- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි
විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් එදින පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයට ගැනුම් මිල රු. 167.7325 ක් හා විකුණුම් මිල රු. 171.6077 ක් ලෙසින් වාර්තා විය.
පසුගිය සිකුරාදා (12) නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 169.0484 ක් හා විකුණුම් මිල රු. 172.9301 ක් ලෙසින් සටහන් වී තිබුණි. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබුණු වැඩිම ගැනුම් හා විකුණුම් මිල ගණන් ලෙසින් සැලකේ.
වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ලැබීමට නියමිතව තිබුණු ඩොලර් බිලියනයක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟම මෙලෙස රුපියලේ අගය ඉහළ ගොස් ඇති බවයි.
චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක මුදලක් ඉදිරි සතිය තුළ ලැබීමට නියමිත බව පසුගිය ඔක්තෝබර් 02 දා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අනාවරණය කර සිටියේය.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි
Happa some respite for RS against $ after ages.