Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
පෙම්වතියගේ පියා හිඟාකනු දුටු තරුණයා කළ දේ..!
පෙම්වතියගේ පියා හිඟාකනු දුටු තරුණයා කළ දේ..!
2015-09-21 09:23:13
ත්‍රිවංක ගාල්ලේ දොඩංගොඩ ප්‍රදේශයේ තරුණයෙක්. ඔහු එවකට බාහිර උපාධිය හදාරමින් තමයි හිටියේ. දිමිත්‍රි කියන්නේ බද්දේගම ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ හදාරමින් සිටි තරුණියක්. ත්‍රිවංකට දිමිත්‍රි හමුවෙන්නෙ බද්දේගම පුස්‌තකාලෙදී. මේ දෙන්නම මේ පුස්‌තකාලෙට හරිම ආදරෙයි. හරියට අම්ම තාත්තා ළඟට එනව වගේ හැමදාම හවසට එනවා. ඒකට හේතුව මහ විශාලෙට ගොඩනැඟිල්ලක මේ පුස්‌තකාලෙ නොතිබුණාට හොඳ වටිනා පොතපත මේ පුස්‌තකාලෙ තිබුණු නිසයි.
ත්‍රිවංක, විරාගය, ගම්පෙරළිය එහෙම නැත්නම් රුසියන් නවකතාවක් සාමාජික කාඩ්පතට ගත්තොත් දිමිත්‍රිත් ඒ පස්‌සෙම තමයි. කොහොමින් කොහොම හරි මේ දෙන්න සෑහෙන කාලයක් මේ විධියට ගියයි කියමුකෝ. මේ දෙන්නටම ඕනෙ තම තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කර ගන්න. ත්‍රිවංක මාස ගණනාවක් තිස්‌සේ දිමිත්‍රිට ලියාපු ලියුම දෙන්න දෙකට දෙවාරුවේ ඉඳල ඉඳල එක්‌තරා ඉරිදා දවසක තුම්මේ හන්දියේදී ලියුම දීල පණ එපා කියලා දිව්ව වගේ. තෙලිකඩ බස් එකකට නැඟල ගෙදර ගියා.
දිමිත්‍රිත් ඔහුගේ ප්‍රේමය පළමු ලිපියෙන්ම පිළිගත්තා. දෙන්න පුස්‌තකාලෙට ආවට බොහෝම විනයගරුකව හැසිරුණා. අදහස් කියා පෑවේ ලිපිවලින්. දිමිත්‍රි සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වුණා. ත්‍රිවංකත් බාහිර උපාධි ප්‍රථම වසර සමත් වුණා. ඔහු ඇයගේ ගෙදරට ආව ගියා. අම්ම තාත්තගෙ කැමැත්ත ඕඩිහෙලේටම ලැබුණා. දිමිත්‍රිගේ තාත්ත කොළඹ ආයතනයක රැකියාවක් කරන බව ඇය තමාගේ පළමු ලිපියෙන්ම කිව්වා. දිමිත්‍රිගේ තාත්ත එක දවසක් ත්‍රිවංකට මෙහෙම කිව්වා.
"පුතේ මට ඕන ධනය බලය නෙවෙයි. හැදිච්චකම ගුණ යහපත්කම බුද්ධිමත්කම විතරයි. ඔය දරුව හිඟන්නෙක් වුණත් කමක් නෑ පුතේ. ජීවිතේ කියන්නෙ සල්ලිය භාගෙට කුලය බලයට නෙවෙයි. ජීවිතයට මූණදීමේ ශක්‌තිය ප්‍රශ්නවලට මුහුණ දීමේ ශක්‌තිය පිරුණු කෙනාට ඕනෑම තැනක ජීවත් වෙන්න ඇහැකියි. පුතාට ඒ ශක්‌තිය තියෙනවා."
ත්‍රිවංක ඒ තාත්තගේ කතාව පිළිගත්ත. ත්‍රිවංක යමක් කමක් ඇති පවුලක කෙනෙක්. නමුත් තම ප්‍රේමය ගැන ගෙදරට කිව්වේ නෑ. පස්‌සෙන් පහු කියනව කියල හිතා ගත්තා. ඔයින් මෙයින් කාලය වක්‌කඩ කැඩුව වගේ ගියා. ත්‍රිවංක දිමිත්‍රිලගේ ගෙදරදී තාත්තා ගෙදර හිටපු හැම දවසකම මේ තාත්තා ත්‍රිවංක ගෙදර යන්න හදනකොටම ත්‍රිවංකගෙ කමිස සාක්‌කුවට රුපියල් දහයක් පහළොවක් නොදාන්නේ එහෙමත් දවසක.
"පුතා බස් එකට ඕක තියා ගන්න. මොනවත් හිතන්න කාරි නෑ. මම කැමැත්තෙන් දෙන දේ"
තාත්තා එහෙම කියන කොට දිමිත්‍රිගෙ අම්මත් ඒකට උල්පන්දම් දෙනව. අම්ම මෙහෙම කියනව.
"අපි සල්ලකාරයොයි කියල හිතන්න එපා. තාත්තගෙ ආශාවනේ පුතේ" එහෙම අම්ම කියන කොට දිමිත්‍රි ඇවිත් කමිස සාක්‌කුවෙ යන්තම් එල්ලිලා තියෙන රුපියල් දහය ඈ සාක්‌කුවේ ඇතුළටම දානවා.
ඔන්න එකමත් එක දවසක ත්‍රිවංක හිත මිත්‍රයෙකුගේ වැඩකට නුගේගොඩ ගියා. නුගේගොඩ බෝගහ යට දිමිත්‍රිගෙ තාත්ත වගේම කෙනෙක් බිම වාඩිවෙලා ටින් එකකුයි පිඟානකුයි ළඟින් තියාගෙන ඉන්නව දැකල දනි පනිගලා ළඟට කිට්‌ටු වුණයි කියමුකෝ. ත්‍රිවංක එක පාරටම ගැස්‌සුණා. ඔහු "තාත්තේ ඇයි මේ... මෙතන හිඟා කන්නෙ? කියලා ඇහුවා.
"අනේ පුතේ මට සමාවෙන්න මගේ රක්‍ෂාව දේශපාලනේ නිසා නැතිවෙලා ගියා. රක්‍ෂාවක් කරන්න හයි හක්‌තියක් නැති කමට අවුරුදු දෙක තුනක ඉඳලා තැන තැන හිඟා කනව පුතේ. අනේ අපිට සමාවෙන්න පුතේ. මගේ දරුවා හරිම දක්‍ෂයි පුතේ ඉගෙන ගන්න. විශ්වවිද්‍යාලයට යන්නයි දූගේ කල්පනාව. අම්මයි දූයි දන් නෑ මේ කිසි දෙයක් පුතේ. මට සමාවෙන්න.
ත්‍රිවංක කරන්ට් එකට අහුවෙලා විසිවෙලා ගියා වගේ තාත්තව අල්ලගෙන බදාගත්ත. ඔහුට සිහිවුණා තාත්තා කියපු බොහෝ දේ. ඔහු තාත්තට කිව්වා මීට පස්‌සෙ තාත්තා ගෙදර ඉන්න. මම සල්ලි දෙන්නම් දිමිත්‍රිට විශ්වවිද්‍යාලයට යන්න මම වියදම් කරන්නම් කියල. ත්‍රිවංක තාත්තව නැගිටුවල ඇඳුම් ටිකකුත් අරගෙන හෝටල් කාමරේකට ගිහිල්ල තාත්තව ජණ්‌ඩියට අන්දවගෙන ගාලු බස් එකක නැඟල ගමට යන්න පිටත් වුණා.
ගමට යන අතර වාරේ තාත්තට සිහියට ආවා ළමයෙක් බුද්ධිමත් නම් සමාජය තේරුම් අරගෙන ඇත්නම් ප්‍රශ්න බොහොමයක් ඔඩු දුවන්නෙ නැහැ කියල. ත්‍රිවංකට තේරුම් ගියා ලංකාවේ තියෙන දේශපාලන සමාජය නිසා මිනිස්‌සුන්ට මොන මොන විපත් වෙනවද කියල.
අශෝක කාරියවසම්
(උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි)
- See more at: http://offair.nethfm.com/article/26449#sthash.cYx2OKkR.dpuf
nihal123- Top contributor
- Posts : 4440
Join date : 2014-02-24
Age : 52
Location : Waga
Re: පෙම්වතියගේ පියා හිඟාකනු දුටු තරුණයා කළ දේ..!
spw19721- Active Member
- Posts : 419
Join date : 2015-08-22
Re: පෙම්වතියගේ පියා හිඟාකනු දුටු තරුණයා කළ දේ..!
Put more comments, then you can hit the like button.

nihal123- Top contributor
- Posts : 4440
Join date : 2014-02-24
Age : 52
Location : Waga
Re: පෙම්වතියගේ පියා හිඟාකනු දුටු තරුණයා කළ දේ..!
Beggar in Sri Lanka
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7173
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම
» Sri Lanka Telecom sees data revenue growing, margins falling
» රු. බිලියන 11 ක කොටස් ජනශක්ති ඉන්ෂුවරන්ස් යළි මිල දී ගනී
» Sri Lanka’s eChannelling offers video medical consultations, drug delivery
» Happy Birthday
» තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?
» Sri Lanka’s Cargills Bank to list in 2020
» Sri Lankan stocks end lower, foreign buying in CCS
» බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි
» Sri Lanka gold, jewellery price up after tax hike
» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
» Films - To Watch List
» Sri Lanka 01-year Treasuries yield drops to 9.65-pct
» Sri Lanka's TAFL says exports of parent chicks up, weak domestic demand
» Sri Lanka stocks gain 0.12-pct, rupee steadier
» Russia Sanctions Throw Global Aluminum Supply Chain Into Chaos
» LIOC.N0000 (Lanka IOC PLC)
» Sri Lanka economy to rebound, delaying reforms pose risks: World Bank
» Sri Lanka's central bank fires salvo against cryptocurrencies
» Sri Lanka hotel group Citrus Leisure to drop Kalpitiya hotel
» Sri Lanka's CPC losse Rs9.8bn on fuel sales in two months
» Sri Lanka US$2.5bn bond timing brought strong demand: Standard Chartered
» Sri Lanka President buys time for political manoeuvring
» IMF head warns China on exporting debt through 'Silk Road' amid Sri Lanka troubles
» ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
» Sri Lanka to revive oil exploration, bidding round in May 2018
» Sri Lanka cabinet re-shuffle talks ongoing: Rajitha
» Sri Lanka sells record US$2.5bn in 5, 10-year sovereign bonds
» 5000 Post Milestone - Congratulations
» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
» Hello and CSE ?
» Dividend Announcement
» සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
» රෝයල් ෆර්න්වුඩ් සමාගමේ ණය, දංකොටුව ‘කොටස්‘ කරයි
» MBSL ඉන්ෂුවරන්ස් ආයෝජකයාට නියාමකයින් හරහට හිටී
» වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි
» Building an automated trading system from scratch
» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
» CSE Ahead : Post No confidence motion + CB actions
» මහ බැංකුව නිත්‍ය ණය පොළිය අඩුකරන්න හේතු වූ කරුණු මෙන්න
» Expert says debt repayment levy ends up 0.25% on financial VAT
» ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි
» ඇඳුම ලක්ෂ 3හමාරයි! ඔරලෝසුව ලක්ෂ 50යි! සොෆ්ට්ලොජික් හිමිකරු පිටුපස කතාව මෙන්න..!
» Banking Sector Outlook-
» EAP එකට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 75ක්
» APLA.N0000 (ACL PLASTICS PLC)
» “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala
» Dutch Court Rules That Bitcoin Has “Properties of Wealth”
» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
» Honey trap for SL politico's