The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» ASPI Status Update
Today at 4:25 pm by The Invisible

» Dividend Announcement
Today at 2:50 pm by කිත්සිරි ද සිල්වා

» Flying is the Safest mode of Transport
Today at 2:48 pm by කිත්සිරි ද සිල්වා

» Hambanthota Port
Today at 1:12 pm by nihal123

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Today at 12:41 pm by The Invisible

» Ceylon Cold Stores PLC
Today at 12:37 pm by The Invisible

» AHPL.N0000
Today at 8:41 am by yellow knife

» Mangala says Hambantota PPP a leap forward for SL
Today at 7:54 am by sashimaal

» for chicken lovers
Yesterday at 9:40 pm by Expert

» විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත්
Yesterday at 9:23 pm by malanp

» අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
Yesterday at 7:59 pm by The Invisible

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
Yesterday at 7:47 pm by The Invisible

» අනුර පුතේ උඹෙ අම්මා, අපේ කටේ පස් දැම්මා!
Yesterday at 2:48 pm by The Invisible

» Happy Birthday
Yesterday at 10:52 am by The Invisible

» Plantation sector updates
Mon Jul 24, 2017 10:20 pm by කිත්සිරි ද සිල්වා

» ඉන්ධන පිරවුම් හල් අසළ පෝළිම් කිලෝමීටර් ගණන් දිගු වෙයි
Mon Jul 24, 2017 10:00 pm by nihal123

» “මගේ ජීවිතේ වැඩියෙන්ම ගරු කරපු මගේ ආරක්ෂකයගෙ අභාවය මට දරාගන්න බැහැ” – විනිසුරු M. ඉලන්චෙලියන්
Mon Jul 24, 2017 9:17 pm by sashimaal

» කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට
Mon Jul 24, 2017 4:20 pm by The Invisible

» ඩේටා ටැක්ස් ගැන සුභ ආරංචියක්
Mon Jul 24, 2017 3:47 pm by The Invisible

» නව දේශීය ආදායම් පනත අගෝස්තු තෙවන සතියේ දී පාර්ලිමේන්තුවට
Mon Jul 24, 2017 3:43 pm by The Invisible

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Mon Jul 24, 2017 2:50 pm by Ethical Trader

» In the Meantime, Within Our Shores !
Mon Jul 24, 2017 1:33 am by කිත්සිරි ද සිල්වා

» ‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත්
Sun Jul 23, 2017 11:05 am by Ethical Trader

» ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි
Fri Jul 21, 2017 7:29 am by Danidu

» Taste of Asia
Thu Jul 20, 2017 7:15 pm by කිත්සිරි ද සිල්වා

» Fitch revises Outlook on Sri Lanka to stable
Thu Jul 20, 2017 12:07 am by nihal123

» RICH N.0000 Richard Pieris and company PLC
Wed Jul 19, 2017 8:43 pm by AjithR

» LIOC.N0000 (Lanka IOC PLC)
Wed Jul 19, 2017 8:06 pm by CK

» IMF තෙවන ණය වාරිකය ලැබෙන්නේ අදයි
Wed Jul 19, 2017 6:42 pm by nihal123

» Laughter the Best Medicine
Wed Jul 19, 2017 11:09 am by කිත්සිරි ද සිල්වා

» Chinese-backed Port City to attract $13 b in investment from 2018
Tue Jul 18, 2017 10:21 pm by sashimaal

» ශ්‍රී ලංකාවෙන් තවත් ක්‍රිකට් වාර්තාවක්
Tue Jul 18, 2017 8:54 pm by Ethical Trader

» පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට
Tue Jul 18, 2017 8:01 pm by කිත්සිරි ද සිල්වා

» IMF approves delayed disbursement
Tue Jul 18, 2017 1:47 pm by Ethical Trader

» Top global fund manager upbeat on Sri Lanka’s future prospects
Tue Jul 18, 2017 1:45 pm by Ethical Trader

» Stock Market breaks through with strong showing in 2017 first half
Tue Jul 18, 2017 11:59 am by Rana

» බලාගෙන ඉද්දී ඔබේ ධනය වැඩිදියුණු කර ගන්නා කලාව – ආයෝජනය
Mon Jul 17, 2017 7:28 pm by CK

»  what is happening in LLUB
Mon Jul 17, 2017 7:10 pm by කිත්සිරි ද සිල්වා

» පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක්
Mon Jul 17, 2017 5:49 pm by Ethical Trader

» "නෝනාවරුනි මහත්වරුනි" ඉවතට
Mon Jul 17, 2017 5:44 pm by Ethical Trader

» "මගේ පුතා ශිෂ්‍යත්වේ පාස් වෙලා ඉල්ලුවේ බුදු පිළිම‍යක්,
Mon Jul 17, 2017 4:25 pm by spw19721

» ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු
Mon Jul 17, 2017 2:27 pm by malanp

» කටුනායක රොෂේන් ශානක මරණය: පරීක්ෂණයේ නිගමන
Mon Jul 17, 2017 12:28 pm by Ethical Trader

» VFIN - where the journey leads it?
Sun Jul 16, 2017 10:52 pm by Future123

» මාස හයක් ඇතුළත ඇසිඩ් ප්‍රහාර 400 ක්
Sun Jul 16, 2017 2:44 pm by Ethical Trader

» "ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා"
Sun Jul 16, 2017 11:56 am by Ethical Trader

» බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ
Sun Jul 16, 2017 11:47 am by Ethical Trader

» "අපේ හාමුදුරුවො අපට දෙන්න"
Sun Jul 16, 2017 11:34 am by Ethical Trader

» කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක්
Sun Jul 16, 2017 11:25 am by Ethical Trader

» "බටහිර රටවල් කුහකයි"
Sun Jul 16, 2017 11:16 am by Ethical Trader

July 2017
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

අපි නොදන්න ගීතයක කතාව

View previous topic View next topic Go down

අපි නොදන්න ගීතයක කතාව

Post by nihal123 on Sun Feb 14, 2016 9:00 pm

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - වොලී නානායක්කාර
සංගීතය - වික්ටර් රත්නායක

හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.

ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය. කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි වුව ද එකී අරුත් දැක්වීම් පිළිබඳව සෑහීමකට පත් නොවීමි. විවිධ පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දැරූ උත්සාහයන් ද වරින් වර දැකගත හැකි විය. එහෙත් පසු කලෙක චිත්‍රපටය නැරැඹූ පසු, මඳක් සංකීර්ණ වුව ද, 'සඳකඩපහණක' ගීතය, චිත්‍රපටයෙහි අන්තර්ගතය හා මනා ලෙස ආබද්ධ වූ පරිපූර්ණ 'අරුත් පුන්' ගේය පද රචනයක් බව අපට පිළිගත හැකි විය. මාතර ආච්චි චිත්‍රපටය දිගු කලක් අස්ථාන ගතව තිබීම ද මෙම ගීයෙහි අරුත සපුරා වටහා ගැනීමට කිසියම් බාධාවක්ව පවතින්නට ඇතැයි සිතිය හැකිය.

මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.

යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී

ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.

එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.

හද විල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා

ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.

මේ අනුව 'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි.

-කොට්ටාවේ සමිත හිමි
[පළමු වසර - සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය, මිහින්තලය.]

වෙනස් අදහසක්

කාලෙකට කලින් සිංදුවා අන්තිම පේළියේ මේ සිංදුව ගැන දැම්මා. මේ දවස්වල සිංදුවා එක්ක සින්දුවගේ පොට් එකේම නැවතිලා ඉන්න සිංදුවාගේ දුරින් නෑදෑයෝ වෙන බුලට් එකක් ඉන්නවා. මේකම දාන්න හිතුනේ ඌ නිසා . දවසක් ඔන්න සිංදුවායි සින්දුවගේ යාළුවයි චැටක් දාගෙන ඉන්නකොට එක පාරටම මූ

"සිංදුවා උඹ දන්නවද මේ සින්දුවේ තේරුම" කියලා අහපිනේ ?

ඔහොම ඔහොම සිංදු ගොඩක තේරුම් අහනවා.... එව්වයි ඒවාට දුන්නු උත්තරයි පස්සේ කියන්නම්කො. ඌ වෙලාවට දන්නේ නෑ සිංදුවා කව්ද කින්ද මන්ද කියලා. හොහ් හොහ් හොහ් හොහ්. කෝම හරි ඔහොම අහගෙන අහගෙන ගිහින් මූ දැන් දානවා සඳකඩ පහණ සිංදුව.
දාලා කියනවා

" මට ලොවෙත් සුවර් උඹ මේකේ නම් තේරුම කියන්නේ නෑ. අඩුම ගානේ උඹ හිතන්නෙවත් නෑ කියලා. "

එහෙම කියපු ගමන් සිංදුවට මීටර් වුනා ගොනා මොන පොල් පැලේ කන්නද එන්නේ කියලා...නොදන්නා එකා වගේ ඔන්න සිංදුව අහලා පද ගලප ගලප ඉන්නකොට මෙන්න මූ හිනා වෙවී කියපි

"ඕක නෙවෙයි බන් තේරුම" කියලා.

හාහ්... මට සවුත්තු හිනාව දාලා, හෙන ආඩම්බරෙන්.. ප්ලේ කර කර තිබුණු සිංදුව මුලට දාලා, සාඩම්බර ඉදිරිපත් කිරීමක් විදියට මෙන්න මූ සඳකඩ පහණ සිංදුවේ රියල් තේරුම කියනවා ඈ..මේ බොරු තේරුම බුකිය පුරා හැමතැනම තිබුනා පහුගිය කාලේ. ඔන්න ඒකෙ කොප්පක් ගැහුවා සිංදුවා.

මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ටකැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා. ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා. යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී.නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා

එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා. ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු

මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා. දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන් ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා


හද්ද කෙප්පයක් වුනත් පට්ට ක්‍රියේටිව් විදියට ගලපලා තියෙනවා. මතකනේ ඔහොම වයලත් එකක් කලේ. මෙන්න මේ තේරුම සිංදුවාට දැන් අර ගොයියා කිව්වම නොදන්නා එකා වගේ හිටිය මූඩ් එක ගිහින් ඔන්න සින්දුවාත් සීරියස් විදියට දැන් හදනවා මුට තේරුම කියලා දෙන්න.

"මචං දැන් ඔහොම තේරුමක් තියෙනවා කියලා හිතමුකෝ.. උඹේ ඔය චිත්‍ර පටිය හරි, අඩුම ගානේ ඔය චිත්‍ර පටියේ සිංදුව යන කොටසවත් දැකලා තියෙනවද ? "

"නෑ බං"

"එහෙනම් අහගනින්කෝ."

මේක සිව් කුළුඳුල් ගීතයක්. සුනිල් එදිරිසිංහයන්ගේ කුළුඳුල් සිංදුව. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය. වික්ටර් රත්නායකයන්ගේ පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණය. වොලී නානායක්කරයන්ගේ පළමු ගීත රචනය.

මේ ගීතය වික්ටර් රත්නායකයන් කලුපලුවාවේ ගෙදර සිටියදී නිර්මාණය කරපු සිංදුවක්ලු. ඒ දවස් වල සුනිල් නිතර ඒ සිංදුව ප්‍රැක්ටිස් කරන්න එහෙ ගියාලු.

මේක මුලින්ම රෙකෝඩ් කරන්න සරසවි චිත්‍රාගාරයට සුනිල්ව බයිසිකලේ ඉස්සරහ තියාගෙන පැදගෙන ගියේ සුනිල්ගේ තවත් සහෝදරයෙක් වුනු නිමල් එදිරිසිංහයන්ලු . මේ සින්දුව කියනකම් සුනිල් රාගධාරී සංගීතය හදාරලා තිබුනෙත් නෑලු. රෑ එකොළහට වගේ පටන් ගත්තු ගායනය පාන්දර දෙක පමණ වෙනකම් වාර කීපයකම ආධුනිකයෙකු වූ සුනිල් කියනවලු.

ඔය සින්දුව ගැයුවාට පස්සේ වික්ටර් කිව්වලු

" මල්ලී ඔයාට බොහෝම දුර යන්න පුළුවන් කෙනෙක් ඔයා සංගීතය හැදෑරුවොත් තවත් හොදයි " කියල. එතකොට ඒක අහගෙන හිටපු සුනිල්ගේ අයියා සතිස්චන්ද්‍රයන් කිව්වලු

" හැබැයි මලේ සංගීතය ඉගනගත්තේ නැත්නම් මගේ පික්චර් වල මිට පස්සේ සිංදු නෑ " කියල.

පස්සේ සංගීතය සුනිල් පී.වී.නන්දසිරි ගුරුතුමාගෙන් ඉගෙනගත්තලු .
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 3932
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by Rana on Sun Feb 14, 2016 9:07 pm

අගය කරනවා ඔබේ ලිපිය නිහාල් මහත්මයා

Rana
Top contributor
Top contributor

Posts : 1135
Join date : 2015-12-16

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by spw19721 on Mon Feb 15, 2016 6:44 am

වටිනා ලිපියක් !!!!

spw19721
Active Member
Active Member

Posts : 324
Join date : 2015-08-22

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by Danidu on Mon Feb 15, 2016 8:07 am

බොහොම ස්තුතියි නිහාල් මහත්මයා !

Danidu

Posts : 212
Join date : 2015-09-03
Age : 36
Location : Welisara

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by seek on Mon Feb 15, 2016 8:29 am

වටිනා ලිපියක්. බොහොම ස්තුතියි...

seek
Top contributor
Top contributor

Posts : 203
Join date : 2014-02-26

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by කිත්සිරි ද සිල්වා on Mon Feb 15, 2016 8:36 am

Can there be any other interpretations ?
What was Mr Nanayakkara thinking then ?
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 6625
Join date : 2014-02-23
Age : 59
Location : රජ්ගම

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by HUNTER on Mon Feb 15, 2016 10:25 am

Nice topic.

