- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
අලියාගේ කල හොඳ වේ
පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවි කරනු ලබන මෙරට මුල් පෙළේ සමාගමක් වන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හෙවත් එලිෆන්ට් හවුස් සමාගම 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා රුපියල් මිලියන 823.7 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මෙය සියයට 26 ක වර්ධනයකි.
මේ අතර ගෙවී ගිය කාර්තුවේ දී සමාගමේ ආදායම ද රුපියල් බිලියන 11.3 දක්වා සියයට 29 කින් වර්ධනය වී තිබේ.
මේ අතර 2016 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 2.7 ක ශුද්ධ ලාභයක් ලබා තිබෙන අතර එය පූර්ව මූල්‍ය වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 43 ක ඉහළ යාමකි.
සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ විකුණුම් ආදායම 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී රුපියල් බිලියන 11.2 ක් ලෙසින් සටහන් වන අතර මාස 09 ක කාලපර්ච්ඡේදය තුළ දී එම අගය රුපියල් මිලියන 32.4 ක් ලෙසින් සටහන් වේ. පිළිවෙලින් මෙය සියයට 29 ක හා සියයට 30 ක වර්ධනයකි.
සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ ප්‍රධාන නිෂ්පාදිත අතර රස වර්ග 18 කින් යුතු සිසිල් බීම සහ රස වර්ග 32 කින් යුතු අයිස්ක්‍රීම් අඩංගු වේ. මීට අමතරව සමාගමේ සිල්ලර වෙළෙඳ හස්තය වන Jaykay Marketing Services (Pvt) විසින් කීල්ස් සුපර් සිපිරි වෙළෙඳසැළ් සමූහයේ මෙහෙයුම් පවත්වා ගෙනයනු ලබයි.