- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
‘ආර්ථික ආලාපාළුව’ චම්පිකගේ ඇසින්
15 දෙසැම්බර් 2014
කොටි සංවිධානය පරාජය කරමින් ලද යුද ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් ඔහුගේ තනි කාර්යභාරයක් හැටියට හඳුන්වා දෙනු ලැබීම රට නොමග යැවීමක් වන බව ජාතික හෙළ උරුමය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ, ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ විද්වත් හමුවේදී.
2005 ජනාධිපතිවරණයේ දී ‘මහින්ද චින්තන’ ප්‍රකාශනය මගින් යුද්ධය අවසන් කිරීම සහ ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරේ අවධානය යොමු කර තිබුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොටි සංවිධානය පරාජය කිරීමේ උවමනාවක් තිබිණැයි පැවසීම වැරදි අදහසක් දීමක් වන බවයි , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටින්නේ.
එමිල් කාන්තන් සමඟ සාකච්ඡා
ඒ වෙනුවට 2005 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පෙරට යමින් තිබිය දී එදා ජනාධිපති ධූර අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ සිය ජයග්‍රහණය සහතික කර ගැනීම සඳහා එමිල් කාන්තන් සමඟ සාකච්ඡා කර ඇති බව හෙළිදරව් වී ඇති බවයි හෙළ උරුමය ලේකම්වරයා පවසන්නේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සාම සාකච්ඡා වලට මහින්ද රාජපක්ෂ පාලනයත් සහභාගී වූ බව සිහිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, කොටි සංවිධානය ‘මාවිල්ආරු’ සොරොව්ව වසා දැමූ අවස්ථාවේ ජාතික හෙළ උරුමය භික්ෂූන් පිරිසක් එහි විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය නතර කිරීමට බල කළ බවයි කියා සිටියේ.
එවැනි තත්වයක් යටතේ රට යුද්ධයෙන් බේරා ගැනීමේ තනි අයිතිය ජනාධිපතිවරයාට පවරා ගත නොහැකි බව පාඨලී චම්පික රණවක පවසයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ‘යුරෝපයේ කොටි පෙන්වමින් ගෙදර මුවන් මැරීමට ඉඩ නොදෙන’ ලෙසයි.
දුර්වල ආර්ථික පිළිවෙතක්
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රට තුළ දූෂණය පැතිර ඇති බව කියා සිටි මන්ත්‍රීවරයා අද රට අනුගමනය කරන ආර්ථික පිළිවෙත දුර්වල වූවක් වන බවත් පෙන්වා දෙයි.
අධිවේගී මාර්ග හැදීමට ආණ්ඩුව වැඩි පොලියට ගනු ලබන ණය ගෙවන්නට සියලු දෙනාටම සිදු වන අතර ත්‍රීරෝද රථවලට , යතුරුපැදි වලට පෙට්‍රල් හෝ ඩීසල් පිරවීමේ දී අධිවේගී මාවත් තහනම් එම රියදුරන්ටත් ආණ්ඩුවේ ණය වෙනුවෙන් රුපියල් හැටත් අනූවත් අතර මුදලක් ගෙවීමට සිදු වෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.
අද ශ්‍රී ලංකා ආර්ථිකය මෙහෙයවන ‘මෙගා ඩීල්’ කරුවන් ගැනත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක දීර්ඝ වශයෙන් අදහස් පළ කළේය.
ඇතැම් ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ අවශ්‍යතා පරිදි සිදු කොට ඇති රටට අහිතකර ගණුදෙනු, කැසිනෝ ව්‍යාපාරය , අසාර්ථක හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල ඇතුළු ව්‍යාපෘති ගැනත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවකගේ ‘ආර්ථික ආලාපාළු’ කෘතියේ අවධානය යොමුව ඇත.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141215_lanka_champika_doomboom
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: ‘ආර්ථික ආලාපාළුව’ චම්පිකගේ ඇසින්
කොටි සංවිධානය ‘මාවිල්ආරු’ සොරොව්ව වසා දැමූ අවස්ථාවේ ජාතික හෙළ උරුමය භික්ෂූන් පිරිසක් එහි විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය නතර කිරීමට බල කළ බවයි කියා සිටියේ.
මම මෙතන විදුලි ඉංජිනේරු තුමාගේ ආර්ථික පාණ්ඩිත්වය හා ඒ හා සම්බන් ධ දේ විවෙචනය කරන්න යන්නෙ නෑ. නමුත් මේ මාවිල් ආරු ලකුණු දමා ගැනීමේ ඇත්ත තත්ත්වය සටහන් කල යුතු යැයි සිතමි.
එහි ඇත්තටම සිදු වූ අවාසනාවන්ත දේ එවකට එහි සිටි කමාන්ඩෝ සෙබලුන් ගෙන් ඉතුරු වූ අය කියයි.
මාවිල් ආරු වැසිම ඉවසිමෙ සීමාව ඉක්මවා යන තැන අපේ හමුදා රජයේ ඉහල නියෝග හා තීරණ වලට අනුකූලව එහි ප්‍රභල ක්‍රියාන්විතයක් සඳහා සැලසුම් වහා සකස් කලා.
ප්‍රභල ආයුධ හා දක්‍ෂ කමාන්ඩො සෙබලුන් එහි යෙදවිමට සිටිය.
කොටි දැවැන්ත බලයක් එහි රැස්කර තිබුන. ඒ නිසා ඉතා සූක්‍ෂම ලෙස කල් යල් බලා ඔත්තු බලා ප්‍රහාර සැලසුම් කෙරුන. හමුදා සැලැස්ම තිබුනෙ හොඳම තත්ත්පරයේදී ඩයිවර්ශන් ප්‍රහාරයක් මගින් ඔවුන් ව වෙනතකට යොමු කර හැකි තරම් හානියක් කර කොටි ප්‍රහාරක බලය දුර්වල කර උදේ පාන් දර එක් වරම මාවිල් ආරු දෙසට කොමාන්ඩෝ සෙබලුන් යවා ඇනිකට් එක අල්ලා ගන්න.
නමුත් එක්තරා හිමි නමක් සිය පිරිවර සමග එහි ගොස් නියමිත සැලසුම් අඩාල කරමින් හැසිරුනා. හමුදාවෙ අය හා රජය බය නම් තමන් ඉදිරියට යන බව කියමින් ගෝශා කලා.
හමුදාවේ අය ඉල්ලා සිටිය "හාමුදුරුවනේ කරුණාකරල අපේ ප්ලැන් එක හොල්ලන්න එපා. අපි අවශ්‍ය වෙලාවට එය කරන්නම් . නැත්නම් මෙතන වෙන්නෙ මහා ජීවිත විනාශයක්" කියා.
නමුත් මෙම අදූරදර්ශී පුද්ගලයන් එහි ගොස් මෝඩයන් සේ හැසිරෙමින් තම යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා හෝ නොදන්න කම නිසා "හමුදාව 'බය' උනාට අපි වීර සිංහලයන් බය නෑ" කියමින් කඩාගෙන යන්න පටන් ගත්ත. කොටි ප්‍රහාර දැඩි උනා. හමුදා සැලසුම් වෙනස් වි ප්‍රහාරය සැලසුම්කල අන්දමට වඩා කලින් එවෙලේ හිතෙන ලෙස දියත් කරන්න සිදු උනා.
මෙදින මේ කරපු ක්‍රියාව නිසා වෙලාවට කලින් ඉදිරියට යවන්න සිදුවූ අති දක්‍ෂ කමාන් ඩෝ සෙබලුන් 120 ක් පමන නිරපරාදේ කොටි ප්‍රහාර හා බිම් බෝම් බ වලට බිලි වි මරුමුව දුටුව.
පසුව මේ කල්ලිය ලංකාවටම කියන්න ගත්ත හමුදාව හා රජය බයේ ඉන්න කොට අපි තමයි ඒ බය ඇරවල ඉස්සරහට යැව්වෙ කියල. එසේ කියමින් චන් ද එකතු කලා. බොහෝ අය මේවාට රැවටී චන් දෙ දුන්න.
සියලු පුහුණු වීම හා බුද්ධි , ආයුධ බලයෙන් යුත් සන්නාහ සන්නද්ධ හමුදාවක් බයේ ඉන්න එකයි සිවුර කරට ගත්ත කිහිපදෙනෙක් ඉදිරියට ගිය නිසා ඒ බය නැතිවී හමුදාවත් ඔවුන් පස්සෙන් ඒමයි මොන්ටිසෝරි යන බබාලට කියන බොළඳ කතන් දර බව හමුදාවක තත්ත්වය , පුහුණුව හා ක්‍රියාකාරිත්වය ගැන දැනුමක් තියෙනෙ ඕනෑම කෙනෙකුට සිතා ගත හැකි දෙයකි. මේ අයගේ ගොන් වැඩේ නිසා මිය ගිය කමාන්ඩෝ වීරයන් 120 , අතපය නැතිකර ගත් තව සිය ගානක් ගැන කිසිම ගානක් නැත.
කාවද තාමත් මේ අන්දන්න හදන්නේ ?
- chinwi