- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ලංකා කොමඩිටි හා සිලෝන් ටී තේ බ්‍රෝකර්ලාගේ ලයිසන් කෑන්සල් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ තැරැව්කාර සමාගම් දෙකක් වන ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස් (Lanka Commodity Brokers) හා සිලෝන් ටී බ්‍රෝකර්ස් (Ceylon Tea Brokers) යන සමාගම්වලට එරෙහිව තේ මණ්ඩලයේ පරීක්ෂණයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස් (Lanka Commodity Brokers) සමාගම, අක්බාර් බ්‍රදර්ස් සමාගමට අයත් සමාගමකි.
අදාළ, සමාගම සිය වතුවලින් තොරව වෙළෙඳ පොළේ ඇති බාල තේ රැගෙන ඒවා අපනයනය කිරීම යන චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන අතර සිලෝන් ටී බ්‍රෝකර්ස් (Ceylon Tea Brokers) සමාගමට එල්ලවී ඇත්තේද ඒ හා සමාන චෝදනාවක් බව වාර්තා වේ.
සිලෝන් ටී බ්‍රෝකර්ස් (Ceylon Tea Brokers) සමාගම අජිත් ප්‍රනාන්දු මහතාට අයත් සමාගමකි.