- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සිංගර් ඉතුරු කොටස ධම්මික අද මිල දී ගනී
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කළ සුළු මොහොතකින් සිංගර් (ශ්‍රී ලංකා) සමාගේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 35,562,883 ක් මේ අනුව ගනුදෙනු වූ අතර එහිදී රු. 47.00 බැගින් එක් කොටසක් ගනුදෙනු විය.
මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. 1,671,455,50.00 කි.
සමාගමේ 6 වැනියාට විශාලතම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV විසින් මෙම කොටස් විකිණීම සිදුකරනු ලැබීය. එම සමාමේ කොටස් ප්‍රාග්ධනයෙන් 9.47% කි.
Retail Holdings (Sri Lanka) BV මීට පෙර සිංගර් (ශ්‍රී ලංකා) හි ප්‍රධානතම කොටස් හිමියා වූ අතර එහි කොටස් 267,427,245 ක් ඔවුන් සතුව පැවතිණි. එම සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 71.19% කි.
2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය සම්පූර්ණ හිමිකාරීත්වය හේලීස් සමූහය වෙත මුදා හැරීමට ඔවුන් විසින් තීරණය කරනු ලැබීය.
ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් හිමිකාරීත්වයක් 2017 සැප්තැම්බර් 15 දින මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් මිල දී ගනු ලැබීය.
එහිදී කොටස් 231,864,362 ක් හේලීස් සමූහය විසින් රු. 47.00 බැගින් මිල දී ගත් අතර රුපියල් බිලියන 10.89 (10,897,625,014.00) ක පිරිවැටුමක් එමගින් වාර්තා විය.
එහිදී තවත් කොටස් 35,562,883 (9.47%) ක් Retail Holdings (Sri Lanka) BV සතු ව ඉතිරි ව පැවති අතර හේලීස් සමූහය කියා සිටියේ මෙම කොටස් ඉදිරි මාස 12-15 ත් අතර කාලයක් තුළ දී මිල දී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව සිංගර් Retail Holdings (Sri Lanka) BV සතුව පැවති (ශ්‍රී ලංකා) පීඑල්සී හි 71.19% ක්වූ කොටස් අයිතිය අද (15) දින සිදුකෙරුණු මෙම ගනුදෙනුවත් සමඟම හේලීස් පීඑල්සී සමූහය සතුවනු ඇත.
හේලීස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 50.44% ක අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතු වේ.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: සිංගර් ඉතුරු කොටස ධම්මික අද මිල දී ගනී
- ධම්මික රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගැනීමට තීන්දු කරයි
- මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
- සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි
- ධම්මික පෙරේරා නවලෝක රෝහලෙන් 21% ක් මිල දී ගනී
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර කොටස වසා දැමේ! අවහිර වී ඇති මාර්ග සියල්ල මෙන්න