- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට
මෙහිදී නිරීක්ෂණය කළ හැකි වූ විශේෂ තත්ත්වයක් වූයේ විදුලිබල හා බලශක්ති කාණ්ඩයට අයත් සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් පහළ ගොස් තිබීමයි.
මෙහිදී කැපී පෙනුණු සිදුවීම වූයේ ලංකා IOC සමාගමේ කොටස් මිල, පෙර දිනයට සාපේක්ෂව 8.59% කින් පහළ බැසීමයි. මෙහිදී කොටස් මිලියන 4.3 ක් ගනුදෙනු වී තිබුණු අතර රුපියල් මිලියන 170 ක පිරිවැටුමක් ලංකා IOC කොටස් ගනුදෙනු තුළින් ජනනය වී තිබිණි.
මේ අතර බ්‍රවුන්ස් හයිඩ්‍රොපවර් සමාගමේ කොටස් මිල 2.86% කින් ද, ලාෆ්ස් ගෑස් – ඡන්ද බලය හිමි කොටසක් 0.80% ක් හා ලාෆ්ස් ගෑස් – ඡන්ද බලය අහිමි කොටසක් 1.90% කින් ද සහ වැලිබල් පවර් කොටසක් 1.08% කින් පහළ ගොස් තිබිණි.
මේ සම්බන්ධයෙන් අද (26) දින පස්වරු 12.03 ට පමණ ගත් දත්ත සටහනක් පහත දැක්වේ.
http://biz.adaderana.lk/