- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මාස 11 ක දී කොළඹ කොටස් කෙරුවාව මෙන්න
2016 වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය 2016 නොවැම්බර් 30 වන දා විට සටහන් වූයේ ඒකක 6,241.10 ක් ලෙසිනි. මෙය 9.48% ක කොටස් වෙළෙඳපොළ කඩාවැටීමක් ලෙසින් හැඳින්වුවහොත් නිවැරදිය. ඒ අනුව 2016 මුල් මාස 11 තුළ දී ඒකක 653.4 ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකය අනුව වාර්තා වේ.
මේ අතර නොවැම්බර් 29 වන දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,231.87 ක් ලෙසින් වාර්තා වූ අතර මෙය පසුගිය අප්‍රේල් 07 වන දිනෙන් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගල ලෙසින් වාර්තා වේ.
මේ වන විට කොටස් වෙළෙඳපොළ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 700 සීමාවෙන් මෙපිටට පැමිණ තිබෙන අතර නොවැම්බර් 30 වන දින වන විට සාමාන්‍ය පිරිවැටුම දැක්වෙන්නේ රුපියල් මිලියන 694.6 ක් ලෙසිනි. මෙය පසුගිය වසර 5 ක කාලය තුළ වාර්ෂිකව රුපියල් බිලියනය සීමාව ඉක්වා ගොස් තිබිණි.
විදෙස් ආයෝජකයින්ගේ නිශ්ශබ්දතාවය කොටස් වෙළෙඳපොළේ පිරිවැටුම පහළ යාමට බලපෑමක් සිදුකර ඇතත්, කොටස් තැරැව්කරුවන් පවසන පරිදි දේශීය අරමුදල් හා මහාපරිමාණ ආයෝජකයින් කොටස් වෙළෙඳපොළෙන් ඈත් වී සිටීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පැවසේ. මේ අතර අද දෙරණ කළ විමසීමක දී නියෝජ්‍ය මහ බැංකු අධිපති එස්. ලංකාතිලක මහතා කියා සිටියේ පවතින අවිනිශ්චිත වෙළෙඳපොළ තත්ත්වය මත මේ වන විට සේවක අර්ථසාධක අරමුදල (EPF) වැනි මහජන අරමුදල් කොටස් ආයෝජනයෙන් තරමක් ඈත් වී සිටින බවයි. මේ වන විට 2016 වසර තුළ විදේශීය ආයෝජකයින් වෙතින් ශුද්ධ ගලා යාමක් සටහන් වන අතර එය රුපියල් බිලියන 1.68 ක ශුද්ධ විකුණුම් වටිනාකමකි.
මේ අතර අද දෙරණ කළ විමසීමක දී කොටස් තැරැව්කරුවකු කියා සිටියේ, ගෙවී ගිය මූල්‍ය කාර්තුව තුළ දී සමස්තයක් ලෙසින් ගත් කළ සමාගම් ඉහළ කාර්ය සාධනයක් වාර්තා කර ඇතත්, පවතින වෙළෙඳපොළ තත්ත්වය හමුවේ එය කොටස් වෙළෙඳපොළෙන් නිරූපණය නොවන බවයි.
2016 නොවැම්බර් අවසානය දක්වා සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීම පහත දැක්වේ.
http://biz.adaderana.lk/