- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ආසිරි සහ ඩුනාමිස් පිහිටෙන් කොටස් පිරිවැටුම ඉහළට
අද (31) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,132.68 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 7.86 ක පහළ යාමකි.
දිනය තුළ රුපියල් බිලියන 1.65 ක පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂ සිද්ධියක් වූ අතර ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 4 ක් ඊට අන්තර්ගත විය. මෙහිදී ආසිරි හොස්පිට්ල් හෝල්ඩිංග්ස් හි කොටස් 30,536,611 ක් රු. 25.50 බැගින් ගනුදෙනු වීම ඉහළම පිරිවැටුමක් වාර්තා වූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනුව වූ අතර ඉන් රුපියල් මිලියන 778.68 ක පිරිවැටුමක් වාර්තා වී තිබේ.
මීට අමතරව ඩුනාමිස් කැපිටල් පීඑල්සී සමාගමේ කොටස් 16,061,599 ක් රු. 25.00 බැගින් වූ ගනුදෙනුව හරහා රු. මිලියන 401.54 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හා කොමර්ෂල් බැංකු ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවලින් පිළිවෙලින් රු. මිලියන 167.83 ක් හා රු. මිලියන 48.14 ක් බැගින් වාර්තා විය.
- කොටස් වෙළෙඳපොළ සක්රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- ඩුනාමිස් කොටස් මිල 90% කින් ඉහළට. වැඩි අයිතිය ජනශක්ති අත්පත් කර ගනී
- සෝයා ගනුදෙනුවෙන් කොළඹ කොටස් පිරිවැටුම ඉහළට
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- කොටස් පිරිවැටුම බිලියන 5 ඉක්මවයි