- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට
ලංකා දුම්කොළ සමාගම 2016 ජූනි 30 න් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය වෙනුවෙන් රුපියල් බිලියන 49 ක බදු මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවා ඇති බව නිවේදනය කර සිටී. මෙය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 12% ක වර්ධනයකි.
මෙහිදී සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ නීති විරෝධී දුම්වැටි හා බීඩි වැනි රජයේ නියාමනයට යටත් නොවන හා අඩු බදු අයකරනු ලබන නිෂ්පාදිත නිසා මෙම කර්මාන්තය තුළින් රජයට ලැබිය යුතු බදු ආදායමේ විශාල කොටසක් මඟ හැරී ඇති බවයි. පසුගිය කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 88 ක වටිනාකමකින් යුතු නීති විරෝධී දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇති ලංකා දුම්කොළ සමාගම මෙහිදී වැඩිදුරටත් කියා සිටී.
2016 ජූනි 30 න් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය තුළ දී ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලියන 6.11 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ. මේ අතර 2016 අගෝස්තු 30 වන දින වන විට ලංකා දුම්කොළ සමාගමේ එක් කොටසක් සඳහා රු. 16.70 ක අතුරු ලාභාංහයක් ගෙවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
- 2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි
- මිලියන 800 ක හිමිකම් නිකුතුවක් කොටගල වැවිලි සමාගමෙන්
- ගෑස් ඔයිල් – ඩීසල් සඳහා රු. 13 ක නිෂ්පාදන බද්දක්
- ප්රාග්ධනය වෙනුවෙන් බද්දක් පැනවීමට අප තීරණය කළා. එම බද්ද මේ වසරේ දී සම්මත කර ගන්නවා.
- ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට