- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ට්‍රම්ප්: "මම කිම් ජොන්ග් අන් හමුවෙනවා"
BBC Sandeshaya 2017 මැයි 1
"ඔහු හමුවීම සුදුසු ආකාරයට සිදුවන්නේ නම්, මම නිසැකවම හමුවෙනවා. එය මට ගෞරවයක් වේවි"
උතුරු කොරියානු නායකයා හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේනම් එය තමන්ට "ගෞරවයක්" වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
"ඔහු හමුවීම සුදුසු ආකාරයට සිදුවන්නේ නම්, මම නිසැකවම හමුවෙනවා. එය මට ගෞරවයක් වේවි." යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් බ්ලූම්බර්ග් පුවත් සේවයට පැවසීය.
එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ දෙරට අතර උණුසුම් තත්වයක් හටගෙන තිබියදී ය.
කොන්දේසි
මෙම ප්‍රකාශය පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් ධවල මන්දිරය කියා සිටියේ නායකයන් දෙදෙනාගේ හමුවකට පෙර උතුරු කොරියාව බොහෝ කොන්දේසිවලට එකඟ වියයුතු බවය.
උතුරු කොරියාවේ ප්රකෝපකාරී හැසිරීම් වහා නතර කරනු දැකීම වොෂින්ටනයේ අවශ්‍යතාව බව ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසීය.
පළමු න්‍යෂ්ටික ප්‍රහාරය
Image copyright Reuters
Image caption කිම් ජොන්ග් අන්
නමුත් උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියේ තමන්ට ප්‍රහාරයක් එල්ලවීමට පෙර තමන් පළමු න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල කරන බවය.
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහිව ගෙන යමින් පවතින එදිරිවාදී පිළිවෙතින් බැහැර නොවී ඔවුන් විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට ප්‍රතිචාරය දැක්වීමට තමරට සූදානම් බව 'ප්යෝන්ග්යෑන්ග්' විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන නවතා දමන ලෙස ඇමරිකාව ඇතුළු රටවල් දිගින් දිගටම උතුරු කොරියාවට බලපෑම් එල්ල කරන අතර ප්යොංයැං පාලනය විසින් ඊයේ (අප්‍රේල් 30) තවත් මිසයිලයක් අත්හදා බලනු ලැබීය.