There are tons of 'story behind the song's involving Prem (Late Mr. Premakeerthi De Awis) and victor (Mr. Victor Rathnayake)

Here is one story (as my memory tells me)

ඔන්න ඉතින් එක දවසක් වික්ටරුයි ප්‍රේමුයි තව දෙතුන් දෙනෙකුයි මන්නාරමට ගියා. පොඩි ජොලි ට්‍රිප් එකක්. ඉතිං හවස බීච් එකට ගියා තල් රා බෝතල් ටිකකුත් අරගෙන.
තල් රා බීලා ප්‍රේම්ට ටිකක් වැඩි වුණා. වැඩි වුන පාර ප්‍රේම් ළඟ තිබුන ඔරුවක උඩුබැලි අතට ඇල වුණා. වෙලාව රෑ 10 ට විතර ඇති.
ඒ වෙලාවෙම ලොකු තරුවක් පායලා තිබුණා.
ප්‍රේම් ඒක දැකලා කෑ ගහන්න ගත්තා.
"තනි තරුවේ" කියලා.
වික්ටර් ඒ වෙලාවේ සිගරට් පැකට් එකක් කඩනවා.
සිගරට් පැකට් එකේ පොලිතින් රැපර් එක පෑනකින් කඩන ගමන්, ප්‍රේම්ගේ කෑගැහිල්ල දිහා බැලුවා.
ප්‍රේම් දිගටම් කෑ ගැහුචා, "ඔබත් ඔතන ඔහොම ඉන්න; මමත් මෙහෙම මෙතැන ඉන්නවා" කියල, තරුවට.

වික්ටර් කෝකටත් කියල ඒක සිගරට් පැකට් එකේ පැත්තක ලිය ගත්තා.
පස්සේ ගෙදර ඇවිල්ලා තව වචන ටිකකුත් දාල මරු සින්දුවක් හැදුව "තනි තරුවේ" කියලා.

තාම හෙනම famous.
avatar
HUNTER
Top contributor
Top contributor

Posts : 1638
Join date : 2014-07-14

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by කිත්සිරි ද සිල්වා on Mon Feb 15, 2016 10:30 am

I think all artistic creations have some background incident / story. Very Happy
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 6625
Join date : 2014-02-23
Age : 59
Location : රජ්ගම

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by HUNTER on Mon Feb 15, 2016 10:55 am

අනේ මන්ද, මේවා කියන්න ගියහම ඉවරෙකුත් නෑ; නොකියත් වැඩක් නෑ . මෙන්න අන්තිම එක.

ප්‍රේම් ගෙයි ප්‍රියා (ප්‍රියා සුරියසේන මහත්තයා) ගෙයි වැඩක්.

ප්‍රියාට සින්දුවක් ලියා ගන්න ඕනේ වුණා ප්‍රේම්ට කියල. දවස් දෙක තුනක්ම කිව්වත් වැඩක් වුනේ නැහැ.
ඉඳල ඉඳල අන්තිමේ හවසක ගියා විස්කි බාගෙකුත් අරගෙන ප්‍රේම්ගේ ගෙදර.
ප්‍රේම් ඒ දවස්වල රේඩියෝ සිලෝන් එකේ වැඩ. වැඩ ඇරිලා එනකොටම ප්‍රියා විස්කි එකත් අරන් ගේ දොරකොඩ.

ප්‍රේම් විස්කි එකත් දිහා බලලා ප්‍රියාට කිව්වා 'කොලයක් දීපන්!' කියල. දීපු කොළ කෑල්ලේ මොනවාද ලියල ප්‍රියාගේ අතට දීල කිව්වා 'මේකේ තියෙන විදිහට ඉතුරු ටික කරපන්' කියල.
කියල ගේ ඇතුලට ගියා විස්කි එකත් අරගෙන.

කොළ කෑල්ලේ තිබුනේ; 'හෙට දවසේ, අප දෙදෙනා, අද වාහෙම හමු විය යුත්තේ. අද දවසේ මවෙත ගෙනා "මිහිර" හෙටත් ගෙන ආ යුත්තේ' කියලා.

ප්‍රියා ඉතිං ඊළඟ දවසෙත් තව බාගයක් අරගෙන ගිහිල්ල සින්දුවේ ඉතුරු ටික ලියා ගත්තා.
avatar
HUNTER
Top contributor
Top contributor

Posts : 1638
Join date : 2014-07-14

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by nihal123 on Mon Feb 15, 2016 11:14 am


හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ


drunken
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 3932
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

ශාන්තිනී විතරක් මට දෙන්න !

Post by කිත්සිරි ද සිල්වා on Wed Feb 17, 2016 10:07 pm

මහත්වරුණි ශාන්තිනී විතරක් මට දෙන්න...
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 6625
Join date : 2014-02-23
Age : 59
Location : රජ්ගම

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by chutiputha on Wed Feb 17, 2016 10:18 pm

avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1822
Join date : 2014-11-09
Age : 31
Location : Minneriya

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by nihal123 on Wed Feb 17, 2016 11:40 pm

පේරාදෙණියට ගිය අය ඕවට වඩා කතා දන්නවා ඇති සිංදු නොලිය උනාට නේ......

Very Happy
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 3932
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by nihal123 on Mon Mar 07, 2016 10:47 pm

සිංහල ගීත සාහිත්‍යයේ එන ප්‍රේමණීයම ගීතයක් මා මෙවර තෝරා ගෙන ඇත. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් පණ පෙවුනු මින්දද හී සර ගීතය ඉතා පැරණි වුවත් 21 වන සියවසේ රසිකයන් පවා ඉතා උනන්දුවකින් තවමත් රස විඳින්නේ එය ශබ්ද රසයට පමණක් සීමා නොවී අර්ථ රසයෙන්ද පිරුණු ගී නිර්මාණයක් නිසාවෙනි. Facebook, SMS, Skype නොමැති යුගයේ ප්‍රේමය කොතරම් සුන්දරද? සීමා මායිම් ඇතිව අවංකව පෙම් කළ යුගයේ අද මෙන් ගෙල වැල දා ගෙන හෝ පිහියෙන් ඇන හෝ මිය යාම් දුලභය. එසේ මිය ගියද මිය ගොස් ඇත්තේ අවංක ප්‍රේමයේ නාමයෙන්ය. නමුත් වර්තමානයේ Reload දමා ගැනීමට එක පෙමක්ද සිනමා ශාලාවට යාමට තව පෙමක්ද විශ්ව විද්‍යාලයට වෙනත් පෙමක්ද පිටිසර ගමේ අසරණ පෙමක්ද පවත්වාගෙන යන තරුණ තරුණියන් ඉතා සුලභය. නමුත් ගීතයෙන් කියවෙන්නේ ඊට හාත්පසින් වෙනස් වූ අහිංසක ගැමි පෙමකි. අතීතයේ ප්‍රේමයට පණ පෙවුණේ සාහිත්‍යයයි. කවියකින්, ගීයකින්, නිසැඳසකින් පිළිතුරු යැවුන සමයේ ප්‍රේමය කෙතරම් සොදුරුද. ඇතැමි විට ලිපියකට පිළිතුරක් එන්නේ සති කිහිපයකට පසුය. නමුත් එය වර්තමානයේ “gn.bs.sd.tc” වලට වඩා ඉතා අගනේය.

මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ

තරුණයෙකුගේ හදෙහි ඉපදී ඇති ආලය ඔහු මෙසේ විස්තර කරයි. මල් සරාගේ ප්‍රේමණීය හී පහර ඔහුගේ හද හරහා ගොසිනි. දැන් හද සැලෙන්නේ පෙර පරිදි නොවේ. ප්‍රේමණීය රිද්මයකටය. නමුත් ඔහු ඇයව කලකින් හමු වී නැත. එනිසා හද සැලෙන රාවය මඳක් දුක්බර ගීතයක තනුවකට හැඬවේ. ඒ දුක් ගීතය ඔබට නොඇසේද සොඳුරිය. මාගේ සයනය ඔබ වෙනුවෙන්ම චන්දන මලින් සරසා අලංකාර කර ඇත. කන්ද උඩින් පුන් සඳ පායා වටපිටාව රන් වන් ආලෝකයේ ගිල්වන්නාක් මෙන් මාගේ අඳුරු ලොවට ඔබ පැමිණ රන් වන් පැහැයෙන් බබළන ඔබේ රූපයෙන් මාගේ ලෝකයද එළිය කරනු මැන.

තුරඟකු පිට නැගි නීල වළාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා

ඉතා අලංකාර ලෙස සැරසූ අශ්වයෙකුගේ පිට නැගී වළාකුළු අතරින් සුරඟනක මෙන් ඔබ ඇදී එන කල පියවා ගත නොහැකි වූ දෑසින් ඔබ දෙස මා බලා හිඳින්නේ පිබිදී ආ මලක් වන් වූ ප්‍රේමණීය සිනාවකින් හදවත පුරවාගෙනය. මෙහිදී තව දුරටත් ඔහු විදහා දක්වන්නේ නීල වලාකුළු වන් සළු පිළින් සැරසී ඇදෙන සොඳුරිය තුරඟකු වන් තේජවන්ත හා දඟකාර තැනැත්තියක් බවයි.

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මංපෙත පාදා...


මෙතරම් කාලයක් දුකින් පිරි අඳුරු ජීවිතයක් ගෙවූ ඔහු අද දින ඉතා ප්‍රීතියට පත්ව ඇත. වෙනදාට ඇයගේ සිත් ඇදගන්නා සුළු මුහුණ හරි හැටි නොදකින ඔහු ඇයගෙන් ඉල්ලන්නේ සළුපිළි ඈත් කොට ඇයගේ ආකර්ශනීය රුව ඔහු වෙත ගෙනහැර දැක්වීමටයි. ඇයගේ ආකර්ශනීය බැල්ම සහිත මිණි මුතු සේ දිදුලන නෙත් යුගවලින් නැගෙන ආලෝකයෙන් ඔහුගේ ජීවිතය පහන් කර අනාගතයේ එක්ව යාමට ආයාචනා කරයි.....
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 3932
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by pathfinder on Tue Mar 08, 2016 11:25 am

Good articles Nihal keep posting
I saw few more articles posted by Sash better to merge those.



nihal123 wrote:පේරාදෙණියට ගිය අය ඕවට වඩා කතා දන්නවා ඇති සිංදු නොලිය උනාට නේ......

Very Happy

Wink Wink Wink
avatar
pathfinder
Top contributor
Top contributor

Posts : 1329
Join date : 2014-02-23
Age : 36

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by pathfinder on Tue Mar 08, 2016 11:35 am

කිත්සිරි ද සිල්වා wrote:මහත්වරුණි ශාන්තිනී විතරක් මට දෙන්න...

After thirty odd years Rathnasri wrote the next chapter of the story.

මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න
ශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්න

පාන්තරුව නෙළා මගේ නළලත සරසන්න
කාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්න
තනියම හිනැහෙන්න

මුරුගසන් වැස්ස නැවතී දුක් ගින්දර නිවිලා
පේසාලෙයි හන්දිය ළඟ පිච්ච මලක් පිපිලා
පිච්ච මලක් පිපිලා

ඉහිරුණු කිරි දෙන්නට බැරි මට වරදක් නොකියා
ඔබට හැකිද හිනාවෙන්න මගේ දිහා නොබලා
මගේ දිහා නොබලා

කච්චේරිය වැලි මිදුලේ සෙල් ලිපියත් බිඳිලා
බොඳවී ගිය ඉතිහාසේ පෙම් කවි පද මැකිලා
පෙම් කවි පද මැකිලා


නැතිවුණු දේ සොයාදෙන්න මට බැරි බව හිතලා
ශාන්තිනී හිනැහෙනවද මගේ කදුළු පිසදා
මගෙත් කඳුළු පිසදා

මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න
ශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්න

පාන්තරුව නෙළා මගේ නළලත සරසන්න
කාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්න
තනියම හිනැහෙන්න

Listen here,

https://youtu.be/tNrh_geQ30w
avatar
pathfinder
Top contributor
Top contributor

Posts : 1329
Join date : 2014-02-23
Age : 36

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by pathfinder on Tue Mar 08, 2016 11:54 am

HUNTER wrote:අනේ මන්ද, මේවා කියන්න ගියහම ඉවරෙකුත් නෑ; නොකියත් වැඩක් නෑ . මෙන්න අන්තිම එක.

ප්‍රේම් ගෙයි ප්‍රියා (ප්‍රියා සුරියසේන මහත්තයා) ගෙයි වැඩක්.

ප්‍රියාට සින්දුවක් ලියා ගන්න ඕනේ වුණා ප්‍රේම්ට කියල. දවස් දෙක තුනක්ම කිව්වත් වැඩක් වුනේ නැහැ.
ඉඳල ඉඳල අන්තිමේ හවසක ගියා විස්කි බාගෙකුත් අරගෙන ප්‍රේම්ගේ ගෙදර.
ප්‍රේම් ඒ දවස්වල රේඩියෝ සිලෝන් එකේ වැඩ. වැඩ ඇරිලා එනකොටම ප්‍රියා විස්කි එකත් අරන් ගේ දොරකොඩ.

ප්‍රේම් විස්කි එකත් දිහා බලලා ප්‍රියාට කිව්වා 'කොලයක් දීපන්!' කියල. දීපු කොළ කෑල්ලේ මොනවාද ලියල ප්‍රියාගේ අතට දීල කිව්වා 'මේකේ තියෙන විදිහට ඉතුරු ටික කරපන්' කියල.
කියල ගේ ඇතුලට ගියා විස්කි එකත් අරගෙන.

කොළ කෑල්ලේ තිබුනේ; 'හෙට දවසේ, අප දෙදෙනා, අද වාහෙම හමු විය යුත්තේ. අද දවසේ මවෙත ගෙනා "මිහිර" හෙටත් ගෙන ආ යුත්තේ' කියලා.

ප්‍රියා ඉතිං ඊළඟ දවසෙත් තව බාගයක් අරගෙන ගිහිල්ල සින්දුවේ ඉතුරු ටික ලියා ගත්තා.


This is how face book fool people.
Listen what Priya has to say,
https://www.youtube.com/watch?v=YHfBtZhQnkw

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙ ම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ...

කිසි වෙනසක් නැති එක ම දෙයක් ඇත
එය මා හද රැඳි ආදරයයි
මගෙ ජීවිතය ම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි...

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස් වන ලොවෙහි අලුත්වන
ආදරය ම මම හිඳිමි බලා...

Listen Original song,

https://youtu.be/UpjvkrHB-sU
avatar
pathfinder
Top contributor
Top contributor

Posts : 1329
Join date : 2014-02-23
Age : 36

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by nihal123 on Wed Jun 15, 2016 10:50 pm


ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා...

ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි.
දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. එක්වරම ඔහු දුටුවේ ඈතින් ගායක සුනිල් එදිරිසිංහ එන බවයි. ‘සරල ගී’ වැඩසටහනකට ගීයක් ලියන්නැයි සුනිල් කියා තිබූ බව ප්‍රේම්ට මතක් වූයේ එවිටය. සුනිල් මේ එන්නේ එය රැගෙන යන්නට බව දන්නා ප්‍රේම් පිළිතුරක් ලෑස්ති කර ගත්තේය. මුව පුරා සිනාසී තමා ළඟට ආ සුනිල්ව පිළිගත් ඔහු ‘සින්දුව ගෙනියන්න නේද ආවේ?’ කියා ඇසීය. සුනිල් හිස සැලීය.
‘සින්දුව හරි. ඒක තියෙන්නෙ සංස්ථාව ඇතුළෙ මගෙ ලොකර් එකේ. දැන් මම ඒක උඹට දෙන්න ගියොත් මුන් ටික මේ බෝත‍ලේ බිල ඉවර කරනවා. උඹට තව තියෙන ගමනක් ගිහින් පැය බාගෙකින් විතර එන්න බැරිද? එතකොට මම ඇතුළට ගිහින් සිංදු කොළේ අරන් දෙන්නම්...” ප්‍රේම් කීය.
ඔහු එසේ කී විට සුනිල්ට ඊට විරුද්ධවීමට බැරි නිසා ‘එහෙනං මම පැය බාගෙකින් එන්නම්...’ කියා එතැනින් යන්නට ගියේය. ප්‍රේම් කීවේ පට්ටපල් බොරුවකි. ඔහු ගීතයක් ලියා තිබුණේ නැත. සුනිල් ගිය පසුව යළි මිතුරන් හා එක්ව මධුවිත ගත් ප්‍රේම්ට ගසේ මුලක් මත වාඩි වී රේස් කොළයක්
බලන කෙනකු පෙනුණි. ඔහුගේ සිතෙහි පදවැලක් ඉපදුණේය. කොළ කෑල්ලක් ගත් ඔහු සිතට ආ පදවැල කොළයේ ලියා සාක්කුවට දමාගෙන යළි මිතුරන් අතරට එකතු විය.
පැය බාගයකින් පමණ සුනිල් ආවේය. ඔහුද කැටුව ගුවන්විදුලිය තුළට ගිය ප්‍රේම් සුනිල්ව අසුනක වාඩි කරවා ඔහුට නොපෙනෙන තැනකට වී සාක්කුවේ තිබූ කොළයේ
සටහන් කළ ගී පදවැල වෙනත් ලොකු කොළයක ලියා සුනිල්ට ගෙනැවිත් දුන්නේය. ඔහු ගී පදවැල කියවා අපමණ සතුටට පත්ව එය රැගෙන ගියේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් වෙතටයි. එච්.එම්. අතින් ඊට ගැළපෙන තනුවක් යෙදී සුනිල් ගායනා කළ පසුව එය ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. සුනිල් එදිරිසිංහගේ ගීතාවලියේ සාර්ථක ගීතයක් ලෙස අදත් පිළිගැනෙන
‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’ එම ගීතයයි. (ප්‍රේම් එම ගීය ලියූ මාර ගස පිහිටි ගුවන්විදුලිය ඉදිරිපිට මාවත ඉකුත් 31 වෙනිදා ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ ලෙස නම්කරනු ලැබිය.)
නොබෝ කලකට පසුව එම ගීතයේ උපත පිළිබඳ මේ සිදුවීම ප්‍රේම් මට කීය. ‘බොරුවෙන් ගැලවෙන්න පැය බාගයක් තුළ හැදූ ගීතය’ යනුවෙන් මම එම පුවත ‘සත්සර’ සංගීත පුවත්පතට ලිව්වෙමි. පුවත්පත නිකුත්වී දෙතුන් දිනකට පසුව හමුවූ සුනිල් එම පුවත පළකිරීම නුසුදුසු බව කීය. තමා බොරුවකට රැවටුණු බව පාඨකයන් එමගින් දැනගන්නවා නොවේදැයි ඔහු මගෙන් විමසීය. එහෙත් මේ තරම් අගනා ගීතයක උපතේ රසවත් කතාව ගැන මිස පාඨකයන් ගායකයාගේ රැවටීමක් ගැන නොසිතන බව මම සුනිල්ට කීවෙමි. ඔහු එය පිළිගත්තේම නැත. තවත් ටික දිනකට පසුව හමු වූ ප්‍රේම්ට මම එම ලිපිය පළකිරීම පිළිබඳව සුනිල් දැක්වූ විරෝධය ගැන කීවෙමි. බක බක ගා මහ හයියෙන් සිනාසී ප්‍රේම් මෙසේ කීවේය.
“එයාට පිස්සුනෙ. යකෝ මාර වැඩක්නෙ. ඒක කොච්චර ලස්සන කතාවක්ද? මමනෙ උඹට කිව්වෙ. උඹ ලිව්වා. මිනිස්සු කියෙව්වා. එච්චරයි. කෑනොගහ ඉන්න කියපන්...”
මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක් වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි. දිනක් පුවත්පතකින් පැමිණ මාලිනීගේ පන්තිය ගැන ලියද්දී එම සිසුවියගේ මව ගැනද ලියා මුල්තැනක් දෙන්නැයි මාලිනී කීවාය. ‍ලේඛකයා සිසුවියට විශේෂත්වයක් දී පළකළේය.
පසුව සිසුවිය මව සමග ප්‍රසංගයක් පැවැත්වූ අතර එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්තිය. සිසුවියට ශිල්පය දී බාහිර උදව්ද එසේ කළ මාලිනී ගුරුතුමියට තවත් කෙටි කලකින් රාත්‍රී සංගීත ප්‍රසංගයකදී සිසුවිය හමුවූයේ ගායිකාවක ලෙස සිසුවියද ඒ වන විට ප්‍රසංගවලට ගිය බැවිනි. මාලිනීට තවත් හදිසි කරුණක් නිසා ඉක්මනින් යා යුතු වූ බැවින් ප්‍රසංගයේ ගී ගයන ලැයිස්තුවේ වෙනසක් කරගැනීමට අවශ්‍ය විය. එහෙත් ඇයට ඉහළින් ලැයිස්තුවේ අත්සන් කර සිටි සිසුවිය ගුරුතුමියට ඉක්මනින් ගී ගයා යන්නට අවස්ථාව ලබා දීම ප්‍රතික්‍ෂේප කළාය. ඒ මදිවාට මව සහ පියා සමග සිටි සිසුවිය ඇනුම් පදද කියනු මාලිනීට ඇසුණි. මාලිනී කඩා වැටුණාය. කම්පා වූවාය. සිසුවියට පසුව ගී ගයා නික්ම යන තුරුද ඒ සිදුවීම ඇගේ සිත පාරමින් තිබුණි. දිනකට දෙකකට පසුව සිය මිතුරෙකු වූ ප්‍රේමකීර්තිව මාලිනීට හමුවිය. කලකිරී සිටි මාලිනී මේ සිද්ධිය නිකමට ඔහුට කීවාය. කතාව අසා පැත්තකට ගිය ප්‍රේම් කඩදාසියක ගී පදවැලක් සටහන් කරගෙන පැමිණ මාලිනීට එය දුන්නේය.
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා..
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා...
අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා...
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා..

ප්‍රේම් ලියා තිබුණේ මූසිල සිසුවියගේ කතාවයි. කන්ද මාලිනීටත් කෙන්ද සිසුවියටත් උපමා කර තිබුණි. මාලිනී මෙය සිය සැමියා එච්.එම්.ට දී තනුවක් දමාගෙන ගැයූ අතර එය අද පවා ජනප්‍රිය ගීතයකි. මාලිනී බුලත්සිංහල ‘කන්දක්’ සේම මියගිය අතර මූසිල සිසුවිය අදද ‘කෙන්දක්’ සේ සිටී. ප්‍රේම්ගේ සැසැඳීම නිවැරදිය.
‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයෙකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේදියෙකු ලවා දමා ඇති එක් කැපිල්ලක් නිසා ප්‍රේම් එම සංගීතවේදියා සමග මිය යන තුරුම වැඩ කළේ නැත. එක් චිත්‍රපටයකට ඔහු ගීතයක් ලියූ විට අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්ව තිබියදී සංගීතවේදියා හතර පස් වතාවක්ම යළි යළිත් ලියන ලෙස කීම ගැන කෝප වූ ප්‍රේම් අන්තිම වතාවේ ගීතය ලියූ කඩදාසිය ඉරා වීසි කර ගෙදර පැමිණ තිබේ. එම කැපිල්ල දමන්නට සංගීතවේදියා පෙළඹවූ ගීත රචකයා නිතර අනුන්ව විවේචනය කරන්නෙකු ද විය. ප්‍රේම් ඔහුගෙන් නිර්මාණශීලීව පලිගත්තේ පේ‍රඩී සිල්වාට ‘පාන් කිරිත්තා’ ගීය ලියමිනි.
“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා - තමන් දන්න දේ හරියට කරපන්...” කියා ප්‍රේම් ලියා ඇත්තේ ඔහුටය. ඔහු ජීවත්ව සිටියත් මළ සේය. ප්‍රේම් මළත් අදත් ජීවත් වන සේය.
ප්‍රේම්ගේ මුල්ම සහකාරිය වූ ප්‍රවීණ නිවේදිකා දයා ද අල්විස්ගෙන් වෙන්ව සිටි අවධියේ දිනක් ඔහු සිය මෝටර් රථයෙන් දෙල්කඳ පැත්තේ සිට කොළඹ දෙසට එමින් සිටියේය. දයාගෙන් ලැබූ දියණිය සුරංගි ද එකල ඔහුගෙන් ඈත්ව සිටියාය. නුගේගොඩ හරියේදී කහ ඉරෙන් පාසල් දැරියක් පාර පනිනු දැක ඔහු ඇයට යන්නට රිය නවතා බලා සිටියේය. ගීයක් ඉපදුණේය.

පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා...
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා...

යනුවෙන් ඒ මොහොතේ ඔහුගේ සිතේ උපන් ගීය නිරංජලා සරෝජිනියගේ හඩින් ගැයුණු විට එය ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය. නන්දා මාලිනී ගැයූ ‘සුරංගිට දුක හිතුණා’ ගීයද ඔහු ලිව්වේ සුරංගි දුව වෙනුවෙනි.
එච්.ආර්. ජෝතිපාලයන් 1987 ජූලි 7 වෙනිදා මියගිය පසුව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මධ්‍යයේ බොරැල්ල කනත්තේදී ජෝතිගේ අවමඟුල සිදුකෙරුණේ ජූලි 9 වෙනිදාය. එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. නිහාල් නෙල්සන් ගායකයාණන්ට ක්ෂණිකව කතාවක් දීමට සිදුවූ නිසා ‘මේ නිහාල් නෙල්සන් කතා කරන්න බලා‍පොරොත්තු වෙනවා...’ කියා ප්‍රේම් මයික්‍රෆෝනය දුන්නේය. කෙටි එහෙත් සරු කතාවක් කළ නිහාල් ජෝතිගේ නමට මුලින් ඇති එච්.ආර්. යන අකුරු දෙකට ගැළපෙන්නේ ‘හදවත රත්තරන්’ යන වදන් බව මුලින්ම කීවේ එතැනදීය. තම ගී පදවැල් රැසකට ජීවය දුන් ජෝතිමත් ගායක මිතුරාගේ දේහය චිතකයේ දැවෙන තෙක් බලා සිට ස්වාධීන රූපවාහිනියට ගිය ප්‍රේම් ජෝති අවමඟුල ගැන පැයක වැඩසටහනක් සකසා එම රාත්‍රියේම ඉදිරිපත් කළේය.
වැඩසටහන අවසානයේ ජෝතිගේ චිතකය දැවෙන දසුන පසුබිමෙන් ප්‍රේමකීර්ති වාදනය කළේ ජෝතිගේ ජනප්‍රිය පී්‍රති ගීතයක් වූ මේ ගීතයයි...

අද අමුතුම රැයකී
හොඳ සීතල පැයකී
අඳුරු වලා වැලකී
මගෙ හිත සතුට දකී

වෙනත් ඕනෑම නිවේදකයෙකු හෝ නිෂ්පාදකයෙකු ඒ වැඩසටහන කළා නම් එම දසුන පසුබිමෙන් ජෝතිගේ ඉතාම සෝබර ගීතයක් යොදනු නිසැකය. නමුත් නිර්මාණශීලී ප්‍රේම්, ඔමාර් ඛයියාම්ගේ දර්ශනය ඇදහූ ජෝති නමැති රසවතා මරණයෙන්ද සතුට දකින වග එම ගීය යොදමින් කියා පෑවේය. 1987 ජූලි 9 වෙනිදා ජෝති ගැන ප්‍රේම් එවැනි නිර්මාණශීලී වැඩසටහනක් ඉදිරිපත් කළත් 1989 ජූලි 31 වෙනිදා ප්‍රේමකීර්ති ද අල්විස් මරා දැමූ පසුව ඔහු ගැන හරිහමන් වැඩසටහනක් කරන්නට කිසිවෙකුත් සිටියේ නැත.


උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙන්...
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 3932
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by nihal123 on Tue Jul 26, 2016 11:09 pm

මා මළපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි...

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාදුන නා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
පද රචනය – මහගම සේකර
සංගීතය හා ගායනය – ඩබ්.ඩී. අමරදේව

මම මහගමසේකරයන් ව කිසි දිනෙක දැක නැත්තෙමි. ඔහුගේ උඩුකය පිළිබිඹුවක් මා ප්‍රථමයෙන් දුටුවේ මා පාසල් ශිෂ්‍යයකුව සිටියදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළයි. මහගමසේකර නම් පුද්ගලයකු මිහිපිට ජීවත් වූ බව මට දැනෙන්නට පටන්ගන්නේ 1980 වර්ෂයේදීය. එතුමන් ගේ ගීත අසා තිබුණද ඒවායේ රචකයා සොයා වෙහෙසීමට තරම් උනන්දුවක් එවකට මා තුළ නොපැවතිණි. එහෙත් මාගේ ජීවිතයේ මෙන්ම අධ්‍යාපනයේ ගමන් මඟද වෙනස් කළේ එතුමන් බව පාඨක ඔබට පවසන්නේ ඒ අතීතය මිහිරියාවකින් සිහිකරමිනි. එයට සවන්දීමට තරම් පාඨක ඔබ කාරුණිත වේ යැයි සිතමි.
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් මම එකල උසස් පෙළ හදාරමින් සිටියෙමි. භෞතික විද්‍යා විෂය සඳහා සෙනසුරාදා හවස නගර ශාලාව අසල බෞද්ධ කාන්තා විද්‍යාලයේ පැවැත්වූ භෞතික විද්‍යාපන්තියකට මම සහභාගි වීමි. ආනන්ද බාලිකා විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිට ඒ පන්තියට පැමිණි තරුණියක කෙරේ මගේ හිත ඇදී ගොස් තිබිණි. ප්‍රේමය වචනයෙන් ප්‍රකාශ කිරීමට ආත්ම ශක්තියක් නොමැතිව සිටි මම ඇයට ලිපියක් දෙන්නට ගොස් මහත් ලැජ්ජාවකට පත් වුණෙමි. අම්බලන්තොට වැනි ඈත දුර සිට කොළඹ පැමිණ සිටි ඇයට ඒ වන විට පෙම්වතකු සිටින බවක් මම දැන නොසිටියෙමි. දැඩිසේ චිත්ත පීඩාවට පත් මම පාසලේ පන්තිවලට සහභාගි නොවී පුස්තකාලයට රිංගා කල් ගතකිරීමට පුරුදු වුණෙමි. විද්‍යාලයට ඇතුළු වී වසර පහක් යනතුරු පුස්තකාලයට පා නොතැබූ මා පොත් අල්මාරියකින් පළමු වරට ඇදගත්තේ කවි පොතකි. ඒ මහගමසේකරයන්ගේ “සක්වාලිහිණි” නැමැති කවි පොතයි. එහි තිබූ එක කවියක් මම කොළයක ලියා සාක්කුවේ දමා ගතිමි. ඒ එවකට මා විඳි චිත්ත පීඩාව නිසා විය යුතුය.
අරුණෝදයේ ළා හිරු රැස් මත නටන
පිණි බිඳුවක් ලෙසින් ඔබ මට මුණ ගැසිණ
සැඩ හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිණි බිඳුවක් ලෙසින් ඔබ අහසට නැඟිණ”
එතැන් සිට මා ඔහු ගේ පොත් සොය සොයා කියවූ අතර අවසානයේ මම විද්‍යා අංශය අතහැර කලා අංශයෙන් විභාගයට පෙනී සිටියෙමි. එසේම මගේ පසුකාලීන නිර්මාණ ජීවිතයට ද දැඩිව ලැබුණේ මහගම සේකරයන් ආභාසයයි. අව්‍යාජ ලෙස හැඟීම් පළකිරීමට සේකර දැක්වූ කුසලතාව “මගේ පුංචි රෝස මලේ’ වැනි පද රචනාවක් සඳහා දැඩිව මට බලපෑ බව ප්‍රකාශ කළ යුතුය. කවදාවත් දැක නැති සේකර මගේ ජීවිතය වෙනස් කළේ ඒ ආකාරයෙනි.
”මා මළ පසු” නැමැති ගීතය හැත්තෑව දශකයේ දී රසිකයන් අතර අතිශයින් ජනපි‍්‍රය ගීතයක් බවට පත්වෙයි. මා අසා ඇති පරිදි මේ ඔහු ජීවිතයේ අවසානයට ලියූ පදමාලාවයි. තම රසිකයන් වෙත ඔහු කළ මේ අවසාන ආයාචනය එක් අතකින් දෛවෝපගතය. තම රසිකයන්ගෙන් හරිහම්බ කිරීමට තැක් නොකළ සේකරයන් මේ නිර්මාණය මඟින් ඉල්ලා සිටින්නේ කුමක්ද? එය සොයා බැලීමෙන් මහගමසේකර නම් වූ අව්‍යාජ කලාකරුවා තවදුරටත් හඳුනාගත හැකිවනු ඇත. මරණය පිළිබඳව මහගම සේකරයන්ගේ නිර්මාණයන්හි දැකිය හැක්කේ නැවුම් දැක්මකි. විටෙක මරණයට අභියෝග කරන ඔහු තවත් විටෙක මරණයේ සෞන්දර්ය දකී.
මන්ද ඔතන හැංගී උඹ කරන්නේ
අන්දකාර සලු පොරවා වැනෙන්නේ
නින්ද නැතිව මං පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ
(ව්‍යංගා)
එසේම “නොමියෙමි” නැමැති කාව්‍ය ග්‍රන්ථය තුළ ඔහු මරණය දකින්නේ සුන්දර යුවතියක ලෙසයි.
”පතුළ සිඹින වසින වරළ
ගන මේ කුළු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි ඇලි
ගලන දුහුල රමණී
නිලන නිලඹ සිහිලඹ පිරි
නයන පොකුණු සොබනී
සසර කතර ගිම් සනහන
කෙම් බිම ඔබ මරණී”
නොමියමි)
මරණය තමා කරා ඉක්මනින් පැමිණේවිය, වැනි හැඟීමක් සේකර තුළ නිරන්තරයෙන් තිබුණා විය යුතුය. ඒ නිසා තමාගේ නිර්මාණ පි‍්‍රයකළ රසිකයන් ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ ඉක්මනින් මරු තුරුළට යන තමා ගැන දුක් ගීයක් සොහොන්කොතේ ලියා තබන ලෙසයි. ඔහුට අවශ්‍යවී ඇත්තේ, කිත් යසස් මිල මුදල් නොව රසිකයන්ගේ ආදරය පමණයි.
”මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එනකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි”
සේකරයන් මේ බලාපොරොත්තු වන්නේ යෞවනියකගේ ප්‍රේමය නොව රසිකයන්ගේ ප්‍රේමයයි. “නන්නාදුනනා ඔබ” යන්නෙන් අදහස් කරන්නේ කවරදාවත් ඔහු දැක නැති ඔහුගේ රසික පිරිසයි.
’නන්නාඳුන නා ඔබගේ
අත් අකුරින් ලියණු මැනවි’
මේ මහා කවියා ගේ හදවත රසිකයන් ගේ ආදරය බලාපොරොත්තු වූ බව මේ තුළින් සංකේතවත් වේ. දුකෙන්ම පෝෂිත වූ ඔහුගේ කවිත්වය පෙරළා බලාපොරොත්තු වන්නේ ද දුකයි. මරණයෙන් පසුද තම ආදරණීය රසික රසිකාවියන්ගේ දුක වැලඳ ගැනීම මඟින් සේකරයන් තුළ පැවති දයාබරත්වය දැනුවත් වේ. යුරෝපීය රොමැන්ටික් සාහිත්‍යයද, සම්භාවනීය පැරණි සාහිත්‍යද සිංහල ජනකවියද සේකරයන්ගේ කාව්‍යමය භාෂාව තුළ රඳා පවතින අතර අවැසි විටක ව්‍යවහාරික බස් වහරින් ද සේකර රසික හදවත් ස්පර්ශ කරයි.
අඩ සද බැස ගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙන යන සඳ
රූහි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි
සේකරයන් විසින් මවනු ලබන්නේ පාළු ශෝකී පරිසරයකි. මේ මහා විශ්වයේම පවතින්නේ පාළු ශෝකී බව ඔහු වචන කීපයකින් මවාලනු ලබයි. කටුක යථාර්ථය ඉක්මවා යන මෝහනීය සෞන්දර්යයක් සේකරයන්ගේ ආත්මය පුරා ගැබ් වී තිබූ බව මෙහිදී පැහැදිලි වෙයි. අවසන් හුස්ම හෙළීමෙන් පසුද ඒ මෝහනීය සෞන්දර්යයේ ජීවත්වීමට ඔහු ඇලුම් කළ බව මෙහිදී පසක් වෙයි. තවදුරටත් ජීවත්වන උන්ගේ ශෝකය වුවද බෙදා හදා ගැනීමට තම මියගිය ආත්මය සූදානම් බව මේ මඟින් දැනුවත් වෙයි.
මේ ගේය පද වලට සංගීතමය අරුත සපයන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. හැටේ දශකයේ පමණක් නොව හැත්තෑව දශකයේ අඩක් ද මහගම සේකර අමරදේව සුසංයෝගය තුළින් පිරී පැවතිණි. සේකර වචනයෙන් මවන පරිසරය අමරදේවයෝ සංගීතය හා සුගායනය ඔස්සේ අප වෙත ගෙන එති. එහෙත් සෙහොන් කොතේ එක් ගීයක් ලිවීමෙන් සේකර නොමැති දුක තුනීකරගත නොහැකිය. ඔහු වරෙක මෙසේ ලීවේය.
”මගෙ කවියෙන් මා නොසොයන්”
එහෙත් සේකරයාණනි. අපි ඔබේ කවියෙන් ගීයෙන් ඔබ සොයාගත්තෙමු. ඔබව සොයා නොගත්තේ නම් අප ඔබව අපේ හදවතට ඇතුළු කරගන්නේ කෙසේද? ආදරණීය සේකර... අපි ඔබේ සොහොන් කොතේ දුක් ගී නොලියමු. මන්ද ඔබ මිය නොඟිය බැවිනි. ජීවිතයේ අප්‍රමාණ දුක් වලදා ඒ දුකට මිහිරක් එක්කළ ඔබේ සෑම අකුරක් ම අප අපේ හදවතේ ගැඹුරුම තැන සඟවා ගන්නේ අන් කිසිවක් නිසා නොව, අප මිය ගිය පසු යළි යළිත් අපට ඇසෙනු පිණිසය.


සටහන-ධම්මික බණ්ඩාර
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 3932
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by HUNTER on Wed Jul 27, 2016 7:18 am

Stories continue.
I enjoy reading.
avatar
HUNTER
Top contributor
Top contributor

Posts : 1638
Join date : 2014-07-14

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by nihal123 on Tue Sep 20, 2016 11:41 pm


ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - ඔබට ආදරේ කියනා අයුරින්

පෙර දවසක මා පෙම් කරනා සඳ - මටද ආදරේ කියා තිබේ

සුනිල් ආර්.ගමගේ මහත්මයා අතින් ලියවුණු මේ ගීතය, විරහ වේදනාව කැටි කරගත්ත එකක් බව, ඒක ඇහුණු සැණින්ම අපට තේරෙනවා. කොච්චර සුන්දර අත්දැකීමක් වුණත්, ආදරේ කියන්නේ විරහවත් අරගෙන එන හැඟීමක්. ගුණදාස කපුගේ මහතා හඬින් ගැයෙන මේ ගීතයත්, අන්න ඒ වගේ කඳුලු කතාවක් පාදක කරගෙන තමයි ලියවෙලා තියෙන්නේ.

පාසල් යන කාලයේ ඉඳන් ආදරය කරපු එක්තරා යුවලක් උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වෙනවා. දෙන්නටම සරසවි වරම් ලැබුණත්, අවාසනාවකට වගේ ඒ දෙන්නා තේරුණේ වෙනස් සරසවි දෙකකට. මොන දේ වුණත් එක හිතින් ආදරේ කරන්න පොරොන්දු වුණත්, සරසවියට ගිය මේ තරුණිය වෙනස් වුණේ හරිම ඉක්මණට.

පාසල් ප්‍රේමය අමතක කරන ඇය වෙනත් තරුණයෙක් සමඟ ආදරයෙන් බැඳෙනවා. ඇයගේ කලින් පෙම්වතා මෙයින් ඇතිවෙන්නේ දරාගන්න බැරි දුකක්. අහම්බෙන් වගේ මඟ තොටේදී ඔවුන් දෙදෙනාව මුණගැහෙන ඔහුගේ මතකයට අතීත ආවර්ජන ගලාගෙන එන්නේ හදිසියේ ඇද හැලෙන මහා වැස්සක් වගේ. ඉර බැහැගෙන යන හැන්දෑවක, සති අන්තෙක උද්‍යානයක, සිනමා ශාලාවක ඇයත් එක්ක තමනුත් මේ විදියට ඇවිදගෙන ගියා නේද කියන එක ඔහුට මතක් වෙනවා.

තමන්ගේ මිතුරා විඳින විරහ වේදනාව ඔහුගේ යාළුවත් දකිනවා. ඉතින් යාළුවා දකින ඒ වේදනාව තමයි මේ විදියට ගීතයක වචන බවට පෙරළෙන්නේ.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 3932
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: අපි නොදන්න ගීතයක කතාව

Post by spw19721 on Wed Sep 21, 2016 7:32 am

Heart touching story

spw19721
Active Member
Active Member

Posts : 324
Join date : 2015-08-22

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum