The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Father's Day !
රුපියලේ අර්බුදය EmptyToday at 9:03 am by කිත්සිරි ද සිල්වා

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
රුපියලේ අර්බුදය EmptyToday at 7:12 am by NIRMALSG

» Thread for News on CSE and SL Economy
රුපියලේ අර්බුදය EmptyYesterday at 7:44 am by ruwan326

» Re: Financial reports Q1-2019
රුපියලේ අර්බුදය EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SAMP.N0000 (SAMPATH BANK PLC)
රුපියලේ අර්බුදය EmptyFri Jun 14, 2019 8:11 am by puliyanam

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 9:21 am by ruwan326

» අනං මනං! #/+?.<>
රුපියලේ අර්බුදය EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
රුපියලේ අර්බුදය EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුපියලේ අර්බුදය EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» Access Engineering AEL Technical Analysis
රුපියලේ අර්බුදය EmptyTue Jun 11, 2019 9:10 am by Jimmy

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
රුපියලේ අර්බුදය EmptyMon Jun 10, 2019 11:13 pm by hammurabi

» MCPL.N0000
රුපියලේ අර්බුදය EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
රුපියලේ අර්බුදය EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
රුපියලේ අර්බුදය EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
රුපියලේ අර්බුදය EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» Dividend Announcement
රුපියලේ අර්බුදය EmptyTue Jun 04, 2019 4:13 pm by Rana

» In the Meantime, Within Our Shores !
රුපියලේ අර්බුදය EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
රුපියලේ අර්බුදය EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
රුපියලේ අර්බුදය EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
රුපියලේ අර්බුදය EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
රුපියලේ අර්බුදය EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
රුපියලේ අර්බුදය EmptyMon May 27, 2019 8:04 am by yellow knife

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
රුපියලේ අර්බුදය EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
රුපියලේ අර්බුදය EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
රුපියලේ අර්බුදය EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
රුපියලේ අර්බුදය EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
රුපියලේ අර්බුදය EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
රුපියලේ අර්බුදය EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
රුපියලේ අර්බුදය EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
රුපියලේ අර්බුදය EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
රුපියලේ අර්බුදය EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
රුපියලේ අර්බුදය EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
රුපියලේ අර්බුදය EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
රුපියලේ අර්බුදය EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
රුපියලේ අර්බුදය EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
රුපියලේ අර්බුදය EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
රුපියලේ අර්බුදය EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
රුපියලේ අර්බුදය EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
රුපියලේ අර්බුදය EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
රුපියලේ අර්බුදය EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
රුපියලේ අර්බුදය EmptySun May 05, 2019 6:51 pm by Backstage

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
රුපියලේ අර්බුදය EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රුපියලේ අර්බුදය

Go down

රුපියලේ අර්බුදය Empty රුපියලේ අර්බුදය

Post by nihal123 on Sun Sep 30, 2018 5:46 am

රුපියලේ අර්බුදය
වසන්ත ප්‍රිය රාමනායක

ආයු අපේක්ෂාව අතින් ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව එක හා සමානය. එසේම බෝ නොවන රෝගවලට ප්‍රතික්‍රියා දැක්වීමේ පැත්තෙන් හා සනීපාරක්ෂාව ගත් කල ශ්‍රී ලංකාව පසුවන්නේ ලෝකයේ දියුණු රටක මට්ටමකය. එසේම මානව සංවර්ධන අංශයේ රටවල් 196ක් අතුරින් ශ්‍රී ලංකාව 73 වැනි ස්ථානය හිමිකරගෙන සිටීම ද ජයග්‍රහණයකි.

සාමාන්‍ය දිනක වුව ද ප්‍රධාන මාර්ගය දෙස විනාඩි දහයක් බලාගෙන සිටින කෙනකුට කෝටි තුන හතර වටිනා වාහන කීපයක් දැකගත හැකිය. එසේම 2008 දී පැවැති 60%ක් වූ පොදු මගී ප්‍රවාහනය මේ වනවිට 40% දක්වා අඩුවී තිබේ. බොහෝ අය කුඩා කුඩා වාහන පාරට ගෙනැවිත් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගන්නා බව පෙනේ. මේ නිසා නාගරිකව කි. මීටර් 15ක ගමණක් යෑමට වුව ද පැය එකහමාරක පාරේ රස්තියාදුවක් දක්නට ලැබෙන තැනකට රට පත්ව ඇත. ලබා ඇති ජයග්‍රහණවල වගකීම සියලු ආණ්ඩුවලට බැර වන අතර පසුබෑම ද සමස්තයක් වශයෙන් කාටත් බාර ගැනීමට සිදුවී තිබේ.

මෙවන් පසුබිමක අද ඇතිවී ඇති ආර්ථික අර්බුදය කුමක් ද? රුපියල මේ තරම් මස්තබාල්දු වෙමින් පවතින්නේ ඇයි?
මොන අර්බුදයක් ද?

“දැන් නරක කාලය අවසන්, ඉදිරියට උදාවී තිබෙන්නේ ජනතාවට සහන දෙන කාලයයි”

ආණ්ඩුවේ සමහර නායකයන් ජනතාවට උත්තර බඳින්නේ එහෙමය. ජනාධිපතිවරයා නම් එසේ කියන්නේ නැත. ඔහු පසුගිය කැබිනට් රැස්වීමේ දී පවා සඳහන් කර තිබුණේ තෙල් මිල හා ජීවන වියදම් ප්‍රශ්නය නිසා ‘ජනතාවට අමාරුයි’ කියලාය. එයම පැවැසීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අපහසුතාවකට පත්විය. සමහර කැබිනට් සගයන් සංඛ්‍යාලේඛන ගොන්නක් ගෙනහැර පාමින් සජිත්ගේ මතය චප්ප කිරීමට කටයුතු යොදා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. අවසානයේ ජනතාවගේ ජීවන වියදමේ ප්‍රශ්නය ගැන කතා කිරීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට එය ඉල්ලා අස්කර ගැනීමට සිදුවූ බව පැවැසේ. ඔහු මොන හේතුවක් මත එය කළා දැයි කියන්න දන්නේ නැත. ඔහුගේ පියාණන්ගෙන් නම් කිසිදිනෙක එවැන්නක් සිදුනොවේ. අවසානයේ ජීවන වියදම ගැන කතා කළ ජනාධිපති මෛත්‍රීට තනිව තම මතය තහවුරු කිරීමට සිදුවිය.

මෙතැන ඇත්තේ ජනතාව අතරේ වැඩ කිරීම, ජනතා නාඩි හඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයකි. හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයකි. කෙසේ නමුත් ආණ්ඩුව තුළම ජනතාවට එතරම් අමාරුවක් නැති ගානට කල්පනා කරන පිරිසක් සිටින බව පෙනේ. ජනාධිපති මෛත්‍රී හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිතර නිතර ගමට යන නිසා, ජනතාව සමීප කරගන්නා නිසා ඔවුන්ට දැනෙන දේ අනෙක් අයට නොදැනෙන්නේ නොදැනුවත්කම හෝ උද්ධච්චකම නිසා දැයි කියන්න දන්නේ නැත.

ඒ නිසා මේ අය ජනතාව ගැන කල්පනා කරන ක්‍රමයේ වෙනසක් තිබෙන බව පෙනේ. පුරා දශකයකට පසු ආණ්ඩුව ආර්ථික වර්ධනය වාර්තා කළේ 2017 වසරේදීය. එය 3.1%කි. මේ වසරේ එය යන්තමින් 3.8%ක් වත් වේ යැයි ආණ්ඩුවේ සමහරු උදම් අනමින් සිටිති. මෙය මේ කලාපයේ අඩුම වර්ධනයකි. වත්මන් වෙළෙඳපොළ ආර්ථිකය තුළ පිටරටට භාණ්ඩ පැටවීමෙන් (අපනයනයෙන්) තොරව අපේ වියදමට ඩොලර් ගලා එන්නේ නැත. ඒ අතින් බලන කල අප සිටින්නේ අඩුම අපනයන මට්ටමකය. එසේම වැඩි වැඩියෙන් පිටරටින් භාණ්ඩ ආනයනය කරන අවධියකය. එනම් පිටරටින් ඇ. ඩොලර් බිලියන 21ක භාණ්ඩ ආනයනය කරන විට අපට ලැබෙන්නේ ඇ. ඩො. බිලියන 10ක අපනයන ආදායමකි. ඉතිරි 11 සොයා ගන්නේ කෙසේ ද? ඒ සඳහා වැඩි වැඩියෙන් බදු අය කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. මේ වනවිට සරුංගලය හා වෙසක් කූඩුව පවා පිටරටින් ගෙන්වන තැනකට රට පත්ව ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නම් වෙනම ප්‍රශ්නයකි. එහෙත් වාහන ආනයනයට දෙවැනි තැන ලැබීම ගැන ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැත.
එක් අතකින් රස්තියාදුකාර ආනයන පිළිවෙතක් ගෙනයමින්, වක්‍ර බදු හා ඍජු බදු සමබර නොවන රටක බදු වැඩි කිරීමෙන් වියදම් පියවාගන්නා තැනට රජය පත්ව ඇත. මේ බදු බර වැඩියෙන් දැනෙන්නේ සාමාන්‍ය පන්තියේ දුගී දුප්පත් ජනතාවටය. රටේ බදු ආදායමින් සියයට 80ක වක්‍ර බදුවලින් සොයා ගන්නා විට අනිවාර්යයෙන්ම එය හිඟන්නාගේ, දුගියාගේ පොකැට්ටුවට තට්ටුවීමකි. මෙතැනට තෙල් මිල සූත්‍රය ද එක්වීමෙන් වැඩියෙන් රිදී ඇත්තේ සාමාන්‍ය ජනතාවටය. සුපර් මාකට්වලින් ක්‍රෙඩිට් කාඩ්වලින් බඩු ගන්නා දේශපාලනඥයන්ට මේ අමාරුව නොතේරීම ගැන පුදුම විය යුතු නැත.

“මේ අවස්ථාවේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති ඇතැම් බදු ප්‍රතිසංස්කරණ මෙරට ආර්ථික හා සමාජ විෂමතා අතින් ගත් කල හානිකරය” - ජුවන් පැබ්ලෝ (එ.ජා. සංවිධානයේ විදේශ ණය, මානව හිමිකම් සහ සමාජ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ)

මේ අතර ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය යන රටවල අනෙක් ආසියාතික රටවලට වඩා ආහාර මිල ගණන්වල ඉහළ මට්ටමක් පවතින බවත් මේ නිසා එම රටවල මන්දපෝෂණය බහුල වීමේ ඉඩකඩ පවතින බවත් සඳහන් කරන්නේ ද තවත් ලෝක බැංකු විද්වතුන් දෙදෙනෙකි. මෙය සඳහන් වන්නේ පසුගිය අගෝස්තු 28 වැනිදා නිකුත් වූ අග්නිදිග ආසියාවේ පෝෂ්‍යජනක ආහාර වියදම පිළිබඳ සමීක්ෂණ වාර්තාවේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ තර්ක කළ අය මේ වාර්තා කියවා ඇද්දැයි කියන්න දන්නේ නැත.
මේ නිසා පසුගිය ආණ්ඩුවට බැණවදිමින් රාජපක්ෂ වෛරයෙන් පමණක් සියල්ල යටපත් කළ නොහැකිය. මහින්ද රාජපක්ෂ රජය මේ ආණ්ඩුවට රට බාරදෙන විට ඩොලරයට සාපේක්ෂව රුපියල පැවැතියේ රු. 131/- මට්ටමකය. මේ ලියන මොහොත වනවිට 171/- කි.

රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න - “රුපියලේ අගය පාලනය කරන්නේ ආණ්ඩුව නොවෙයි. මහ බැංකුවයි.”

එතකොට ආණ්ඩුවක් තියෙන්නේ කුමකටදැයි ජනතාවට පිළිතුරක් අවශ්‍යය. මේ අර්බුදය සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මහ බැංකුව කළ අනතුරු ඇඟවීම ගැන අද ආණ්ඩුව කියන්නේ කුමක් ද? මේ අතර රාජපක්ෂ යුගයේ 2012 වසරේ සියයට 12කින් රුපියල බාල්දු වූ බව ආණ්ඩුව කියයි. මේ කතා කරන්නේ එක අවුරුද්දක් ගැනය. සමස්ත චිත්‍රය එය නොවේ. රාජපක්ෂ යුගයේ වසර 9 තුළ රුපියල බාල්දු වීමේ වසරක සාමාන්‍යය රු. 3.56 කි. වර්තමාන රජයේ වසර 3යි මාස 9 තුළ රුපියල බාල්දු වීමේ වසරක සාමාන්‍යය රු. 9/- කි. එකට තුන් ගුණයකි. අනෙක් තර්කය ඉන්දියාව, මැලේසියාව හා තායිලන්තය වැනි රටවලට සාපේක්ෂව අපේ මුදල් ඒකකයේ මස්තබාල්දු වීමේ වේගය අඩු බවයි. මේ කියන රටවල අපනයන ආදායම මේ රටවල අපට වඩා බෙහෙවින්ම ඉහළය. ඒ නිසා එම රටවලට මුදලේ අවප්‍රමාණය අපට තරම් ප්‍රශ්නයක් නොවේ. උදාහරණ ලෙස ජපානයේ ණය බර සියයට දෙසිය ගුණයකටත් වඩා වැඩිය. අපේ සියයට 81 කි. එහෙත් ජපානයට වඩා අප පොහොසත් වන්නේ නැත.

රුපියල බාල්දු වුවත් අපේ විදේශ සංචිතවල අඩුවක් නොමැති බවත් ඒවා රුපියල ස්ථාවර කරගැනීමට නොයොදන බවත් රජය පවසයි. එය පූර්ණ සත්‍යයක් නොවේ. ඊට හේතුව වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එසේ නොකරන මෙන් කොන්දේසියක් දමා තිබීම නිසාය. මේ වනවිට අපේ රුපියල ඉතියෝපියාව හා සිම්බාබ්වේ වැනි දූෂිත නොදියුණු රටවලටත් වඩා අඩු මට්ටමකට වැටී ඇතැයි විපක්ෂයේ තර්කයට රජය පිළිතුරු නොදෙන්නේ එහි සත්‍යතාවක් ඇති නිසා ද? එසේ නම් අප වෙත ළඟාවෙමින් පවතින බියජනක ආර්ථික අර්බුදය පැහැදිලිය.

රුපියල අවප්‍රමාණය වීම නිසා 2015 සිට මේ දක්වා සිදුවී ඇති අලාභය නැතිනම් එකතු වී ඇති ණය බර රු. බිලියන 821 කි. එහෙත් රජය මෙම තර්කය පිළිගන්නේ නැත. රුපියලේ අගය පිරිහීමෙන් රටේ ණය බර බිලියන ගණනින් වැඩිවන බවට විපක්ෂය නඟන චෝදනාවට පසුගියදා මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මෙසේ පිළිතුරු දී තිබුණි.

“ඔය චෝදනාවේ කිසිදු පදනමක් නැහැ. ඕක මිනිස්සු නොමඟ යවන්න කියන කතාවක්.” (2018.09.24 මාධ්‍ය)
එහෙත් රාජ්‍ය ඇමැතිවරයා කරනු ලබන සඳහන සත්‍යයක් නොවන බව ‘2017 මහ බැංකු වාර්තාවෙන්ම’ සනාථ වේ.

“කෙසේ වුව ද රජයේ මුළු ණය ප්‍රමාණය සියයට 9කින්, රු. බිලියන 2032ක් දක්වා රු. බිලියන 925.7කින් ඉහළ යෑමට හේතු වූයේ ශුද්ධ ණය ප්‍රමාණය ඉහළ යෑමත්, විදේශ මුදල් ඒකකවලට අදාළව රුපියල අවප්‍රමාණය වීමත් ය.” (2017 මහ බැංකු වාර්තාව)
මේ වනවිට ආණ්ඩුව පිළිගන්නා ආකාරයට කොළඹ කොටස් වෙළෙඳපොළින් ඉවත් කරගෙන ඇති මුදල ඩොලර් දශලක්ෂ 450කි. එහෙත් මහ බැංකු බැඳුම්කරවලින් ඉවත් කරගෙන ඇති ගණන ගැන සඳහනක් නැත. 2015 මේ ආණ්ඩුව භාරගන්නා විට පැවැති ඇ.ඩො. බිලියන 3.4 බැඳුම්කරවලින් මේ වනවිට ඇත්තේ 1.5 කි. මෙහි සමස්ත චිත්‍රය රටේ අස්ථාවරත්වය හා එක ප්‍රතිපත්තියක් නොමැතිකමය. ජාත්‍යන්තර සාධකවලට අමතරව ඇතිවී තිබෙන මේ ප්‍රබල සාධකයට ආණ්ඩුව පිළිතුරු සොයාගත යුතුය.

රුපියල අවප්‍රමාණය වීම හා තෙල් මිල සූත්‍රය නිසා ඉහළ යන බඩු මිල අබියස වෙළෙඳුන්ගෙන් සිදුවන ගසාකෑමට එරෙහිව රජයේ මැදිහත්වීමක් නොමැති තරම්ය. පිටි කිලෝවක් රු. 5/-කින් වැඩි වනවිට එක බනිස් ගෙඩියකින්ම ඒ රු. 5/- එකතු කර ගැනීමේ ගසා කෑමක් රටේ පවතී. තෙල් මිල රු. 10/-කින් වැඩි වනවිට ත්‍රීවීලර්කරුවෝ පළමු කි. මීටරයටම එම දහය එකතු කරති. සොයන්න ආණ්ඩුවක් නැති ගාණය. එහෙත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ මෙවන් අවස්ථාවක එම තත්ත්වය පාලනය කර ගැනීමටය. රුපියලේ හා තෙල් මිලේ ප්‍රශ්නය උග්‍ර වී තිබෙන්නේ ඒ නිසාය.

කහටගස්දිගිලියේ පවුලක් මුරුංගා කොළ ආහාරයට ගැනීමේ පුවත ගැන ජනාධිපති මෛත්‍රී අතිශයින් කම්පාවට පත්විය. ඔහු මාධ්‍යයට දොස් කීවේ නැත. වහා ඒ ගැන සොයා බලා ඊට පිළියම් යෙදීමට නිව් යෝර්ක් යාමට ප්‍රථම කටයුතු යෙදීය. එහෙත් ආපදා කළමනාකරණ ඇමැතිවරයාට අනුව මුරුංගා මැල්ලුම ජපානයට පවා අපනයනය කරන සුඛෝපභෝගී ආහාරයකි. මාධ්‍ය එය හුවාදැක්වීම වරදකි. ඒ පවුලටත් සමෘද්ධි ලැබෙන නිසා “අපි සමෘද්ධි දෙනවා. පුළුවන් නම් කාපල්ලා, නැත්නම් නිකං හිටපල්ලා” වගේ කතාවක් මෙමඟින් ගම්‍ය වේ.

වෙනස ඇත්තේ මෙතැනය. ජීවන වියදමේ ප්‍රශ්නය ජනතාවට වැඩියෙන් දැනෙන්නට පටන්ගෙන තිබෙන්නේ ආණ්ඩුවේ සමහර ප්‍රධානීන් ඊට සංවේදී නොවීම නිසාය. ඒ අයගේ සංවේදී නහර කපලා වාගේය. මේ නිසා දුප්පත් මිනිසුන් ගැන කතා කරන ආණ්ඩුවේ සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස වගේ අයට ද පසුබැසීමට සිදුවී තිබේ. ජනාධිපති මෛත්‍රීට මේ ගැන හොඳින් තේරෙන බව පෙනේ. ඒ නිසා එතුමා වෙනසකට යා හැකිය. ඒ ඔහු අසංවේදීන්ගේ වළේ වැටීමට සූදානම් නොවන නිසාය. එහෙත් වෙනසක් සිදු නොවන්නේ නම් මේ අය වළේ වැටෙන විට හෙට දවසේ එතුමාට ද ඉවුරේ සිට ගැනීමට නොහැකිවනු ඇත.

http://www.lankadeepa.lk/features/
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5549
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

Post by serene on Mon Oct 01, 2018 7:29 am

Thanks Nihal.
Will they do something to restore confidence back in to capital market.

serene
Top contributor
Top contributor

Posts : 4377
Join date : 2014-02-26

Back to top Go down

රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

Post by mymoney on Mon Oct 01, 2018 3:58 pm

serene wrote:Thanks Nihal.
Will they do something to restore confidence back in to capital market.

http://forum.lankaninvestor.com/t3647-now-what-post-election?highlight=election#25554

mymoney

Posts : 499
Join date : 2014-08-06

Back to top Go down

රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

Post by serene on Mon Oct 01, 2018 5:01 pm

mymoney wrote:
serene wrote:Thanks Nihal.
Will they do something to restore confidence back in to capital market.

http://forum.lankaninvestor.com/t3647-now-what-post-election?highlight=election#25554
Thanks my money. Back then I should have put a FD.
Things have really changed. Twisted Evil Twisted Evil

serene
Top contributor
Top contributor

Posts : 4377
Join date : 2014-02-26

Back to top Go down

රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

Post by nihal123 on Wed Oct 03, 2018 7:54 pm

රු. 3.50 සිට රු. 170 දක්වා රුපියල අවප්‍ර‍මාණය වු නමුත්, රටේ ආර්ථික ප්‍ර‍ශ්න විසදී නෑ. ආර්ථික අර්බුදය ජය ගැනීම ‘නිසි කළමනාකරණයක්‘ අවශ්‍යයි.

- කීර්ති තෙන්නකෝන් කියයි

‘අර්ථික කටයුතු පිළිබද අවසන් තීරණ ගැනීම සදහා National Economic Council නැතිනම් ජාතික අර්ථික කවුන්සිලය කියලා ආයතනයක් නිර්මාණය කර තිබෙනවා. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, මහ බැංකු අධිපති, ලේකම්වරු මෙහි සාමාජිකයින්. මෑත යුගයේ දැවැන්තම මුල්‍ය අර්බුදයෙන් ගොඩ එන්නට ජාතික අර්ථික කවුන්සිලය ගත්ත ප්‍ර‍තිපත්ති තීරණ මොනවාද කියලා රටට පැහැදිලි කළ යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.

එහිදී අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා ,

“නිදහස් ආර්ථිකය ආරම්භ වූ දා සිට අද දක්වා රු. 3.50 සිට රු. 170 දක්වා රුපියලේ අගය අව ප්‍ර‍මාණය වී තිබෙනවා. කාලයෙන් කාලයට රුපියලට තිබෙන ශත සීය අඩුවෙලා නෑ කියලා තර්ක ඉදිරිපත් කරපු මහාචාර්ය තිලක් රත්නකාර ගේ සිට හර්ෂ ද සිල්වා, එරාන් වික්‍ර‍මරත්න දක්වා දේශපාලන න්‍යාය පත්‍ර‍වලට වැඩ කරපු අය රුපියල අවප්‍ර‍මාණය ගැන මවපු සුරංගනා චිත්‍ර‍ ඇස් පනාපිට බිදවැටිලා තියෙනවා. ජාතික ආර්ථික කවුන්සිලයේ කවුරුවත්, අද පවතින අර්බුදය ගැන වචනයක් කියන්න කට අරින්නේ නෑ. අඩුම ගානේ පී.බී.ජයසුන්දර වැනි නිලධාරීන් ජනතාවට කරුණු පැහැදිලි කිරීමට හරි ඉදිරිපත් වුණා. අද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, ආර්ථික විද්‍යා ඔස්තාර් ලා කියන පාස්කරලිංගම්, රත්වත්තේ ලා කවුරුත් රටට වගකියන්නේ නෑ. කරුණු පැහැදිලි කරන්නේ නෑ.

රුපියල අවප්‍ර‍මාණය වීම වලක්වා ගැනීමට සංචිත බැහැර කිරීමට තමන් කටයුතු නොකරන බව දේශපාලනඥයින් කියනවා. නමුත්, එය සත්‍යයක් නොවෙයි. පසුගිය සති 3 තුල පමණක් රුපියල ආරක්ෂා කරන්න මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වෙළෙදපොලට මුදා හැර තිබුණා. ඊයේ මහ බැංකුවේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිගත්තා 2018 ජනවාරි තිබුණ සංචිත ප්‍ර‍මාණයට වඩා ඩොලර් මිලියන 184 ක් අද අඩුවී තිබෙන බව. “

2018 වසර ආරම්භයේ දී මහ බැංකුව සතු ඩොලර් සංචිත බිලියන 8 කි. පසුගිය මාස 8 තුල එය ඩොලර් මිලියන 500 කින් ඉහළ ගොස් තිබේ. 2018 අගෝස්තු 31 දිනට මහ බැංකුවේ සංචිතයේ වත්කම ඩොලර් මිලියන 8,590.87 කි. එයින් ඩොලර් මිලියන 768.69 ක් (වහා විකුණා දැමිය නොහැකි) රත්තරං සංචිතය කි. සරළව කිව හොත් වෙළෙදපොලට අතහැර දැමිය හැකි මහ බැංකුවේ රටේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 7.9 කි. පසුගිය සතිය දක්වාම, දිනකට ඩොලර් මිලියන 25 -30 අතර ප්‍ර‍මාණයක් වෙළෙදපොළට එක් කොට තිබුණි. ඩොලර් මිලියන 500 ක් අතහැරිය පසුවත් රුපියල 9%කින් අවප්‍ර‍මාණය වී තිබේ.

මහ බැංකුව සතුව ඇති පරිහරණය කළ හැකි ( සංචිත විදේශ මුදල් (Free Reserve) ඩොලර් බිලියන 7.2 න් 2018 වසර අවසානයේ ණය වාරික ගෙවීම සදහා තවත් ඩොලර් බිලියන 6.4 ක් අවශ්‍යය. ඒ අනුව, තවදුරටත් ඩොලරයේ අගය පාලනය කිරීමට අතහැර දැමිය හැකි මුදල ඩොලර් මිලියන 800 - 1000 ක් අතර ප්‍ර‍මාණයකි. ඩොලරට සාපේක්ෂව රුපියල අවප්‍ර‍මාණයවීමේ මෙවැනිම තත්වයක් 2012 හා 2015 දී ද ඇති විය. මහින්ද රාජපක්ෂ රජය, මහා භාණ්ඩාගාරය සතු ඩොලර් බිලියන 4 ක් 2012 දී වෙළෙදපොල වෙත පොම්ප කළ නමුත්, රුපියලේ 13% කින් අවප්‍ර‍මාණය විය.

වත්මන් රජය යටතේ මහ බැංකු මංකොල්ලයෙන් පසුව, 2015 දී ද මෙවැනිම තත්වයක් උදාවිය. මහ බැංකුවේ නිලධාරීන්ගේ දැඩි විරෝධය මත හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර‍න් ඩොලර් මිලියන 3.25 ක මුදල් සංචිත 2015 අගෝස්තු මහා මැතිවරණයට පෙර වෙළෙදපොලට අතහරිනු ලැබූ නමුත් එදා ද, 9% කින් රුපියල අවප්‍ර‍මාණයවීය. (මහ බැංකු අධිපති කුමාරස්වාමි මහතා පුවත්පත් සාකච්ඡාවක දී පැවසූවේ ඩොලර් මිලියන 1.2 ක් මුදාහැරි බවයි. එය සත්‍ය නොවේ. 2015 මුදා හරිනු ලැබූ මුළු සංචිත ප්‍ර‍මාණය ඩොලර් මිලියන 3.25 කි.

රුපියල තවදුරටත් බාල්දුවීම - අවසානය කොතැනද?

“ලෝකයේ රටවල් හතක මුල්‍ය අනුපාතික අර්බුදයක් ඇතිවිය හැකි බව මෙයට මාස 1 ½ කට පෙර, ජපානයේ ‘නොමුරා‘ මුල්‍ය කළමනාකරණ ආයතනය පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කළා ‘ලංකාව, දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, පාකිස්ථානය, ඊජිප්තුව, තුරිකිය, යුක්රේනය‘ පිළිබද මේ වාර්තාවේ සදහන් වුනා. ජාතික ආර්ථික කවුන්සිලය, මහ බංකුව, මුදල් අමාත්‍යාංශය මේ වාර්තා ගනන් ගත්තේ නෑ. පිළියම් යෙදුවේ නෑ.

සාමාන්‍යයෙන් ව්‍යවහාරයක් තියෙනවා ‘ආණ්ඩුවට වැඩිය රාජ්‍යය‘ ශක්තිමත් කියලා. අද ලංකාවේ තියෙන්නේ එහි විකෘතියක්. ‘රාජ්‍යයට වැඩිය ආණ්ඩුව ශක්තිමත්‘. වෙනත් රටක මෙවැනි තත්වයක් ඇති වුණාම වගකිව යුතු අය ගෙදර යවනවා. නමුත්, ලංකාවේ මේ අර්බුදයට වගකිව යුතු අය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න සුරංගනා කථා කියනවා“ යැයි ද තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.

“2018 සිංහල-දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ බිද වැටීම ඇරඹුණේ රු. 155.75 ඉඳලා. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව ඇතිවිය හැකි මුල්‍ය අර්බුයදයට දිගු කාලීන හෝ කෙටි කාලීන විසදුම් සෙව්වේ නෑ. එදා හිටපු මුදල් අමාත්‍යවරයා ‘කළු සල්ලි සුදු කරන ආර්ථිකයක්‘ ගැන සිහින මැව්වා. එදා රු. 131 ට තිබූ ඩොලරය රු. 105 දක්වා ශක්තිමත් කරන හැටි ගැන කථා කළා. අදත්, රටට කළු සල්ලි නම් එනවා. ඒවා ලැබෙන්නේ මහා භාණ්ඩාගාරයට නොවෙයි. දේශපාලනඥයින්ගේ ගිණුම්වලට.“

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබාදුන් ණය සහන සදහා ලංකා රජය උපක්‍ර‍මික නොවන ව්‍යවසාය ඈවර කිරීම යටතේ හිල්ටන්, ලංකා හොස්පිට්ල් හා හයට් හෝටලය විකුණා දැමීමට යෝජනා කළා. 2014 ජනාධිපතිවරණ වේදිකාවේ දී ව්‍යාපාරික ප්‍ර‍ජාවට දුන් මේ පොරොන්දුව ඉටු කළේ නම් අවම වශයෙන් අද, භාණ්ඩාගාරයට/රටට ඩොලර් මිලියන 500 ක් පහසුවෙන්ම ලැබෙනවා. හිල්ටන් විකුණා දැමීමට යෝජනා වෙලා, දැන් අවුරුදු තුන හමාරක් වෙනවා. තවමත්, එය සිදුකරන්නට ‘කොමිස් මගින් පාලනයවන දේශපාලන-නිලධාරි ආර්ථික විශේෂඥයින්ට හැකිවී නෑ. “

“ආයෝජන මණ්ඩලය හරහා යෝජනා වී තිබු විදුලිබල ව්‍යාපෘති 8 කින් එකක් හෝ ඇරඹීමට යහපාලන රජය අසමත් වුණා. යහපාලන රජයේ අවුරුදු 3 මාස 9 ට එක කිලෝ වෝට් එකක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් වී නෑ. ලංකාවේ වැඩිම ආනයන වියදම තියෙන්නේ බොරතෙල් සදහා යි. පුණර්ජනණීය බලශක්ති අමාත්‍යාංශය නමට පමණයි. මේ ආණ්ඩුව යටතේ විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් 250 කට වැඩි සංඛ්‍යාවක් ප්‍ර‍ධානය කර තිබෙනවා. හැබැයි තවම එකම කිලෝ වෝට් එකක් ජාතික විදුලිබල පද්ධතියට එක් වී නෑ. සූර්ය බලශක්තිය ස්ථාපනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 50 ක ණය ආධාරයට ගිවිසුම් අත්සන් කරන්න මාස 12 ක් ගියා. එහි ප්‍ර‍තිඑල අද රටම බුක්ති විදිනවා“ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු බැංකු විධායක රුසිරුපාල තෙන්නකෝන් මහතාද එක්ව සිටි අතර එහිදී කීර්ති තෙන්නකෝන් මහතා සහ රුසිරුපාල තෙන්නකෝන් මහතා දැක්වූ අදහස් ඇතුළත් හඩපට වලට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න.

කීර්ති තෙන්නකෝන් මහතාගේ හඩපටය - https://soundcloud.com/livemediasl/2018103a

රුසිරුපාල තෙන්නකෝන් මහතාගේ හඩ පටය - https://soundcloud.com/liveme…/20181003-rusirupala-thennkoon
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5549
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

Post by Ethical Trader on Thu Oct 04, 2018 12:38 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5239
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum