The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Tile - SnapshotWed Sep 28, 2022 12:45 pmකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා Empty හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා

Thu Apr 04, 2019 11:52 pm
Message reputation : 100% (2 votes)
හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
හීන්බන්ඩාගේ රැවුල හා ගැමි පෙනුම නිසා ඔහුට ඇත්තේ වයසට වඩා මහලු පෙනුමක්. ජාතික ඇඳුම ඇන්දත් නිතර බුලත්විට කෑම නිසා පිරිසිදු බවක්නම් පෙන්නුම් නොකරයි.

කුරුනෑගල දිසාවේ ඈත පිටිසර ගමක හැදී වැඩී තාමත් එහිම පදිංචි හීන්බන්ඩා සති අන්තයේ සුපුරුදු පරිදි ගෙදර එනවිට ඔහුගේ තිරික්කලයේ බඳින නාම්බන් වස්සා හොරු ගෙනිහින් තිබුනි.
සෑම සෙනසුරාදාවකම උදේ නගරයේ පොලට ගොස් ගෙදර අයට සතියක් කෑමට අවශ්‍ය එලවලු, තුනපහ, සමග බුලත් විට කෑමට අවශ්‍ය හුනු දුම්කොල ආදිය ගෙන ඒම ඔහුගේ සිරිතයි.
ගොන් වස්සා නැතිවීම ගැන පැමිනිලි කිරීමට පොලිසියට යාමට සිතා හිටි හෙයින් ඔහු උදයෙන්ම නගරයට ගියේය.
නගරයේ කුඩා කඩයකින් ලැවරියා දෙකක් කා තේ කෝප්පයකින් සප්පායම් වී රට දුම්කොල බුලත් විටක්ද කටේ රුවා ගත්තේය….
පොලිසියට ගොඩවනවිට උදේ නවයත් පසුවි ඇතිබව දුටුවේ එහි බිත්ති ඔරලෝසුවෙනි.
පැමිනිලි අංශයට දුර තියාම එබිකම් කල හීන්බන්ඩා එහි ආලින්දයේ වූ පුටු දෙකින් එකක වාඩි විය. එහා මෙහා ගමන් කරන පොලිස් නිලධාරීන් හැරුනුවිට මේසයක පුටුවක සිට රාජකාරි කරන නිලදාරියෙක් ඔහු දුටුවේ නැත.
සෑහෙන වෙලාවක් ගිය පසු පොලිස් නිලධාරියකු ඔහු ඇමතීය…
“ඇයි ලොකු උන්නැහේ…”
“පැමිනිල්ලක් දාන්ට රාලහාමි…”
“පැමිනිලි ලියන රාලහාමි තාම ඇවිල්ල නෑ… එනකම් ඉන්ට වෙයි. හා… බුලත් විට කනව නේද…. මිදුලෙ කෙල ගහනවා හෙම නෙවෙයි….”
තවත් පැය බාගයක් පමන ගියවිට පොලිස් කාන්තාවෝ දෙදෙනෙක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හිමින් ගමනින් ඔහු සිටින තැනට ආහ.
එහි වූයේ පුටු දෙකකි. එකක හීන්බන්ඩා ඉඳගෙනය….
“ලොකු උන්නැහැ පොඩ්ඩක් ඔතන ඕනෑ..” කියන්ටත් ඔහු නැගිට පුටුව ඉඩ දුනි.
විනාඩි දහයක් පමන ඕපාදූප කතාකිරීමෙන් පසුව එක් පොලිස් කාන්තාවක් හීන් බන්ඩා දෙස බැලීය….
“මේ උන්නැහැ මොකද…”
“පැමිනිලි ලියන රාලහාමි එනකම් නෝනා….”
“අද පැමිනිලි ලියන්නේ මමයි… මොකක් ගැනද පැමිනිල්ල….”
“මගෙ හරකෙක් හොරු ගෙනිහිං නෝනා….”
“හයියෝ ලොකු උන්නැහේ… හරකෙක් නැති උනානම් ගමේ ඇවිදල හොයාගන්නව මිසක් මෙහෙ ආවෙ අපිට වද දෙන්නද….”
“හා.. හා… එනව බලන්න…”
මෙසේ කියූ පොලිස් කාන්තාව ඇගේ මේසයේ පුටුවේ ඉන්දගත්තාය. පැමිනිලි කරුට ඉඳ ගැනීමට පුටුවක්ද එහි නැත.
හීන් බන්ඩා හිටගෙනම පැමිනිල්ල ඉදිරිපත් කලේය
“ලොකු උන්නැහේ ඉස්සරහට ඇවිල්ලා කෙලින් ඉන්න…. වටපිට බලන්නයි වැනෙන්නයි එපා… මට තව වැඩ තියෙනවා…”
“තමාගේ නම…?”
“දිසානායක මුදියන්සේලාගේ හීන්බන්ඩා”
“පදිංචිය…?”
“හෙට්ටිපොල…”
“වයස…?
“54 යි…”
“රැකියාවක් කරනවද…”
“ඔව් නෝනා…”
“මොකක්ද….?”
“මොනරාගල නෝනා….”
“”හයියෝ… වද දෙනවා… ලොකු උන්නැහේ… අහන ප්‍රස්නෙට උත්තරේ දෙනවකො… රැකියාව මං ඇහුවෙ …?”
“දිසාපති කන්තෝරුවෙ නෝනා….”
“හයියෝ… හැමනෙනවා… සාජන් මහත්තයා මේ බලන්නකෝ…. පැමිනිලි ලියන්නෙ කොහොමද අහන ප්‍රස්නෙට නෙවෙයිනෙ උත්තර දෙන්නෙ….
ඇතුලේ ශාලාවෙන් එලියට ආ සාජන් මහතාද ඇයට සහාය විය….
“මේ නාකියා… අපිට වැඩ තියෙනවා…. ඔය නෝන අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා….”
“මොකක්ද රැකියාව…?”
“දිසාපති කන්තෝරුවෙ නෝනා….”
“දිසාපති කන්තෝරුවෙ කියල බෑ ලොකු උන්නැහේ…. එතන මොකක්ද කරන්නෙ කියල කියන්න ඕනැ…
ලොකු උන්නැහැ එතන පියන් කෙනෙක්ද, කම්කරුවෙක්ද, ක්ලාක් කෙනෙක්ද, එහෙම නැත්තං මහ දිසාපතිද කියල කියන්න ඕනැ….”
“නෝන එහෙම ලියාගන්නකො…”
“මොකක්ද…”
“මහ දිසාපති කියලා…”
“ලොකු උන්නැහැ මේ…. විහිලු කරන්ටත් ගත්තද…. එතන කරන රස්සාව කියනවා මට ලියාගන්ට….”
“නෝන… මහ දිසාපති කියල ලියාගන්ටකෝ…. ” කියමින් හීන් බන්ඩා මහ හඬින් සිනාසුනේය…
හීන් බන්ඩාගේ මහා සිනාවටත්, අවසන් පිලිතුරටත් නලල රැලි ගන්වාගත් පොලිස් නිලධාරිනියට දෙපතුල දිගේ දැනුනු හිරි වැටීමක් මුලු සිරුර පුරාම ගමන් කරනු දැනුනි….
අසුනෙන් නැගිටගත් පොලිස් නිලධාරිනිය වහා දිවගියේ ස්ථානාධිපතිවරයාගේ කාමරයටයි….
තත්පර ගනනකින් ස්ථානාධිපතිවරයා හීන් බන්ඩා ඉදිරියට පැමිනියේය….
“මේ මහත්තය කවුද….” ස්ථානාධිපතිවරයා විමසීය…
“මම ඩී ඇම් හීන් බන්ඩා…. මොනරාගල මහ දිසාපති. මම පදිංචිය හෙට්ටිපොල. මම උදේ නවයට පොලිසියට ආවෙ මගෙ හරකෙක් නැතිවෙලා පැමිනිල්ලක් දාන්න. දැන් වෙලාව එකොලහමාරයි.. දැන්නම් මගෙ හරක මට නැති උනත් කමක් නෑ… ඕවයිසී මහත්තයා ඔයාගෙ නිලධාරීන්ට කියාදෙන්න මිනිස්සුන්ට ආචාරශීලීව රාජකාරි කරන හැටි….”
“අනේ… දහස් වාරයක් සමාවෙන්න සර්….
සර් ගෙදර යන්න…. මම හරකා හොයලා දෙන්නම්….”
හීන්බන්ඩා මහ දිසාපති තුමා පොලටත් ගිහින් ගෙදරට එනවිට නැතිවූ හරකා කඩුල්ලේ කනුවක බැඳ සිටිනු දක්නට ලැබුනි….
avatar
lanka
Posts : 624
Join date : 2014-11-26

හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා Empty Re: හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා

Fri Apr 05, 2019 10:14 am
Message reputation : 100% (1 vote)
අපේ රටේ මිනිස්සු තුළ තිබුණ ඒ සරල බව, නිර්ව්‍යාජ බව, නිහතමානී බව, මෙහෙමවත් අහන්න ලැබෙන එක සතුටක්. ඇත්තටම මොකද අපට උනේ..? ස්තුතියි නිහාල්.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා Empty Re: හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා

Fri Apr 05, 2019 12:36 pm
Message reputation : 100% (1 vote)
මෙවැනි නිහතමානී රාජ්‍ය නිළධාරීන් බොහොමයක් මට හමුවී ඇත. පලකිරීම ගැන ස්තූතියි.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා Empty Re: හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා

Fri Apr 19, 2019 10:45 pm

හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා 57328186_1128890583980714_5129053763109126144_o.jpg?_nc_cat=100&_nc_ht=scontent.fcmb8-1

Dinesh Madushanka Singhaarachchi
1 hr
කාන්තාවන් ඇසුරු කොට ඇති ව්යාපාරිකයා විවාහ වෙන්න ට අදහස් කලා....
ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්නා ....
පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම
නගරයේ රූපලාවණ්යාගාරයකට ගියා....
ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙන
සම නිය දීප්තිමත් කර ගෙන ....
අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා ...
මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර..
ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි .....
ඇය කීවා...
දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින් 
පිරිමියෙකුට අවශ්ය බොහෝ දේවල් මිලදී ගත්තා .
අලුත් ඇඳුම් පැළදුම් පාවහන් විතරක් නෙවෙයි 
ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩියක් ද මිල දී ගත්තා....
ඇය මේවා සියල්ලම අරන් ගිහින් ....ව්යාපාරිකයාගේ අතට දීලා මෙහෙම කීවා .
ඔයා ලස්සනට ඉන්න කොට කාටද ආඩම්බර මටයි .ඒ කියන්නේ මම ඔයාට හුඟක් ආදරෙයි....
තුන්වෙනි කාන්තාව තමාට ලැබුන මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා .
සතියකට පසු ඇය තමාට ලැබුණු ලාභයෙන් ව්යාපාරිකයා දුන්න මුදල ආපසු දීලා....
ඉතිරි මුදල දෙදෙනාගේම නමින් බැංකුවේ හවුල් ගිණුමක තැන්පත් කළා ...අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕනේ ...ඒ වගේ ම තැන්පත් කැර ගන්නත් ඕනෑ ...
ඇය ළෙන්ගතු ස්වරයෙන් කිව්වා .
ව්යාපාරිකයා ඒ තුන් දෙනාගේම වැඩකටයුතු 
ගැන හුඟක් කල්පනා කරල බලල අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පියයුරු සහිත කාන්තාව විවාහ කර ගත්තා...
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana

හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා Empty Re: හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා

Sat Apr 20, 2019 10:07 am
Message reputation : 100% (1 vote)
අනේ මන්දා නිහාල් , මිනිස්සු හැමදාම ලොකු ඒවාට අහුවෙනවා ........
විශාලතම පියයුරු හිමි කාන්තාව වෙන්න ඇති කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න ඇත්තේ Rolling Eyes
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum