- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
'කර්මාන්තශාලාවල රැකියා පුරප්පාඩු 150,000ක්'
'කර්මාන්තශාලාවල රැකියා පුරප්පාඩු 150,000ක්'
2016 අගෝස්තු 22 BBC Sandeshaya
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලාවල රැකියා පුරප්පාඩු 150,000 ක් පමණ තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය පවසයි.
සියළු පහසුකම් සහිතව රුපියල් 30,000 කට වැඩි ආදායමක් ලබාගැනීමට හැකි වුවත් තරුණ තරුණියන් එම රැකියා අවස්ථා සඳහා යොමු නොවීම හේතුවෙන් ප්‍රශ්නය දැන් උග්‍ර තත්වයකට පත්ව ඇති බවත් නීතිඥ උපුල් ජයසූරිය බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.
"නිදහස් වෙළඳ කලාප තියෙනවා 12ක්, ආයෝජන මණ්ඩලය හරහා කළමනාකරණය වන. ඒකෙන් 15% ඒ කියන්නේ කර්මාන්තශාලා 300ක් විතර තියෙනවා අපත් සමග ගිවිසුම් ගත වෙලා ක්‍රියාත්මක වන. ඒ කර්මාන්තශාලාවල පමණක් 20,000 කට වඩා ඇබෑර්තු තියෙනවා," ඔහු පැවසීය.
"ඊට අමතරව ඉතුරු 85% ක් වන කර්මාන්තශාලාවල අඩු ගානේ ලක්ෂ එකහමාරක් විතර ඇබෑර්තු තියෙනවා."
මෙම ඇබෑර්තු පිළිබඳ රට පුරා තරුණ තරුණියක් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මෙන්ම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රැකියා අවශ්‍ය තරුණ තරුණියන් මෙම පුරප්පාඩු සඳහා යොමු කරන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා දැනුවත් කර තිබෙන බවද ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.
"ඒත් උනන්දුව අඩුයි. විශේෂයෙන් තරුණයෝ ත්‍රිවිල් පැදීමට යොමු වීම එක ගැටලුවක්. මාසෙකට ත්‍රීවීල් 5,000 ක් පමණ එකතු වෙනවා. ඉන්න අයගේ ආදායමත් අඩු වෙනවා. ලක්ෂ 10 ක පමණ පිරිසක් ත්‍රීවීල් හරහා එන ආදායමෙන් ජීවත්වෙන්න තීරණයක් අරන් තියෙනවා. ජිවත්වෙනවා කියල කියන්න අමාරුයි. අපි ලොකු ආකල්පමය වෙනසක් සිදු කල යුතු වෙනවා."
තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ආයෝජන මණ්ඩලය සමග සම්බන්ධ වෙන ලෙසයි ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා සිටියේ.
නව ආණ්ඩුව පැමිණීමත් සමග මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1600 ක ආයෝජන ගිවිසුම් සඳහා අත්සන් තබා ඇති බව පැවසූ ඔහු ඉදිරි වසර කිහිපයේදී ඒවා ක්‍රියාත්මක වනු ඇති බවයි කියා සිටියේ.