The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

2015 මූල්‍ය වසරේ කොමර්ෂල් බැංකුවට ශක්තිමත් ලාභ වර්ධනයක් Empty 2015 මූල්‍ය වසරේ කොමර්ෂල් බැංකුවට ශක්තිමත් ලාභ වර්ධනයක්

Fri Feb 26, 2016 1:22 pm
Message reputation : 100% (1 vote)
2015 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 17.144 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර ඇති අතර මෙම කාලයේදී බැංකුව ශ්‍රී ලංකාව තුළ මෙන්ම බංග්ලාදේශය තුළද සිය තත්ත්වය ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික ජාත්‍යන්තර බැංකුව බවට පත් වීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් විසින් සලකා බලන මාස 12 ක කාලය තුළදී සියළුම අංශවල ඉහළ ප්‍රගතියක් ලබාගනිමින් පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 8.94% කින් ශක්තිමත් ලෙස සිය බදු වලට පෙර ලාභය වර්ධනය කර ගැනීමට සමත්ව තිබීම මෙහිදී කැපී පෙනේ. පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව බැංකුව විසින් අඩු ලාභ පරාස, අඩු ප්‍රාග්ධන ප්‍රතිලාභ සහ ඉහළ බදු ගෙවීම් හමුවේ වුවද 2015 මූල්‍ය වසරේදී බදු වලට පසු ලාභය 6.47% කින් වර්ධනය කර ගනිමින් රුපියල් බිලියන 11.903 ක ශ=ද්ධ ලාභයක් වාර්තා කර තිබේ. සලකා බලන කාලයේදී මූල්‍ය අගය එකතුකිරීමේ බද්දට (Financial VAT) සහ ජාතිය ගොඩනැගීමේ බද්දට (NBT) පෙර බැංකුවේ ලාභය 8.73% කින් වර්ධනය වී තිඛෙන අතර එම ලාභය රුපියල් බිලියන 20.033 කි.

බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිඛෙන්නේ සලකා බලන මුදල් වසරේදී දළ ආදායම 7.03% කින් රුපියල් බිලියන 77.868 ක් දක්වාත් ශ=ද්ධ පොලී ආදායම 11.47% කින් රුපියල් බිලියන 30.346 ක් දක්වා පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව වර්ධනය වී තිඛෙන බවයි.

සලකා බලන වසරේ බොහෝ අංශවල ඉහළ කාර්ය සාධනය අතුරින් බැංකුවේ ණය පොතේ ඉතාමත් ශක්තිමත් වර්ධනය කැපී පෙනෙන අතර එය රුපියල් බිලියන 102.684 කින් හෙවත් 25.33% කින් රුපියල් බිලියන 508.115 ක් දක්වා වර්ධනය වී තිබේ. බැංකුවේ ණය පොත වසරක් තුළදී රුපියල් බිලියන 100 කට වඩා ශ=ද්ධ වර්ධනයක් ලබා තිඛෙන්නේ පළමු වතාවටයි.

මෙම කාලය තුළදී බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 84.195 කින් හෙවත් 10.58% කින් රුපියල් බිලියන 879.805 ක් දක්වා පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව වර්ධනය වී තිඛෙන අතර ගනුදෙනු කරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන 94.740 කින් වර්ධනය වී ඇත. මේ අනුව, ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සාමාන්‍ය වශයෙන් මාසයකදී රුපියල් බිලියන 7.9 කින් වර්ධනය වී තිඛෙන අතර 2015 වසර අවසන් වනවිට සමස්ත තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 624.102 ක්වී තිඛෙන්නේ පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 17.90% ක වර්ධනයක් ලබාගනිමිනි.

“අපි මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව සතුටු වන්නේ වෙනස් වන තත්ත්වයන් හමුවේ බැංකුවට ශ්‍රී ලංකාවේ සහ විදේශ වෙළඳ පොළේ සිය සළකුණ අඛණ්ඩව පතුරුවමින් වර්ධනය වීමට තිඛෙන හැකියාව මෙයින් මනාව පෙන්නුම් කරන නිසයි. එසේම, මෙහිදී කැපී පෙනෙන්නේ ලංකාවේ සමාජ ආර්ථීක ප්‍රගමනය වෙනුවෙන් බැංකුව කැපී පෙනෙන සාධකයක් ක්‍රියා කිරීමයි“, යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා සඳහන් කළේය.

බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා සඳහන් කළේ මියන්මාරය, මාලදිවයින සහ ඉතාලිය යන රටවල බැංකු මෙහෙයුම් කටයුතු කිරීමට 2015 වසරේදී කොමර්ෂල් බැංකුවට බලපත්‍ර හිමිවීම කැපී පෙනෙන බවත් ඒ තුළින් බැංකුවේ අනාගත වර්ධනයට ශක්තිමත් පදනමක් වැටී තිඛෙන බවයි. “සලකා බලන වසරේදී වඩාත් කැපී පෙනෙන අපගේ සීමාවන් පුළුල් කරන ජයග්‍රහණ වන්නේ මේවායි. මේවා තුළින් වර්ධනය වීමට නව අවස්ථාවන් ලැඛෙන අතරම දේශීය වෙළඳ පොළ තුළ අපගේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් වෙනවා“, යනුවෙන් ඔහු සඳහන් කළේය.

සලකා බලන මුදල් වසරේදී කොමර්ෂල් බැංකුවේ පොලී ආදායම 6.79% කින් රුපියල් බිලියන 66.031 ක් දක්වා වර්ධනය වී තිඛෙන අතර පොලී වියදම 3.11% කින් රුපියල් බිලියන 35.685 ක් දක්වා පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව වර්ධනය වී තිබේ. ජංගම ගිණුම් සහ ඉතිරිකිරීමේ ගිණුම් අනුපාතය (CASA) දියුණුවීම සහ වත්කම් සහ වගකීම් කාලීනව නැවත මිල කිරීම මේ සඳහා දායකවී තිබේ.

මේ අතර, බැංකුවේ අනිකුත් මෙහෙයුම් ආදායම් 2015 මූල්‍ය වසරේදී 7.65% කින් වර්ධනය වී රුපියල් බිලියන 10.936 ක්වී තිඛෙන්නේ ශුද්ධ ගාස්තු සහ කොමිස් 11.24% කින් රුපියල් බිලියන 5.374 ක් දක්වා වර්ධනය වෙමිනි. පසුගිය හිඟ ණය අයකරගැනීම 20.67% කින් රුපියල් බිලියන 4.055 ක් දක්වා වර්ධනය වීම, 2014 වසරේදී වෙළඳාම මගින් ලැබූ රුපියල් මිලියන 305 ක ශුද්ධ අලාභය රුපියල් මිලියන 813 ක ශුද්ධ ලාභයක් බවට 2015 වසරේදී පත්කර ගැනීම වැනි කරුණුද වෙනත් ආදායම් වර්ධනය කර ගැනීමට හේතුවී තිබේ. කෙසේවෙතත්, සලකා බලන වසරේදී මූල්‍ය ආයෝජන මගින් ලැබූ ශුද්ධ ලැබීම් රුපියල් මිලියන 694 ක් පමණක් වී තිඛෙන අතර 2014 වසරේදී මෙමගින් රුපියල් බිලියන 2.273 ක ලාභයක් ලබා තිබුණේ ඉන් වැඩිම ලාභ ප්‍රමාණය බැඳුම්කර වෙළඳාම මගින් ලබාගනිමිනි.

බැංකුව විසින් ණය හානිකරණ ගාස්තු වෙනුවෙන් සිදුකළ වෙන්කිරීම් සලකා බලන කාලයේදී 22.11% ක් දක්වා රුපියල් බිලියන 3.943 ක් දක්වා වර්ධනය වී තිබුණද බැංකුවේ අක්‍රීය ණය අනුපාතය අඩුවී තිබේ. මෙහිදී, කැපී පෙනෙන්නේ බැංකුව විසින් 2015 මූල්‍ය වසරේදී සමස්තයක් ලෙස සිය අක්‍රීය ණය අඩුකර ගැනීමට සමත්ව තිබීමයි.
ණය හානිකරණ ගාස්තු වලට පෙර බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම සලකා බලන කාල සීමාවේදී 10.44% කින් රුපියල් බිලියන 41.282 ක් දක්වා වර්ධනය වී තිඛෙන අතර ශුද්ධ මෙහෙයුම් ආදායම 9.33% කින් රුපියල් බිලියන 37.338 ක් දක්වා වර්ධනය වී ඇතැයි බැංකුව සඳහන් කරයි. මේ අතර, මෙම මාස 12 ක කාලය තුළදී බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම 10.04% කින් රුපියල් බිලියන 17.306 ක් දක්වා වර්ධනය වී තිබේ.

කොමර්ෂල් බැංකුව සඳහන් කර තිඛෙන්නේ 2014 අවසානයේදී තිබූ බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතය 3.47% ක සිට 2.74% ක් දක්වාත් ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 1.86% ක සිට 1.41% ක් දක්වාත් අඩුව තිඛෙන බවයි. මේ අතර, වත්කම් වලට අදාළ ප්‍රතිලාභ (ROA) සහ කොටස් වලට අදාළ ප්‍රතිලාභ (ROE) අඩු පරාස සහ ඉහළ වත්කම් වර්ධනය හමුවේ සලකා බලන කාලයේදී පිළිවෙලින් 1.42% සහ 16.90% ක් ලෙස පහළ ගොස් තිබේ. පිරිවැය ආදායම් අනුපාතය 48.92% ක මට්ටමක තිඛෙන අතර එය තිඛෙන්නේ බැංකු ක්ෂේත්‍රයේ මට්ටමට වඩා පහළිනි. මේ අතර, බැංකුවේ ශුද්ධ පොලී අන්තරය 2014 දී තිබූ 3.60% ක සිට සලකා බලන කාල සීමාව තුළදී 3.39% ක් දක්වා අඩු වී තිබේ.

බැංකුව විසින් 2014 අවසානයේදී ණය ආවරණ වෙනුවෙන් කළ 46.34% ක් වන වෙන්කිරීම් 2015 මූල්‍ය වසරේදී 48.49% ක් දක්වා වැඩිකර තිබේ. මේ අතර, බැංකුවේ ණය පොත වර්ධනය වීම හමුවේ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතයන් සුළු වශයෙන් පහළ ගොස් තිඛෙන අතර පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (Tier I) 11.60% ක් ලෙසත් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (Tier I + Tier II) 14.26% ක් ලෙසත් ව්‍යස්ථාපිත අවශ්‍යතාවන් වන 5% සහ 10% මට්ටම් වලට සාපේක්ෂව ඉතා ඉහළින් පවතී.

සමූහයක් ලෙස ගත්විට කොමර්ෂල් බැංකුව එයට අනුබද්ධ ආයතන සහ ඒකක සමග 2015 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මුදල් වසරේදී රුපියල් බිලියන 17.136 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර තිඛෙන අතර එය පසුගිය වසර සමග සැසඳීමේදී 8.05% ක වර්ධනයකි. අදාළ කාලයේදී සමූහය බදු වලට පසුව රුපියල් බිලියන 11.859 ක ලාභයක් වාර්තා කර තිඛෙන අතර එය 5.48% ක වර්ධනයක් වේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum