- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට
මේ අනුව වර්තමානයේ දී සියලු ප්‍රාථමික අලෙවිකරුවන් සහ වාණිජ බැංකු සිය ගනුදෙනුකරුවන් සමඟ සිදුකරනු ලබන රුපියල් මිලියන 50 හෝ ඊට වැඩි සෑම ගනුදෙනුවක්ම පද්ධතිය වෙත මිනිත්තු 30 ක් ඇතුළත වාර්තා කළ යුතුවේ.
මෙම තොරතුරු උපයෝගී කර ගනිමින් පසු දිනයේ දී ඵලදා හා පරිමාව පිළිබඳ දත්ත අනාවරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත. මෙකී ක්‍රියාවලිය ආරම්භ වූ පසුගිය අගෝස්තු 01 වැනි දින සිට සැප්තැම්බර් 15 දක්වාදින 32 ක ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ දී සම්පූර්ණ ගනුදෙනු 1,816 ක් සිදුවී තිබෙන අතර මේවායේ වටිනාකම රුපියල් බිලියන 218.7 ක් ලෙසින් හඳුනාගෙන ඇත. මෙම ගනුදෙනුවලින් බහුතරයක් රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් වේ. මධ්‍යහ්නයේ දී හා ගනුදෙනු අවසානයේ දී වශයෙන් දිනකට දෙවරක් මෙවැනි තොරතුරු නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත.
http://biz.adaderana.lk/