- Future123Active Member
- Posts : 1435
Join date : 2014-04-09
පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී
මේ අනුව ගිය වසර (2015) අගදී පැවැති රු. බිලියන 8503.2 ක මුළු රාජ්‍ය ණය ප්‍රමාණය මේ වසරේ (2016) ජුලි මස අගදී රු. බිලියන 9382 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
මෙසේ රාජ්‍ය ණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ දේශීය ණය ගැනීම් වැඩිවීම 2016 ජුනි මස නිකුත් කරන ලද විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම, 2016 ජුලි මස නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සහ එම මාස හතක කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්ෂව පිරිහීමට ලක් වීම යන කරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මේ මුළු ණය වැඩිවීමෙන් දේශීය ණය ප්‍රමාණය වැඩිවීම රු. කෝටි 50120 ක් සහ විදේශ ණය ප්‍රමාණය වැඩිවීම රු. කෝටි 37750 ක් ද වන බව මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ තවදුරටත් දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.colombotoday.com/25027-225/
- වත්මන් රජය යටතේ 19.71% කින් රුපියල අවප්‍රමාණය වෙලා
- කොළඹ කොටස් අදත් 100 කින් පල්ලම් බසී. 2016 සති දෙකට 6.5% කින් පහළට
- කොළඹ කොටස් 32 කින් බසිද්දී ජෝන් කීල්ස් Warrant 64% කින් බසී
- 2020 පෙබරවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 17.7%කින් පහළට. චීනුන් 92%කින් අඩුවෙලා
- අර්ථසාධකේ ආයෝජන ආදායම 15% කින් වැඩිවෙද්දී ලාභාංශ ආදායම 30% කින් අඩුවෙලා