- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බැංකු සමාගම් ලාභය බෙදන්නේ මෙහෙමයි
මෙහිදී හැටන් නැෂනල් බැංකුව (HNB) කොටසකට රු. 3.50 ක් බැගින් වන පරිදි 2015 මූල්‍ය වර්ෂය සඳහා වූ අවසාන මුදල් ලාභාංශය ප්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව ඡන්ද බලය හිමි කොටස් 61.68කට හා ඡන්ද බලය රහිත කොටස් 57.46 කට එක කොටසක් බැගින් වන පරිදි කොටස් ලාභාංශයක් ද සමාගම විසින් ප්‍රකාශ කර තිබේ.
මේ අතර ජාතික සංවර්ධන බැංකුව (NDB) කොටසකට රු. 4.00 බැගින් සහ සම්පත් බැංකුව කොටසකට රු. 6.00 බැගින් වන පරිදි වසර අවසාන මුදල් ලාභාංශ නිවේදනය කරන ලදී.
සම්පත් බැංකුවේ මුදල් ලාභාංශයට අමතරව කොටස් 36.91 කට 1ක් වන පරිදි කොටස් ලාභාංශයක් ද සිය කොටස් හිමියන් වෙත ලබාදීමට සමාගම පියවර ගෙන ඇත.
http://biz.adaderana.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: බැංකු සමාගම් ලාභය බෙදන්නේ මෙහෙමයි
(NTB to go next in February)
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: බැංකු සමාගම් ලාභය බෙදන්නේ මෙහෙමයි
biz_man Top News February 24th, 2016
2015 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 16.2 ක බදු ගෙවීමට පෙර ලාභයක් සහ රුපියල් බිලියන 11 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකු සමූහය සමත්වී තිබේ. මෙහිදී හැටන් නැෂනල් බැංකුව 2015 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කර ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 15 ක් ලෙසත් බදු පසු ලාභය රුපියල් බිලියන 10.4 ක් ලෙසත් සටහන් වේ. මෙය බැංකුව විසින් රුපියල් බිලියන 10 සීමාව ඉක්මවා බසු පසු ලාභයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසින් ද ඉතිහාස ගත වනු ඇත.
ගෙවී ගිය වර්ෂය තුළ දී බැංකුවේ ආයතනික බැංකුකරණ කටයුතුවල 30% ක්, සුළු හා මධ්‍ය පරිමාණ අංශය 25% ක්, ලීසිං 35% ක් සහ පුද්ගලික ණය 67% ක් ලෙසින් වර්ධනය වී ඇත.
මේ අතර ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 26.3 දක්වා 5.8% කින් ද, කොමිස් ආදායම් රුපියල් බිලියන 5.8 දක්වා 18.4% කින් ද, 2015 වසර තුළ දී ඉහළ ගොස් තිබෙන අතර වීසා සහ මාස්ටර් කාඩ් හි කොටස් අලෙවිය තුළින් රුපියල් මිලියන 889 ක ප්‍රාග්ධන ලාභයක් ද සමාගම විසින් වාර්තා කර තිබේ.
අදාළ මූල්‍ය වර්ෂය වෙනුවෙන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 34.8 ක් ලෙසින් දැක්වෙන අතර සමූහය විසින් 12.7% ක වර්ධනයක් ද සමඟ රුපියල් බිලියන 42.6 ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර ඇත.