලැබ තිබෙන්නේ පසුගිය 2016 නොවැම්බර් මාසයේ පටන් 2017 ජනවාරි මාසය තෙක් මාස තුනක කාල සීමාවක් ඇතුළත බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුවේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුවයි.
පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන පාවිච්චි කරන නිලධාරීන්ගෙන් 58% ක් පමණ පෙරවරු 7.00-9.30 අතර කාර්යාලයට පැමිණෙන අතර පස්වරු 3.00-5.30 ත් අතර ඔවුන් කාර්යාලවලින් පිටවීම සඳහා එම වාහන භාවිතා කර ඇති බව පෙනීගොස් ඇතිබව අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වෙයි.
එම තත්වය යටතේ පෙරවරු 7.30 සිට 9.30 දක්වා ඕනෑම වෙලාවක කාර්යාලයට වාර්තා කිරීමටත් රාජකාරි නිමවීමෙන් පසු පස්වරු 3.15 පටන් 5.00 දක්වා ඕනෑම වේලාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකිවෙන පරිදි සැලසුම් කිරීම එම නියමු ව්‍යාපෘතියේ ඉලක්කයයි.
ඒ අතරම මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ස්වාධීන් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වා ගෙනයාම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Image caption කැබිනට් දිව්රුම් දීමක්
දිළිඳුකම පිටුදැකීම පිලිබඳ (BIMSTEC) අමාත්‍ය සමුළුවේ තුන්වෙනි සැසිය මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලද බව නිවේදනය කෙරිණ.
1997 වසරේ දී දිළිඳුකම පිටුදැකීම පිළිබඳ (BIMSTEC) අමාත්‍ය සමුළුව පිහිටුවා ගනු ලැබුනේ බංග්ලාදේශය,භූතානය,නේපාලය ,ඉන්දියාව ,මියන්මාරය සහ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙනි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් මගින් අධ්‍යයනය කරනු ලැබ ඇති අතර මැතිවරණ කොමිසන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කරුණුද සැලකිල්ලට ගනිමින් අවසන් කෙටුම්පත සකස් කර ඇති බවත් කැබිනට් පත්‍රිකාවේ දැක්වෙයි.
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22