- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද?
ඒ අතරේ උන්නැහේට වුවමනා වුණා ධනාත්මක චින්තනය පිළිබඳ වඩාත් නිවැරදි දැක්මක් සමාජගත කරන්න.
“උඹේ ඔය ධනාත්මක බණේ අහලම දැන් අපිට තිත්ත වෙලා මචං. ඒ හින්දා උඹ ඔය කියන්න යන දේ දාලා ‘ධනාත්මක චින්තනයට නව මුහුණුවරක්’ වගේ නමකින් පොතක් පබ්ලිෂ් කරපන්; එතකොට ඔය ගැන උනන්දුවක් දක්වන මිනිස්සු හරි ඒක අරගෙන කියවාවිනේ.”
ධනාත්මක චින්තනය පිළිබඳ තමන්ගේ නව අදහස් කෙළවරක් නැතුව කියන්න පටන් ගත්තට පස්සේ දවසක් අපේ බෙදාහැරීම් කළමනාකරු ලිච්ඡවී මහත්තයා ගල්හේන ලොක්කාට එහෙම කිව්වා.
“හැබැයි පුතෝ ඒ අදහසත් නරකම නෑ තමයි.” එහෙම කියපු ගල්හේන මහත්තයා ඒ වෙලාවේ ඔළුව වැනුවේ ඒ යෝජනාව දිහාත් ධනාත්මකව බලලා; කොහොම හරි මෙන්න ඒ කතාබහෙන් මාසයක්වත් ගියේ නැහැ අපේ ගල්හේන උන්නැහේ “ධනාත්මක චින්තනයට නව මුහුණුවරක්” කියලා පොතක් ලියලා. ලොකු ගාණක් දීලා ඒක මුද්‍රණය කෙරෙව්වා. ඒත් ඒ පොත අරගෙන කොළඹ සහ අවට පොත් සාප්පු දහයකට පහළොවකට ගියාට මොකද ඒ පොත් සාප්පු වලින් නම් ඒකට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ.
“මචං; අද සමාජයේ මිනිස්සුන්ට හොඳ දේවල් සමීප කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි; ඒත් මම දන්නවා; කවුරු හරි කෙනෙක් මගේ මේ පොත කියෙව්වොත් මිනිහා ඒ ගැන කියන දේවල් වලට තවත් පොත් පහළොවක් විස්සක් අනිවාර්යයෙන්ම විකිණෙනවා; ඒ හින්දා මම බලහත්කාරකමින් වගේ පොත් සාප්පු කීපෙකට පොත් සීයක් හමාරක් නිකම්ම දාලා ආවා” පසුගිය දවසක ඒ පොත ගැන අහපු ලිච්ඡවී මහත්තයාට ගල්හේන ලොක්කා එහෙම කිව්වා.
කොහොම හරි පසුගිය දවසක මේ දෙන්නා බොරැල්ල සුපර් මාකට් එක ළඟ ඉන්න කොට මෙන්න බොලේ එතැනින් ගිය ලස්සන නෝනා කෙනකුගේ අතේ මේ ධනාත්මක චින්තනයට නව මුහුණුවරක් කෘතිය තියනවා.
“එක්ස්කියුස් මී මැඩම්” ඒ නෝනා දැක්ක ගමන් පටස් ගාලා එතනට දුවගෙන ගිය ගල්හේන ලොක්කා බොහොම ආචාරශීලීව නෝනට කතා කළා.
“මට මැඩම් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන්ද මැඩම්?” ඒ එක්කම ගල්හේන ලොක්කා කිව්වේ නෝනාගේ අතේ තියෙන්නෙ තමන් ලියපු කෘතියක් බව නිකමටවත් අඟවන්නේ නැතුව.
“පුළුවන්” ඒ නෝනාත් පටස් ගාලා උත්තර දුන්නා.
“ඒත් ඊට කලින් මට විනාඩි පහක් ඕනේ මිස්ට” ඒ එක්කම ඒ නෝනා කිව්වා.
“ඒ මොකටද මැඩම්?” එතකොට ගල්හේන ලොක්කාත් අතිශය ආචාරශීලී විදිහට කිව්වා. එතකොටම ඒ නෝනා ගල්හේන මහත්තයගේ කෘතිය දික් කරලා පෙන්නුවා.
“බලන්නකෝ මම ඊයේ අර පොත් සාප්පුවෙන් පොත් තෝරන අතරේ මේ කිසිම වැදගැම්මකට නැති මහ බහුබූත පොත් කබලකුත් තෝරලනේ; මම මේ යන්නේ ආපහු සල්ලි ගන්න බැරි නම් මේ මළදානේ නිකම් හරි ඒ සාප්පුවටම දීලා එන්න”