Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
ආචාර්යවරයකු වීම පහසුයි ගුරුවරයකු වීම අපහසුයි
ආචාර්යවරයකු වීම පහසුයි ගුරුවරයකු වීම අපහසුයි
අප ඉගැන්වීම පිළිබඳව අසා තිබෙනවා. ඉගැන්වීම කියන වචනයට ඉංගී‍්‍රසියෙන් Teaching කියල කිව්වත් Teaching යනු ඉගැන්වීම උනාට ඉගැන්වීම යනු කුමක්ද? කියා අපට හරියට ම පැහැදිලි නැහැ. ඉගැන්වීම කියලා කියන්නේ, දන්නැති දෙයක් කියලා දීම කියලයි අපි හිතාගෙන ඉන්නේ. දන්නැති දෙයක් කියලා දෙන්නා වූ තැනැත්තා ආචාර්යවරයා හැටියටයි සැලකෙන්නෙ.
Teaching කියන ඉංගී‍්‍රසි වචනයේ සිංහල තේරුම ඉගැන්වීම නම්, Teaching room යනු, උගන්වන කාමරයයි. Teaching Place උගන්වන තැනයි. Teaching hall උගන්වන ශාලාව, නම් Teaching hospital යනු උගන්වන රෝහල විය යුතුයි. නමුත් ඒ සඳහා භාවිත කරන්නේ ශික්‍ෂණ රෝහල කියලයි. එහෙමනම් ඉංගී‍්‍රසියෙන් Teaching කියල කියන්නේ ඉගැන්වීම සහ ශික්‍ෂණය කියන දෙකටම යි. උගන්වනව කියන්නේ ශික්‍ෂණයට ද? එසේත් නැතිනම් නොදන්නා දේවල් කියා දෙන එකට ද? කියල නූතන සමාජයක් සමග ගැළපූ විට අපට හිතෙන්නේ ඉගැන්වීම කියල කියන්නේ නොදන්නා කාරණාවක් කියලා දෙන එකට පමණක් නොවන බවයි.
ගුරුවරයා යනු, නොදන්නා දෙය කියලා දෙන්නාය යනුවෙන් බහුල වශයෙන් දෙමාපියන් සිතා සිටී. ශිෂ්‍යා සිතා ගන්නේත් ගුරුවරයා යනු නොදන්නා දෙය කියා දෙන්නාය කියා ය. ඒ වගේම ගුරුවරයා තමන් ගැන හිතාගෙන ඉන්නේත් ගුරුවරයා යනු, තමන්ට හිමි කාර්යභාරය නොදන්නා දේවල් කියා දීම කියා. Teaching යනු ඉගැන්වීමයි. ශික්‍ෂණයයි දෙකටම නම් මේ දෙකම කරන තැනැත්තා නිවැරැදි ගුරුවරයා ලෙස අර්ථ දැක්විය හැකි ය. නූතන ගුරුවරයා ගුරුවරයෙක්ද? නූතන දෙමාපියන් තමාගේ දරුවන්ට උගන්වන්නා වූ තැනැත්තාගෙන් බලාපොරොත්තුවන දෙය හරිද? ගුරුවරයාට තමා පිළිබඳ මනා අවබෝධයක්ද ජනතාවට ගුරුවරයා පිළිබඳ අවබෝධය ක් ද නොමැති බවක් පෙනෙන නිසා ගුරුවරයාට ආචාර්යවරයා ලෙස කියනු ලබනවා.
ගුරුවරයා යනු ආචාර්යවරයා නොවෙයි. ආචාර්යවරයා යනු ගුරුවරයා නොවෙයි. බුදුපියාණන් වහන්සේගේ කාලයේ සිට ආචාර්යවරයා සහ ගුරුවරයා එකම අර්ථයෙන් භාවිත නොවුනා නොවෙයි. ගුරුවරයා සහ ආචාර්යවරයා කියන වදන් දෙකේ සංස්කෘතිකව හා සමාජීය වශයෙන් අන්තර්ගතයන් දෙකක් තිබෙන බව පැහැදිලි ආචාර්යවරයා යනු තමාගේ මස්තිෂ්කයේ ඇති දැනුම් දත්ත ප්‍රමාණයන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යයාගේ මස්තිෂ්කයේහි තැන්පත් කරන්නාය. ආචාර්යවරයා කරනු ලබන්නේ තමා දන්නා දේවලින් ටිකක් ශිෂ්‍යයාට කියාදීම, හෙවත් බොහෝ වෙලාවට ඒ සඳහා මිලක් නියම කිරීම ගුරුවරයා ඉන්නේ දැනුම දෙන්න පමණක් නොවෙයි.
ගුරුවරයා යනු, ශිෂ්‍යයා වඩාත් පලදායක අයුරින් අනාගතයට යහපත් පුරවැසියකු කිරීම සඳහා මෙහෙයවන්නා වූ තැනැත්තාය.ආචාර්යවරයාගේ සහ ගුරුවරයාගේ කාර්යභාරය එයයි. ගුත්තිල ආචාර්යවරයායෙකි. “ආයෙය ඇදුරු ගුත්තිල” ඇදුරු යනු ආචාර්යවරයකු මිස ගුරුවරයකු නොවේ.
ගුත්තිල ශිල්ප ශාස්ත්‍ර ලබාදුන්න ආචාර්යවරයෙක් .ඒ නිසාමයි මෙම දෙදෙනා තුළ අර්බුද හටගැනුනේ. මූසිල සිතනවා ගුත්තිල යනු ආචාර්යවරයෙකු බව. ගුත්තිල සිතනවා මූසිල යනු ආචාර්යවරයකු බව.
මේ දෙගොල්ල අතර ඇතිවන සම්බන්ධතාවය අචාර්ය ශිෂ්‍ය මිස, ගුරු ශිෂ්‍ය සබඳතාවය නොවෙයි. දිසාපාමොක්ද ආචාර්යවරයෙක් මිස ගුරුවයක් නොවෙයි. බුදුපියාණන් වහන්සේ ගුරුවයෙක් මිස ආචාර්යවරයෙක් නොවෙති. අංගුලිමාලද දැණුමෙන් සන්නද්ධ කළේ ආචාර්යවරයෙක්. ඔහුට එරෙහිව මරණය දක්වා කැඳවාගෙන යනු ලැබුවේත් ආචාර්යවරයෙක්. ඔහු දිසාපාමොක් ඇදුරුයි. බුදුහාමුදුරුවන් භෛෂජ්‍ය ගුරු මිස අචාර්ය නොවෙයි. බුදුපියාණන් වහන්සේ නො දන්නා දේවල් කියා දුන්න කෙනෙක් නො වෙති. ආචර්යවරයා විසින් මිනීමරුවකු බවට පත් කරනු ලැබූ තැනැත්තකු ගුරුවරයකු වූ බුදුපියාණන් වහන්සේ විසින් මිනීමරුවකු සිට යහපත් පුරවැසියකු දක්වා වෙනස් කළා.
ගුරුවරයා සතු කාර්යය භාරය ඉතා බරපතළයි. වාග් විද්‍යාත්මක “ගෞරව” වෙන්නේ “ගුරු” ය. “ගුරු” යනු “ගෞරව “ නම් එය ගුරුවරයාගේ ස්වභාවයයි. “ගෞරව“ යනු “ ගුරු” බව නම් “ගුරු” යනු ගෞරවය නිරායාසයෙන්ම තිබෙන තැනක්. ගුරුත්වාකර්ෂණය යන වචනයෙන්ම ගුරුවරයා යනු බර කෙනකු මිස සැහැල්ලු පුද්ගලයකු ද නොවන බව පැහැදිලියි. ආචාර්යවරයකු වනවාට වඩා ගුරුවරයකු වීම අපහසු කාර්යයක්. ආචාර්යයවරයා නොදන්නා දේ දැණුවත් කරයි. දැණුමක් දෙන එක ලබාගන්න පත පොතින් අන්තර් ජාලයෙන්, පරිගණකයෙන් හැකි වුවත්, මෙහෙයවනු ලැබීම සඳහා ගුරුවරයෙක් අත්‍යාවශ්‍ය වෙයි. “ගුණ නැණ බෙලෙන් යුතු පුතුටය ඉතා ගරු” ඉතා ගුරු පුරවැසියකු නිර්මාණය කරන්න් ගුණ නැණ බලයෙනි. “ගුණ” දෙනු ලබන්නේ ගුරුවරයායි. “නැණ” පමණක් දෙන්නේ ආචාර්යවරයායි “ එනිසා සමාජයට ආචාර්යවරුන් විසින් බිහිකරනු ලැබූ නැණවත් පුරවැසියා ගුණවත් වුනේ නැහැ. නැණවත් නොවී ගුණවත් වීම හා ගුණවත් නොවී නැණවත් වීම තුළ ලොකු වෙනසක්. ගුණවත් නොවී නැණවත් වූ තැනැත්තාට හොරකම් කළ හැකි ගුණවත් නොවී නැණවත් වූ තැනැත්තාට නවීන ආයුධ, මිනිස් බෝම්බ වැනි මනුෂ්‍ය ඝාතනය සඳහා යොදා ගැනීමට අවශ්‍ය සියුම් තාක්‍ෂණ උපකරණ යොදා ගත හැකි නොවේද?
