- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 'ක්‍රියාත්මකයි'
BBC Sandeshaya පැයකට පෙර
Image copyright AFP/getty images
මතභේදයට තුඩු දී තිබෙන සිය තාඩ් මිසයිල ආරක්ෂක පද්ධතිය දැන් දකුණු කොරියාවේ ක්‍රියාත්මකවන බව ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක හමුදාව පවසයි.
උතුරු කොරියාවේ මිසයිල ප්‍රහාරයක් නැවැත්වීමට එම ආරක්ෂක පද්ධතියට හැකියාව තිබෙන නමුත් එය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇත.
ඇමෙරිකානු යුද නෞකා සමූහයක් සහ සබ්මැරීනයක් කලාපයේ රඳවා තිබීම සහ ප්‍රහාර එල්ල කරන බවට දිගින් දිගටම උතුරු කොරියාව කරන තර්ජන හමුවේ කලාපයේ උණුසුම ඉහලයමින් පවතී.
එක්සත් ජනපදයේ අලුත්ම යුද අභ්‍යාස පිළිබඳව කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් පළ කළ උතුරු කොරියාව, න්‍යෂ්ඨික යුද්ධයක අත වනන බවට ඇමෙරිකාවට චෝදනා කළේය.
දෙපාර්ශවය අතර යළිත් වරක් උණුසුම උත්සන්නවෙමින් පවතින්නේ, සුදුසු ආකාරයට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් හමුවීමට අවස්ථාව ලැබෙන්නේ නම් එය "ගෞරවයක්" ලෙසින් සලකන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකිරීමෙන් දිනකක්ට පසුවය.
මිසයිල ආරක්ෂණ පද්ධතිය හේතුවෙන් ෂෙඔන්ජු පළාත උතුරු කොරියාවේ ඉලක්කයක් විය හැකි බැවින් එමගින් සිය ජීවිතවලට තර්ජනයක් එල්ලවන බව ප්‍රදේශවාසීහු විශ්වාස කරති
තාඩ් ආරක්ෂණ පද්ධතිය මේ වසර අගභාගය දක්වා ක්‍රියාත්මක නොකෙරෙනු ඇතැයි මුලදී අපේක්ෂා කෙරුණ නමුත්, දින කිහිපයක් ඇතුලත එය ක්‍රියාත්මක කරන බව ඇමෙරිකානු බලධාරීහු පසුගිය සතියේ නිවේදනය කළහ.
දකුණු කොරියාවේ මධ්‍යම ෂෙඔන්ජු (Seongju) පළාතේ තාඩ් (Thaad - Terminal High-Altitude Area Defense system) පද්ධතිය සවිකරනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගේ ප්‍රබල විරෝධය මධ්‍යයේය.
එය පිහිටුවීම නිසා ෂෙඔන්ජු පළාත උතුරු කොරියාවේ ඉලක්කයක් විය හැකි බැවින් එමගින් සිය ජීවිතවලට තර්ජනයක් එල්ලවන බව ඔවුහු විශ්වාස කරති.
චීනයද එයට සිය විරෝධය පළ කර තිබේ.
තාඩ් පද්ධතියේ රේඩාර් පරාසය සිය හමුදා මෙහෙයුම්වලට බාධාවක් විය හැකි බව චීන බලධාරීහු සැක පහල කරති.
මෑත සති කිහිපය ඇතුළත අසාර්ථක මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදු කළ උතුරු කොරියාව, ඕනෑම මොහොතක සිය හය වෙනි න්‍යෂ්ඨික අත්හදාබැලීම සඳහා සූදානම් බවටත් තර්ජනය කරයි.
'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද ?
කෙටි හා මැදි දුර මිසයිල පියාසර ගමනේ අවසන් අදියරට පැමිණෙද්දී ඉලක්කයට ළඟාවීමට පෙර බිම හෙලීම
ඉදිරියට එන යුද ශීර්ෂය චාලක බලයෙන් විනාශ කරයි
කි.මී. 200ක දුරක් විදිය හැකි අතර කි.මී.150ක උසකට ළඟාවිය හැකිය.
උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි තර්ජන සළකා ගුවාම් සහ හවායි හි මීට පෙර ඇමෙරිකාව විසින් ස්ථානගත කරන ලදී.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 'ක්‍රියාත්මකයි'
පැය 4 කට පෙර
බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ මෙය බෙදාගන්න Facebook මෙය බෙදාගන්න Twitter මෙය බෙදාගන්න Messenger මෙය බෙදාගන්න ඊමේල් යවන්න
තාඩ් පද්ධතියේ ඉලක්කය ගුවනේ දී සතුරු මිසයිල විනාශ කර දැමීමයි
Image caption
තාඩ් පද්ධතියේ ඉලක්කය ගුවනේ දී සතුරු මිසයිල විනාශ කර දැමීමයි
දකුණු කොරියාවේ ස්ථානගත කරන ලද මතභේදයට තුඩු දී ඇති 'තාඩ්'(THAAD) ඇමෙරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම වහාම අත්හිටුවන මෙන් චීනය ඉල්ලා සිටියි.
චීනය එම ඉල්ලීම කළේ මිසයිල වාරණ 'තාඩ්' ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරුණ බව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුවයි.
'තාඩ්' ව්‍යාපෘතිය සහ ඊට සම්බන්ධ බලවත් රේඩාර් පද්ධතියට එරෙහිව චීනය දිගින් දිගටම සිය විරෝධය පළ කරයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සිය අභිලාෂයන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගැනීමේ දී චීනය නොසැලී ක්‍රියාකරන බව කියා සිටියේය.
ඇමෙරිකාව, ද. කොරියාවට 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතිය යොමු කරයි
තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 'ක්‍රියාත්මකයි'
තාඩ් එරෙහි මහජන විරෝධය
Image caption
තාඩ් එරෙහි මහජන විරෝධය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මුණ ගැසීමට මනාපය පළ කරනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ඇති එකම විසඳුම් මාවත සංවාදය පමණක්ය යන්න බේජිං පාලනයේ දිගුකාලීන විශ්වාසය වන බවත් අවධාරණය කළේය.
http://www.bbc.com/sinhala/world-39782431
- සිලෝන් ලෙදර් ප්රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි
- කොටස් වෙළෙඳපොළට ප්‍රාග්ධන බදු නැහැ – නව බදු අයකිරීම් 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මකයි
- ජපානයට ඉහළින් මිසයිල විදීම ගැන උතුරු කොරියාව
- උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්"
- ලෝකෙ ඕනෑම තැනකට විදින්න පුළුවන් මිසයිල අපි ලඟ - පූතින්