- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට
යුනයිටඩ් මෝටර්ස් ලාභ සියයට 61 කින් බසී
මොටර් රථ වාහන සඳහා ක්‍රියාත්මක නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට මෙරට මෝටර් රථ වෙළෙඳ සමාගම්වල ලාභ බරපතළ ලෙස පහළ ගොස් ඇතැයි වාර්තා වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා අද දිනයේ (30) දී ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර 2015 සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ බදු ගෙවීමෙන් පසු ලාභය සියයට 61.4 කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙහිදී 2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 513.12 ක ලාභය 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී රුපියල් මිලියන 198.1 ක් දක්වා අඩු වී තිබේ. තවද සමාගම විසින් 2016/17 මූල්‍ය වර්ෂයේ පළමු මාස 09 සඳහා වාර්තා කරන ලද ලාභය රුපියල් මිලියන 1,249.62 සිට රුපියල් මිලියන 685.52 ක් දක්වා සියයට 45.1 ක පරිහානියක් පෙන්නුම් කර තිබේ.
ගෙවීගිය කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් මිලියන 2,554.71 ක් ලෙසින් වාර්තා වන අතර එය පූර්ව වර්ෂයේ සමාලෝචිත කාර්තුවේ අදායම් අගය වූ රුපියල් මිලියන 3,328.17 හා සැසඳීමේ දී සියයට 23.2 ක පහළ යාමකි.
මේ අතර රථ වාහන ආනයන වියදම 2016 පළමු මාස 09 තුළ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,030.9 සිට ඩොලර් මිලියන 607.9 දක්වා සියයට 41 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා අනාවරණය කරන ලදී. තවද 2016 සැප්තැම්බර් මාසයේ රථ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 126.2 සිට ඩොලර් මිලියන 60.8 දක්වා සියයට 51.9 කින් පහළ ගොස් ඇත.
2016 අයවැය යෝජනාවලට අනුව වාහන ආනයනය සඳහා එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු පැනවීමේ ක්‍රමයක් හඳුන්වා දුන් අතර මෙම නිෂ්පාදන විශේෂ විධි විධාන බද්ද යටතේ ආනයනික මෝටර් රථ සඳහා වන නිෂ්පාදන බදුවල ඉහළ යාමක් සිදු වී තිබෙන බව වාහන ආනයනකරුවන් විසින් තහවුරු කරන ලදී.