- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි
Carson සමූහයට අයත් සමාගමක් වන EQUITY ONE PLC හි කොටස් හිමිකාරීත්වයෙන් 96.27% කට හිමිකම් කියනු ලබන්නේ Carson Cumberbatch PLC විසිනි.
කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වලට සිය සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනයෙන් අවම වශයෙන් 20% ක ප්‍රමාණයක් මහජන පංගුවක් (Public float) ලෙස නඩත්තු කළ යුතු බවට නියමයක් පැනවීමත් සමඟම සමාගම් කිහිපයක්ම කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීමෙන් ඉවත් වීමට කටයුතු කරනු ලැබීය. EQUITY ONE PLC සමාගම ද එවැන්නකි. 2016 ජූනි 30 වන දින වන විට EQUITY ONE PLC සමාගමෙන් අවම මහජන පංගුව (Minimum public float) දැක්වුණේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 3.72% ක් ලෙසිනි.
මෙලෙස කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ ක්‍රියාවලයේ දී සමාගමේ සුළුපරිමාණ කොටස් හිමියන්ගේ කොටස් නැවත වරක් මිල දී ගැනීමට EQUITY ONE PLC හි ප්‍රමුඛ කොටස්කරුවා වූ Carson Cumberbatch PLC පියවර ගත් අතර ඒ වෙනුවෙන් එක් කොටසක් සඳහා රු. 77.50 බැගින් ගෙවීමට ඔවුන් එකඟ වී තිබිණි.
http://biz.adaderana.lk/
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12