- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
මාතර ගගේ ඉන්නා කිබුලිගේ පැටියා !
මේ කවිය නිර්මාණයවී ව්‍යවහාරයට එක්වී තිබෙන්නේ, ගම්පෙරළියේ එන මාතර හාමිනේලා, කයිසාරුවත්තේ මුහන්දිරම්ලාගේ කාලයේදී හෝ ඊටත් කලින් වන්නට ඇත. මෙම කාල වකවානුවේදී, මාතර පාලම පවා නොතිබුනා වන්නට ඇත. කෙසේ නමුත් ඒ කාලයේ මාතර ගගේ ඔරු පාරු විශාල වශයෙන් ගමන් කර ඇත්තේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යයක් ලෙසය. මොකද ඉතින් අදවගේ ලොරි, වෑන්, කාපට් පාරවල් එදා තිබුනේ නැහැනේ. මෙම කාලයේ එසේ ඔරු පාරු පදවන්නන් හට ආහාර පාන ලබාදෙන අවන්හලක් නොහොත් බත් කඩයක් පවත්වාගෙන ගිය ගැහැණියක් මාතර ගග ආශ්‍රිතව ජීවත්වී ඇත. තරමක ගණන්කාර අම්මන්ඩියක් වූ ඇයව, ඔරු ,පාරු කරුවන් මෙන්ම ගමේ ගොඩේ පිරිස හදුන්වන ලද්දේ කිබුලි'' යන අන්වර්ථ නාමයෙනි (ඇය නැති තැන්වල). ඇය විසින් පවත්වාගෙන යන ලදැයි කියන ගිනිපොලී ජාවාරම හේතුවෙන් මෙම නම පටබැදුනා විය හැක.
කිබුලිට පුතෙක් සිට ඇති අතර ඔහු උස් මහත් වෙද්දී ප්‍රදේශයේ ගණන්කාරයා නොහොත් චණ්ඩියා බවට පත්වී ඇත. මෙම කිබුලිගේ පුතාගේ තල්ල ආශ්‍රිතව තිබු සුදුකබර හා ගෙල ප්‍රදේශයේ අලුහම් ඔහුගේ අනන්‍යතාවය පිළිබද සාධකයන් බවට පත්විණි. මෙම තැනැත්තා මාතර ගගේ නොහොත් නිල්වලා ගගේ යන එන ඔරු, පාරු වලින් බලහත්කාරයෙන් කප්පම් ලබාගැනීම ජාවාරමක් ලෙස සිදුකර ඇති අතර අසරණ තොටියන්ටද විකල්පයක් තිබී නැත. මෙසේ මොහුගේ තාඩන පීඩනයන්ට ලක්වන තොටියන්ගේ දුක්ගැනවිල්ලක් ව්‍යංගාර්තයක් සහිත පාරු කවියකින් මෙසේ ජනවහරට එක්විය.
"මාතර ගගේ ඉන්නා කිබුලිගේ පැටියා" : - කිබුලිගේ පුතා
"තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා" : - ඔහුගේ අනන්‍යතාවය පවසන සුදු කබර හා අලුහම් ගැන මෙම පේලියෙන් පවසා ඇත
"යන එන ඔරු පාරු නවතාගෙන සිටියා": - කිබුලිගේ පැටියාගේ කප්පම් ව්‍යාපාරය පිළිබද ඉගියක් මෙම පේලියෙන් ප්‍රකාශවේ.
"මිනී නොකයි මාතර කිබුලිගේ පැටියා":- මෙම කවියෙන් කියවෙන්නේ, ඇත්ත කිබුලෙක් ගැන නොවන බව දැක්වීමට මෙම පේලිය යොදාගෙන ඇත
නොදන්නා අයගේ දැන ගැනීම වෙනුවෙන් share කරන්න. මේ පිළිබද වැඩි විස්තර දන්නා අය ඉන්නවා නම් හෝ මගහැරුණු තැන් ඇත්නම් comment කරන්න.
-ඔත්තුකරු -
From FB.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga