- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: Body Building
මනෝ සේටිඨා මනෝමයා
මනසාචෙ පදුට්ඨෙන
භාසතීවා කරෝතිවා
තතෝ නං දුක්ඛමන්චේති
චක්කංව වහතෝ පදං
අර්ථය: චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගති වලට සිත පෙරටුය. ඒ ගති සිතම ශ්‍රේෂ්ඨ කොව පවතින්නෝය. සිතින්ම උපදින්නෝය. ඒ නිසා යමෙක් නරක, කිලිටි සිතින් යමක් කියයි නම් කරයි නම් (කරත්තය අදින ගොනා අනුව රෝදය යන්නාක් මෙන්) ඔහු පසු පස්සේ දුක ලුහු බදී.
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසාචෙ පසන්නේන
භාසතී වා කරෝති වා
තතෝ නං සුඛමන්චෙති
ජායාව අනපායිනී
අර්ථය: චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගති වලට සිත පෙරටුය. ඒ ගති සිතම ශ්‍රෙෂ්ඨ කොට පවතින්නෝ ය. සිතින්ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් හොද පහන් සිතින් යමක් කියයි නම් කරයි නම් සිරැර නොහැර යන සෙවනැල්ල මෙන් ඔහු පස් පස්සේ සැපය ලුහු බදී.
මූලාශ්‍රය: ධම්ම පදය