- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
රොසෙල් ඕස්ට්‍රේලියාවට
මෙරට ප්‍රමුඛතම ටයිල් හා සනීපාරක්ෂක උපාංග නිෂ්පාදකයෙකු වන රොසෙල්, සිය ජාත්‍යන්තර ප්‍රවේශය තවදුරටත් සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්හනාගාරයක් විවෘත කරන ලදී. පසුගිය අගෝස්තු 11 වන දින ඕස්ට්‍රේලියාවේ Mitcham හි Whitehorse පාරේ දී වර්ග මීටර 1,000 ක වපසරියකින් යුතු මෙම දැවැන්ත ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝයල් සෙරමික් ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ නිමල් පෙරේරා මෙසේ පැවසීය. “මෙය රොසෙල් හි වැදගත් සංදිස්ථානයක්. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අපගේ ව්‍යාප්තිය තවදුරටත් සනිටුහන් වූ අවස්ථාවකි මෙය. ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් රොසෙල් වෙත ඔවුන්ගේ විශ්වාසය තබනු බවට අපට විශ්වාසයි.
රෝයල් සෙරමික් සමාගම පසුගිය 2016 ජූනි 30 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් රුපියල් මිලියන 340 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය පූර්ව වර්ෂයේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී 157% ක වර්ධනයකි.