විනාශ කළ හැකි වෛරස නිෂ්පාදනය කිරීමට නැණවතුනට හැර වෙන කෙනෙකුට කළ හැකිද? ඒ ගුණවත් නොවූ නැණවතුන්ගේ කාර්යය භාරයයි. නැණවත් නොවූ ගුණවතුන් ලෝකයට අලුතෙන් යමක් එකතු නොකළාට ලෝකය විනාශ කරන්නේ නැහැ. ගුණවතා තමා පිළිබඳව මෙන්ම අනෙකා පිළිබඳවත් මැනවින් සිතනු ලබයි. එය ගුණවතාගේ ගුණයෙකි. එනිසා “ ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය” නිර්මාණය කළ යුතුව තිබුණෙ. නමුත් කනගාටුවට කරුණ නම් විශ්වවිද්‍යාලවලින්ද, විද්‍යා පීඨවලින්ද වෙනත් අභ්‍යාස ආයතනවලින්ද නිර්මාණය කරනු ලබන්නේ ආචාර්යවරුන් මිස ගුරුවරුන් නොවීමයි. එනිසා ජාතික අධ්‍යාපන දැක්මට පාරදෘශ්‍යභාවය එකතු නොවූ ස්වභාවයක් පෙනෙන්න තියෙනවා. එය තමයි ගුණවත් නොවන නැණවත් පිරිසක් බිහිකිරීම
පැණ මඩ කඩිති වැව් තාවලු පෙර කාලේ
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ
සිප් කිරි පෙවු මූසිලයනි උඩු මාලේ
අපේ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ
ශ්‍රී ලාංකික ආචාර්යවරුන් ඇත්තෙන්ම ගුරුවරුන් විය යුතුයි.
පාසලේ සිටින වැටුප් ලබන ආචාර්ය මණ්ඩල සාමාජිකයන් පමණක් නොවේ ගුරුවරු. මව සහ පියා අනිවාර්යයෙන්ම ගුරුවරුන් විය යුතුයි. එම ගුරු කාර්යභාරයෙන් මිදෙන්න මවටවත් පියාට වත් බැහැ. නූතන ශ්‍රී‍්‍ර ලංකාව මුහුණ දෙන දැවැන්තම ප්‍රශ්නය වන්නේ වර්තමාන දෙමාපියන් ගුරුකාර්යභාර කොතරම් දුරට ඉටු කරනු ලබනවාද යන්නයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
nihal123- Top contributor
- Posts : 4439
Join date : 2014-02-24
Age : 52
Location : Waga
Re: ආචාර්යවරයකු වීම පහසුයි ගුරුවරයකු වීම අපහසුයි
_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------
If someone finds an Avatar of me in cyberspace commenting and you are unsure, Keep asking deeper questions until you are satisfied to distinguish between the Real and the Avatar. The real answers questions directly and deeply

---------
slstock- Veteran
- Posts : 5099
Join date : 2014-06-12
yellow knife- Top contributor
- Posts : 5761
Join date : 2014-03-27
» Sri Lanka Telecom sees data revenue growing, margins falling
» රු. බිලියන 11 ක කොටස් ජනශක්ති ඉන්ෂුවරන්ස් යළි මිල දී ගනී
» Sri Lanka’s eChannelling offers video medical consultations, drug delivery
» Happy Birthday
» තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?
» Sri Lanka’s Cargills Bank to list in 2020
» Sri Lankan stocks end lower, foreign buying in CCS
» බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි
» Sri Lanka gold, jewellery price up after tax hike
» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
» Films - To Watch List
» Sri Lanka 01-year Treasuries yield drops to 9.65-pct
» Sri Lanka's TAFL says exports of parent chicks up, weak domestic demand
» Sri Lanka stocks gain 0.12-pct, rupee steadier
» Russia Sanctions Throw Global Aluminum Supply Chain Into Chaos
» LIOC.N0000 (Lanka IOC PLC)
» Sri Lanka economy to rebound, delaying reforms pose risks: World Bank
» Sri Lanka's central bank fires salvo against cryptocurrencies
» Sri Lanka hotel group Citrus Leisure to drop Kalpitiya hotel
» Sri Lanka's CPC losse Rs9.8bn on fuel sales in two months
» Sri Lanka US$2.5bn bond timing brought strong demand: Standard Chartered
» Sri Lanka President buys time for political manoeuvring
» IMF head warns China on exporting debt through 'Silk Road' amid Sri Lanka troubles
» ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
» Sri Lanka to revive oil exploration, bidding round in May 2018
» Sri Lanka cabinet re-shuffle talks ongoing: Rajitha
» Sri Lanka sells record US$2.5bn in 5, 10-year sovereign bonds
» 5000 Post Milestone - Congratulations
» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
» Hello and CSE ?
» Dividend Announcement
» සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
» රෝයල් ෆර්න්වුඩ් සමාගමේ ණය, දංකොටුව ‘කොටස්‘ කරයි
» MBSL ඉන්ෂුවරන්ස් ආයෝජකයාට නියාමකයින් හරහට හිටී
» වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි
» Building an automated trading system from scratch
» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
» CSE Ahead : Post No confidence motion + CB actions
» මහ බැංකුව නිත්‍ය ණය පොළිය අඩුකරන්න හේතු වූ කරුණු මෙන්න
» Expert says debt repayment levy ends up 0.25% on financial VAT
» ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි
» ඇඳුම ලක්ෂ 3හමාරයි! ඔරලෝසුව ලක්ෂ 50යි! සොෆ්ට්ලොජික් හිමිකරු පිටුපස කතාව මෙන්න..!
» Banking Sector Outlook-
» EAP එකට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 75ක්
» APLA.N0000 (ACL PLASTICS PLC)
» “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala
» Dutch Court Rules That Bitcoin Has “Properties of Wealth”
» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
» Honey trap for SL politico's