- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය;
·
චිංචි මානවිකාවන්ගේ ගරිල්ලා ප්‍රහාරය;
කුලියාපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි තනතුරෙන් මා ඉවත් කිරීම් සඳහා හෙද සංගමය තම මුළු වැර යොදා කුරුණෑගල පළාත් සෞඛ්‍ය ඇමති වරයා ඉදිරියේ මට එරෙහිව පැවැත් වූ අපුරු නඩු විභාගයෙන් පරාජයට පත් වීමෙන් පසුව මා සමග සමාදානයෙන් වැඩ කිරීමට එකඟ උනේ බලවත් අකමැත්තෙන්. කැලෑ නීතිය වෙනුවට මම හෙද කාර්ය මණ්ඩලයේ පැමිණීම් සහ පිටවීම් ලේඛන පිළිගත් නීති රීති අනුව පවත්වාගෙන ගියා. රාතී‍්‍ර වාට්ටු නිරීක්ෂණ නොකඩවා කරගෙන ගියා. එක සෙනසුරාද දිනක මා රෝහලට යමින් සිටියදී මගේ කාර්යාලය ඉදිරිපස අසූචි පාර්සලයක් තබා ඇති බව මට පණිවිඩයක් ලැබුණා. තිබ්බ එකා හිතේ අසුචි තියෙන එකෙක් බැවින්ද මගේ හිත අපිරිසිදු කර ගැනීමට මා අකමැති හෙයින්ද මට එම දසුන ැකීමට අනවශ්‍ය බැවින්ද මා රෝහලට පැමිණීමට පෙර අදාළ ස්ථානය පිරිසිඳු කර එම සිදුවීම අමතක කර දමන ලෙස මම මගේ සේවකයන්ට දැනුම් දුන්නා.
සති දෙකකට පමණ පසු කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශයේ නිලධාරියෙක් මා හමුවට පැමිණ මට විරුද්ධව හෙද නිලධාරීන් විසින් සිදු කල පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම්ට අවශ්‍ය බව කියා සිටියා. එම නිලධාරියාට සියලු පහසුකම් සලසා දෙන ලෙස පරිපාලන නිලධාරිනියට පැවසු මා අවශ්‍ය ප්‍රකාශ ලබා ගෙන අවසන් වන තෙක් මගේ නිල නිවාසයට ගියේ එදින රාජකාරි වෛද්‍ය බාලසුරිය මහතාට පවරමින්. සවස 2 ට පමණ එම නිලධාරියා මගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව කියා ,අදාළ පෙත්සම කියවා බලන ලෙස කීවේය. ගැහැණුන්ගේ අඟ පසඟ මිරිකනවා ,අත ගානවා ආදී වශයෙන් ඉතා පහත් භාෂාවෙන් ලියා තිබු පෙත්සම උඩින් පල්ලෙන් කියවූ මා ,"ඉතින් මොනවද ඔබතුමා සොයා ගත්තේ " කියා අදාළ නිලධාරියාගෙන් අසා සිටියෙමි. විමර්ශන නිලධාරියා ලෙස සටහන් කරගත් දේවල් කියන්න බෑ. ඒත් රෝහලේ බහුතරයක් ඩොක්ටර්ගේ පරිපාලනයට කැමතියි. නර්ස්ලගේ හිරි ඔතප් බිඳින කතා මේ පෙත්සමේ තිබුනට එක නර්ස් කෙනෙක්වත් එහෙම දෙයක් සාක්ෂි වලදී කිව්වේ නැ. හැබැයි ඒ අය ඩොක්ටර්ට හරි බයයි. ඒ වැරදී කාරයන්ට සමාවක් නැති නිසා. මට කියන්න පුළුවන් එච්චරයි. දැන් ඩොක්ටර්ගේ ප්‍රකාශය මට දෙන්න. කියන්න කිසිවක් නැ කියලා ලියන්න. මම කිව්වා. ඩොක්ටර් තව අවුරුදු 2 ක් වත් මේ ඉස්පිරිතාලේ හිටියොත් තමයි හොඳ. එහෙම කියලා එම නිලධාරියා යන්න ගියා. පරීක්ෂනෙට මොනවා උනාද කියලා තවම දන්නේ නෑ. මම ලෝකේ කාල වතුර බීල තවත් ටිකක් බීපු එකෙක්. කිසි දවසක මම වෝඩ් රවුන්ඩ් තනියෙම යන්නේ නෑ . කිසිම කාමරයකට තනියෙම ඇතුල් වෙන්නේ නෑ. නෝ වුමන් ,නෝ මනි ,නෝ ඇල්කොහොල් , මගේ රුටින් පොලිසි එක. එහෙව් එකාගේ කොහේ හිරි ඔතප් කේස් හොයන්නද ඔය අප්පුහාමිලා.
මගේ එක ලිපියකට සරත් එරමිනිගම්මන නමැති අයෙක් "ගොන් පාට් ' ලෙස අදහස් දක්වා තිබුණා. ඉතා මයිත්‍රියෙන් මට ඔහුට කියන්න තියෙන්නේ මැතිදුනි, මම තනිවම සටන් කලේ මේ රටේ වෘතිය සමිති කල්ලි විසින් ගොන් පාට් දමමින් මේ රටේ අහිංසක මිනිසුන්ට දස වධ දෙන මාෆියාවට එරහිව බවයි. බහුතරය තෝරාගන්නේ ආරක්ෂාකාරී මුනිවත රැකීම වුවත් මම තෝරාගත්තේ මා නොදන්නා අහිංසක මහජනයා වෙනුවෙන් සටන් වැදීමයි. ඒ හැම සටනකින්ම මම ජයගත් බව ඔය ගොන් පාට් මහත්තයත් දැන ගත්තොත් හොඳයි. ගොන් පාට් කතා ඇහෙන කොට ලියන එක නවත්වන්නත් හිතෙනවා. එත් ගම්භාර දෙයියන්ටයි .කබැලාවේ දෙයියන්ට්යි මගේ ජීවිතේ භාර කරලා අතිශය දරුණු මානසික පීඩාවන් විඳිමින් මේ රටේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් මම කරපු කැපවීම මිස්සු දැනගන්නත් ඕනේ කියලා හිතෙන නිසා දිගටම ලියනවා.මේ කිසිම කථාවක් ප්‍රබන්ධයක් නොවන නිසා හොඳ දේවල් ඉගෙන ගනිල්ලා.මම ලියලා තියෙන්නේ බොරු නම් ඒකත් කියාපල්ලා. මට නැතිවෙන්න දෙයක් නෑ.අලුතෙන් හදා ගන්න දෙයකුත් නෑ. ජීවිතේ හැම දවසක්ම බෝනස්.