The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Tile - SnapshotWed Sep 28, 2022 12:45 pmකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
The Invisible
The Invisible
Posts : 3116
Join date : 2016-11-28
Age : 44

කිඹුලා Empty කිඹුලා

Fri Nov 23, 2018 9:41 am
Message reputation : 100% (1 vote)
සර්... සර්... කිඹුල් තඩියව ඇල්ලුවා.




කවුද ඇල්ලුවේ.




මමයි... සිරිපාලයි.




කිඹුලා කෝ බං...?




ගම්සභා ගොඩනැඟිල්ලේ පිළිකන්නේ...




යකෝ...· ඌ පැනලා යයි...




කඹ දෙකකින් කිටි කිටියේ ගැටගහල ඉන්නේ...




සිරිපාල උඹලා දන්නවද මේ දවස්‌වල විපක්‌ෂේ එවුන්ගේ කටේ තියෙන්නෙම සත්ව ආඥ පනත... ඒක නිසා කල්පනාවෙන් වැඩ කරපල්ලා.




කිඹුලාව ආරක්‍ෂිතව තබා ගැනීමට දිග පළල ශක්‌තිමත් යකඩ කූඩුවක්‌ අවශ්‍ය විය. එක්‌ලක්‍ෂ පනස්‌දාහක්‌ වැය කර යකඩ කූඩුවක්‌ සාදා ගැනීමට සභාපතිතුමා සිය සභාවෙන් පූර්ණ අනුමැතිය ලබා ගත්තේය.




ගම් සභාවට අයත් හිස්‌ ඉඩමක්‌ මධ්‍යයේ කිඹුල් කූඩුව තබා බැමි මුදාහල කිඹුලාව කූඩුව තුළට දැමීය. සතියක්‌ පුරාම ලෝකයේ විශාලතම බියකරුම කිඹුලා ප්‍රදර්ශනයට තබන බව ප්‍රදේශය පුරාම ප්‍රචාරය කරනු ලැබීය. පිටවීමේ සහ ඇතුල්වීමේ දොරටුවක්‌ද පෝලිමේ පැමිණ නැරැඹීමට වැටක්‌ද ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට කවුළුවක්‌ද කාර්යාලය සඳහා කුඩා කුටියක්‌ද මහජනතාවගේ පහසුව තකා ඉදිවිය. පොලිස්‌ ආරක්‍ෂාවද සභාපතිතුමාගේ අණ පරිදි ලබාගත හැකිවී තිබුණි.




ජල බවුසරයන්ද සිය ගම් සභාවේ අනුග්‍රහය මත ලැබුණු අතර සභාපතිතුමාගේ හිතවතුන් විසින් වෙළෙඳ කුටි රාශියක්‌ද ප්‍රදර්ශන භූමියේ ඉදිකරන ලදී. ගම්සභා පිට්‌ටනියට සිව් දෙසින් පැමිණෙන රථ වාහන ගාල් කිරීම පිණිස වෙන්කර දෙනු ලැබීය.




"කිඹුලාගේ කතන්දරය" නමින් පොත් පිංචක්‌ මුද්‍රණය වූ අතර ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්‌සේ විරිදු ගායනාද, හිටිවන කවිකාරයන්ද කිඹුලා ගැන ප්‍රකට ගීත රචකයෙකු ලවා නිර්මාණය කරගත් යුග ගීතයක්‌ද කිඹුලාගේ සැණකෙළි බිම විකාශනය කළේය.




කිඹුල් සැණකෙළි භූමියට ඇතුල්වෙන තැන "ලොව විශාලතම කිඹුලා නැරැඹීමට කිඹුල් අධිරාජ්‍යයට පැමිණෙන ඔබ සාදරයෙන් පිළිගනිමු" ලෙස දැවැන්ත තොරණක්‌ කිඹුලෙකුගේ ආකෘතියකට අනුව නිර්මාණය කර තිබුණි. කිඹුලා නැරඹීම සඳහා වැඩිහිටියෙකුගෙන් රුපියල් විස්‌සක්‌ද දරුවන්ගෙන් රුපියල් දහයක්‌ද විදේශිකයන්ගෙන් රුපියල් තුන්සියක්‌ද අය කරගනු ලැබීය. මෙයින් ලැබෙන ආදායම ජාතික සත්වෝද්‍යානයේ සිටින කිඹුලන්ගේ සුභ සාධනය සඳහා යොදවන බව ප්‍රවේශ පත්‍රයේ පසුපිටෙහි සඳහන් කර තිබීම කැපී පෙනුණි.




අම්මේ.... තාත්තේ....




අපි තමුන්නාන්සේලාගේ කිඹුල් භීතිකාව සදහටම තුරන් කර දැමුවා. වසර දහයක්‌ පුරා අපගේ චිත්ත සන්තානයන් තුළ මර බිය ඇති කළ මිනීමරු කිඹුල් තඩියා අද අපේ සුවච කීකරු ගෝලයෙක්‌ බවට පත්වෙලා හමාරයි.




අපි තව සතියකින් මේ බියකරු කිඹුලා පුනරුත්ථාපනය කරනවා. එහි පළමු පියවර තමයි මේ මහජන ප්‍රදර්ශනය. ඊට පස්‌සේ රුදුරු කිඹුල් භීෂණය සදහටම තුරන්කර දැමිය හැකි බව මං ප්‍රකාශ කරන්න කැමතියි.




අටකලම්පන්න වැවේ තමුන්නාන්සේලාට හිතේ හැටියට නාගන්න, රෙදි ටික හෝදගන්න, දරු පැටව් නාවගන්න, බියක්‌ සැකක්‌ නැතුව අපේ දරුවන්ට දියබුං ගහන්න, රජමහා විහාරයේ හස්‌ති රාජයා නාවන්න, හරකා බාන විතරක්‌ නෙමෙයි බල්ලන්, බළලුන්ගේ වටිනා ජීවිත ආරක්‍ෂා කර ගන්න, ඔරු පාරු පදින්න, ජාකොටු හදන්න. දේශීය මත්ස්‍ය කර්මාන්තය වැඩිදියුණු කරගන්න සාමකාමී වටපිටාවක්‌ ඉතා සූක්‍ෂම ආකාරයට නිර්මාණය කළා...




පෙරවරු නවයට කිඹුල් ප්‍රදර්ශනය ආරම්භ වූ අතර මධ්‍යම රාත්‍රිය දක්‌වා එය පැවැත්වුණි. සමනල වර්ණ විදුලි බුබුළුවලින් සැණකෙළි බිම ඒකාලෝක වූ අතර කිඹුල් කූඩුව පුරාම නිවෙන දැල්වෙන විදුලි පහනින් සරසා තිබුණි. වෙසක්‌ සමයේ රත්මලානේ පහන් කූඩු රාජයා නැරඹීමට එන ජනගඟ සිහිගන්වමින් කිඹුල් රාජයා නැරඹීමට මහත් ජන ගංගාවක්‌ පැමිණියහ. විද්යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේද අන්තර් ජාලය හරහාද කිඹුල් පුවත ප්‍රචාරය කරනු ලැබීය. මේ නිසා සභාපතිතුමාගේ යශෝරාවයද දනන් මුවඟින් නිබඳ මතුවිය.




මං තමයි මේ ආසනයේ ප්‍රධාන සංවිධායක. සභාපතියට යුතුකමක්‌ තියෙනවා කිඹුල් දඩයම කරද්දී කෙසේ වෙතත් කිඹුල් ප්‍රදර්ශනයේදී මගෙන් අවසර ගන්න... මටත් මතක්‌ කරන්න... මාවත් හවුල්කර ගන්න.




මං මේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙළ අරගෙන යනවා පාර්ලිමේන්තුවට... ගේනවා දොaෂාභියෝගයක්‌... මේකා හදන්නේ තනියම බුදුවෙන්න...




සිය පක්‍ෂයේ සගයන්ගෙන් පවා සභාපතිට විරෝධය එල්ල විය. ඒ වගේම ඇතැම් සගයන් කිඹුල් ප්‍රදර්ශනයට ආශීර්වාද කළේය.




මේ වෙලාවේ අපි සභාපති එක්‌ක ඉන්න ඕනේ. කිඹුල් ප්‍රදර්ශනයට විරුද්ධ වුණොත් අපි ජනතාවගෙන් කැපෙනවා. පේනවනේ ගලන ජන ගඟ...




විකල්ප දේශපාලන කණ්‌ඩායම් නිරන්තරවම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරන්නට විය.




short1"කුණු කඳු අද්දර වෙල්යායවල් ගොඩ වෙද්දී... ගස්‌ කපද්දී ස්‌වාභාවික වනාන්තර වැනසෙද්දී... මිනිස්‌සු දවල්ට වතුර නැතුව... රෑට ලයිට්‌ නැතුව ලතවෙද්දී... කිඹුල් ෆැන්ටසියේ අතරමං වෙන්න එපා මිත්‍රවරුනි...




"බලපන් සිරා.... කිඹුලා කන එක ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එකනේ ඉවසගන්න බැරි..."




කිඹුල් රාජයාගේ ආරක්‍ෂාව සඳහා වැටුප් ලබන සිවිල් ආරක්‍ෂකයන් දෙදෙනකුද පත්කර ඇති බවත් පශු වෛද්‍යවරයකුගේ සේවය ලබාගන්නා බවත් කිඹුලාට තුන් වේලටම එළු මස්‌ ආහාරයට දෙන බවත් අන්තර් ජාලයේ ප්‍රචාරය විය.




"අසහාය කිඹුල් රාජයාට ලස්‌සන නමක්‌ තබා තෑග්ගක්‌ දිනා ගන්න..." තරගය උණුසුම් මුහුණුවරක්‌ ගනිද්දී ගුණපාල සහ සිරිපාලගේද කරල පැසුණු බවක්‌ දක්‌නට ලැබුණි.




"සහෝදරවරුනි, දැවෙන ප්‍රශ්න අමතක කරන්න මෙවර කිඹුල් මොටෙක්‌ ප්‍රදර්ශනය වෙනවා. ඔය කිඹුල් මොටා අඩි විසිහතක්‌ දිග නෑ සහෝදරවරුනි, හරියටම දිග අඩි විසිහය හමාරයි. මෙන්න මේ ටේප් එකෙන් තමයි අපි කිඹුලව මැන්නේ... කවුද කියන්නේ මේ ඉන්නේ ලෝකයේ විශාලතම කිඹුලා කියලා. මුන්ගේ බේගල් ලෝකයේ විශාලම කිඹුලා අන්න ඉන්නවා මිසරයේ. දිග අඩි විසිහතහමාරයි... මේවට අහුවෙන්න එපා සහෝදරවරුනි....




"අයියෝ.... සභාපතිතුමා අපි විනාශයි...."




"කිඹුලා මැරිලා..."




"මේ හොඳට හිටිය සතා" පිස්‌සු කතා කරනවා... ඌ දවසින් දවස හූනෙක්‌ ගානට වැටුණා...




ඉතිං උඹලාට තිබුණනේ පශු වෛද්‍යවරයෙක්‌ චැනල් කරන්න.... තොපි දෙන්න කළේ අර හෝස්‌ පයිප්පෙන් ඌව නාවපු එක විතරමනේ...."




"කිඹුලා මැරිලා නෙමෙයි..."




"අරුන් ඌව මරලා..."




"ඊයේ රෑ අපි දෙන්නට ටිකක්‌ වැඩිවෙලා නින්ද ගියා. අපි ඉඳල හිටලා කිඹුලට කන්න දුන්නේ සාලයෝ කටු මැස්‌සෝ ටිකක්‌ විතරයිනේ... ඌ ගිල්ලෙම කිරිමැටිනේ...




"ගෝණ මස්‌ කුට්‌ටියක්‌ අස්‌සේ හක්‌කා පටස්‌ එකක්‌ හංගලා කිඹුලාට කන්න දීලා...




කිඹුලාගේ අමානුෂික ඝාතනය රට පුරා ප්‍රචාරය විය. ජාතික, විකල්ප පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨය වූ අතර විද්යුත් නාළිකාවල ප්‍රමුඛ පුවත බවට පත්විය. අන්තර්ජාලය පුරා මහත් ආන්දොaළනයක්‌ ඇති කළේය.




මෙම අමානුෂික කිඹුල් ඝාතනය සෙවීමට රහස්‌ පොලිසියේ බුද්ධි අංශයට යොමු කළ අතර රජය විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිව්පුද්ගල කමිටුවක්‌ වහාම පත්කරනු ලැබීය.




"අපි අනන්ත අප්‍රමාණ කිව්වා මේ රටේ වගකිව යුත්තන්ට ඔය වගේ අපරාධයක්‌ වෙයි කියලා... කෝ ඇහුවද? එදා ඒ සියල්ල බිහිරි අලීන්ට වීණා වයනවා වගේ වුණා නේද? අපි මේ අපරාධයට එරෙහිව සත්ව හිංසා විරෝධී අවිහිංසා පෙරමුණ ඔස්‌සේ ජනතාව පෙළ ගස්‌සනවා... පාරට බස්‌සවනවා.... නඩු දානවා.... නීතියේ පිහිට පතනවා..."




ජාතික අවිහිංසාවාදී පෙරමුණ කිඹුලාගේ ඝාතනයට එරෙහිව පෙළපාලි, උපවාස, පාගමන් වර්ජන කරමින් ශේ්‍රෂ්ඨාධිකරණය දක්‌වාම ගියේය.




කිඹුලෙකු දඩයම් කිරීම, ම්ලේච්ඡ ආකාරයට රඳවා තබා ගැනීම, හිංසනයට බඳුන්වීම, ප්‍රදර්ශනය කර මුදල් ඉපැයීම, මහජන දේපළ මේ සඳහා අවභාවිත කිරීම, කිඹුලා අමානුෂික ලෙස ඝාතනය කිරීම ආදී කරුණු හමුවේ අධිකරණය සිරිපාල සහ ගුණපාල යන දෙදෙනාට බරපතළ වැඩ සහිතව වසර විස්‌සක්‌ සිරදඬුවම් නියම කළේය.




දැතට වැටුණු විලංගු සහිතව සෝබර මුහුණින් යුතුව බන්ධනාගාර රථයට ගොඩවෙන සිරිපාල සහ ගුණපාලව රූපවාහිනී නාළිකා ඔස්‌සේ වරින්වර ප්‍රදර්ශනය කරනු ලැබීය.




"සත්ව හිංසාව තරයේ හෙළා දකිමු" දැවැන්ත පුවරුවක්‌ සහිත විරෝධතාකරුවන් පිරිසක්‌ උසාවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. කිඹුල් කඳුළු හෙළමින් සභාපතිතුමා එම විරෝධතාවයේ පෙරමුණ ගන්නා අයුරු කැමරා කාචවල සටහන්වී අන්තර් ජාලය ඔස්‌සේ ප්‍රචාරය විය.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

කිඹුලා Empty Re: කිඹුලා

Fri Nov 23, 2018 9:48 am
Reminds me Chinwi
avatar
Brave Heart
Posts : 171
Join date : 2018-10-17

කිඹුලා Empty Re: කිඹුලා

Fri Nov 23, 2018 11:20 am
Good one invi. A true reflection of local politics
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

කිඹුලා Empty Re: කිඹුලා

Fri Nov 23, 2018 11:42 am
Thanks.
avatar
Lalinda
Posts : 69
Join date : 2015-02-16

කිඹුලා Empty Re: කිඹුලා

Mon Nov 26, 2018 7:20 am
Good one in deed. Thanks
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum