- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඇමරිකානු නෞකා සහායට ජපාන යුද නැවක්
BBC Sandeshaya මිනිත්තු 42 පෙර
Image copyright Reuters TV
Image caption 'ඉසුමෝ' යුද නෞකාව යෝකොසුකා වරායෙන් පිටත්වන ආකාරය ජපාන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි
ඇමරිකානු නාවික හමුදාවට අයත් සැපයුම් නෞකාවක ආරක්ෂාව සඳහා ජපානය විසින් සිය විශාලතම යුද නෞකාව යොදවනු ලැබීය.
විදේශීය හමුදා නෞකාවක් ආරක්ෂා කිරීම සඳහා දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය විසින් සිය යුද නෞකාවක් යොදවනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.
'ඉසුමෝ' හෙලිකොප්ටර් ප්‍රවාහන නෞකාව බටහිර ශාන්තිකර සාගරයේ ජපාන මුහුදු සීමාව තුළ යාත්‍රා කරමින් ඇමරිකානු සැපයුම් නෞකාවට ආරක්ෂාව ලබාදෙයි.
'USS කාල් වින්සන්' ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු කලාපයේ යොදවා ඇති සෙසු ඇමරිකානු නාවික කණ්ඩායම් වෙත ඉන්ධන රැගෙන සැපයුම් නෞකාව යාත්‍රා කරමින් සිටී.
කලාපයේ ඉහළ යමින් පවතින උණුසුම මාධ්‍යයේ ඇමරිකානු නාවික හමුදාවට අයත් 'කාල් වින්සන්' නෞකාව සහ සබ්මැරීනයක් ගිල්වා දමන බවට උතුරු කොරියාව පසුගියදා තර්ජනය කර තිබිණි.
උතුරු කොරියාව සහ ජපානය
න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන නවතා දමන ලෙස ඇමරිකාව ඇතුළු රටවල් දිගින් දිගටම උතුරු කොරියාවට බලපෑම් එල්ල කරන අතර ප්යොංයැං පාලනය විසින් ඊයේ (අප්‍රේල් 30) තවත් මිසයිලයක් අත්හදා බලනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් ජපාන අගමැති ෂින්සෝ අබේ සිය අප්‍රසාදය පළ කළ අතර ඇමරිකාව සහ දකුණු කොරියාව කියා සිටියේ එම මිසයිල අත්හදා බැලීම අසාර්ථක වී ඇති බවය.
ජපාන නාවික හමුදාවේ 'අභිමානය'
දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති කර ගෙන තිබූ ව්‍යවස්ථාවට අනුව ජපාන යුධ හමුදාවට සන්නද්ධ බලය යොදා ගත හැකිව තිබුණේ තම රටට අනතුරක් සිදු වන අවස්ථාවකදී පමණි.
ඇමරිකාව ප්‍රමුඛ තම මිත්‍ර පාර්ශවයේ රටකට හමුදා සහාය ලබාදිය හැකි පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජපානය කටයුතු කළ අතර ඊට අදාළ නව ආරක්ෂක නීති පසුගිය වසරේ සිට ක්‍රියාත්මක විය.
ටෝකියෝ නුවර සිටින බීබීසී වාර්තාකරු රූපර්ට් හේයිස් කියා සිටියේ 'ඉසුමෝ' යුද නෞකාව ජපාන නාවික හමුදාවේ අභිමානය ලෙස හැඳින්විය හැකි බවය.
මීටර 249 ක් දිගින් යුත් නෞකාවට හෙලිකොප්ටර් නවයක් රැගෙන යාත්‍රා කළ හැක.