The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Tile - SnapshotWed Sep 28, 2022 12:45 pmකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ලෝකය යා කරන චීන ඉදිකිරීම් වේගවත් කරන යෝධ යන්ත්‍ර Empty ලෝකය යා කරන චීන ඉදිකිරීම් වේගවත් කරන යෝධ යන්ත්‍ර

Tue Jul 31, 2018 6:08 pm
BBC Sandeshaya පැය 2 කට පෙර
ලෝකය යා කරන චීන ඉදිකිරීම් වේගවත් කරන යෝධ යන්ත්‍ර _102761977__102628397_tracklayer-jpeg-test-2
ඉතිහාසයේ විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතියට එළඹුණු චීනය දුම්රිය මාර්ග ඉදිකිරීමේ ස්වරූපය ද වෙනස්කරමින් සිටී.

චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් (BRI - Belt and Road Initiative) නම් වැඩපිළිවෙල වැඩි වේගයකින් ඉදිරියට ගෙන යාම සඳහා උදව් කරගන්නා නව ආරක යන්ත්‍ර සුත්‍ර ගොන්නකි.

2013 වසරේදී ජනාධිපති ෂී ජිංපිං අපේක්ෂා සහගතව දියත් කළ එම වැඩපිළිවෙලේ ඉලක්කය වී තිබෙන්නේ රටවල් 70 ක් හරහා දිවෙන ගොඩබිම් මාර්ග හා මුහුදු මාර්ග යා කෙරෙන ජාලයක් ඔස්සේ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් සම්බන්ධ කිරීම ය.

මේ සඳහා බැංකු, ව්‍යාපෘතියට එක්වන රටවල් මෙන්ම චීන රජය මුදල් යොදවමින් කෙරෙන ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා ආයෝජනයක් පිළිබඳ අදාළ පාර්ශ්වයන් හි නිලධාරීහු සාකච්ඡාවල යෙදෙති.

මේ ව්‍යාපෘතිය ද අර්බුදකාරී ය. දුගී රටවල් මත ඩොලර් බිලියන ගණනක චීන ණය බරක් පටවන බව පෙන්වා දෙන විවේචකයෝ එය චීන විදේශ ප්‍රතිපත්තිය ප්‍රක්ෂේපනය කරන්නක් ලෙස පවසමින් බැහැර කරති.

කෙසේවෙතත්, එක් තීරයක්, එක් මාවතක් වැඩ පිළිවෙල පිළිබඳ සාක්ෂි චීනය හා ඉන් ඔබ්බෙහි පෙනෙන්නට තිබෙන්නේ ඒ සඳහා යොදා ගැනෙන නව ආරක යන්ත්‍ර සුත්‍ර සමුදායක් සැලකිය යුතු වේගයකින් දුම්රිය මාර්ග සැකසීමේ යෙදෙන බැවිනි.
පාලම තැනීම
ලෝකය යා කරන චීන ඉදිකිරීම් වේගවත් කරන යෝධ යන්ත්‍ර _102768507_china_rail_map_sinhala_ws_v2_976-nc
වංගු මග හැරීම සඳහා නිම්න හා ගමුරු දොරුවලට ඉහළින් දිවෙන, දුම්රිය මගේ වැඩි කොටසක් හරහා ඉතා ඉක්මණින් අධිවේගී දුම්රිය මාර්ග තනන්නේ කෙසේ ද?

ඒ සඳහා යොදවා ගැනෙන්නේ ජහවහරේ යකඩ යකා (Iron Monster) ලෙස හැඳින්වෙන SLJ900/32 නම් වූ පාලම් තැනීමේ යන්ත්‍රය ය. ඉහළට තැනුණු කණු, අධි බර කොන්ක්‍රීට් කොටස්වලින් එකින් එක යා කෙරෙමින් දුම්රිය මගේ කොටස් ගෙන යාමට, එසවීම හා තැන්පත් කිරීමට එම යන්ත්‍රයට හැකියාව ඇත.

එහි ක්‍රියාකාරීත්වය මෙසේ ය.
ලෝකය යා කරන චීන ඉදිකිරීම් වේගවත් කරන යෝධ යන්ත්‍ර _102768509_drill_how_it_works_v2_sinhala_640-nc
සෑම කොටසක් ම රැඳවීමෙන් අනතුරුව රෝද 64න් සමන්විත මීටර 92 (අඩි 300) ක් දිග මෙම වාහනය තවත් කොටසක් ඔසවා ගැනීම සඳහා ආපසු පැමිණේ.

ඉන් පසු ඉදිරියට යන එය ඊට පෙර තැන්පත් කරන ලද කොටසින් ඔබ්බට ගොස් තවත් කොටසක් තැන්පත් කරයි.

මුළු බර පැටවීමෙන් වුව ද පැයට කිලෝමීටර 5ක (පැයට සැතපුම් 3) වේගයෙන් යා හැකි මෙය, සම්ප්‍රදායික ක්‍රමයට අනුව විශාල දොඹකර යොදාගනිමින් කෙරෙන ඉදිකිරීමට වඩා සමස්ත ක්‍රියාදාමයට වැඩි වේගයක් ගෙන දෙයි.

ටොන් 580ක බරින් යුතු මේ යන්ත්‍රය, ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ දිවෙන බරට වඩා වැඩි බරකින් යුතුය. එහි අර්ථය නම් දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ශක්ති සම්පන්න බවකට වඩා වැඩියෙන් මේ පාලම සවිමත් බවය.

මොංගෝලියාව සහ චීනයේ වෙනත් ප්‍රදේශ යාකෙරෙන නව දුම්රිය මාර්ගය ද ඇතුළු අධිවේගී දුම්රිය ව්‍යාපෘති කීපයක් සඳහා දැනටමත් මේ යන්ත්‍රය දායක කරගෙන තිබෙන්නේ 2020 දී කිලෝමීටර 30,000 ක අධිවේගී දුම්රිය මාර්ග තැනීමේ චීන් ඉලක්කය ඉදිරියට යොමු කරමිනි.
උමං කැණීම

ඉතා දකුණු දෙසට වන්නට, හොංකොං ප්‍රදේශයට නුදුරු ෂාන්ටූ හි සු'ආයි මහාමාර්ග ව්‍යාපෘතියට අදාළව භූමිකම්පා ඇතිවන කලාපයක් හරහා කිලෝමීටර 5ක් දිගැති මංතීරු හයක භූගත රිය මාර්ගයක් තැනෙමින් පවතී. එම උමග 2019 දී විවෘත කෙරුණු විට ෂාන්ටූ හි ප්‍රවාහන සබඳතා නවීකරණය වනු ඇතැයි නිලධාරීන් විශ්වාස කරන අතර එය, සමුද්‍ර සේද මාවතේ පිහිටුවන ප්‍රධාන වරාය 15න් එකක් බවට පත්වනු ඇත.

මෙවැනි ව්‍යාපෘති සඳහා උමං විදීමේ යන්ත්‍ර (TBM - Tunnel Boring Machines) නිපදවීමේ ප්‍රමුඛත්වය ජර්මානු නිෂ්පාදකයින් විසින් සතුකරගනු ලැබ තිබිණි. එහෙත් මෑතකදී, එම ක්ෂේත්‍රයේ ස්ථාවර වූ සමාගම් වෙත ගෙවීම් කර ඔවුන්ගේ උමං විදීමේ තාක්ෂණය භාවිත කිරීම සඳහා බලපත්‍ර ලබාගැනීමට චීන සමාගම් පෙළඹිණි.

එහි ප්‍රතිඵලය වූයේ, නිදහස් ජර්මානු ඉංජිනේරුවන්ගේ සහය ඇතිව චයිනා රේල්වේ එන්ජිනියරිං ඉක්විප්මන්ට් ගෘප් කොම්පනි (CREG) නම් ආයතනය විසින් මේ 15.3m TBMSlurry නම් වූ යන්ත්‍රය නිපදවීමය. එය 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී එළිදක්වන ලදී.

ජර්මානුවන් සතුවූ යන්ත්‍රවල වූවාක් මෙන් මෙහි ද පොළොව හා පාෂාණ විදිය හැකි අති විශාල කැරකෙන තැටියක් යන්ත්‍රයේ ඉදිරියෙහි වේ.

ටොන් 4000ක බරින් යුතු මේ යන්ත්‍රයෙහි මීටර 100ක ට්‍රේලයක් බඳු කොටසක්ද ඇති අතර හයිඩ්‍රෝලික් තෙරපුමකින් බලගැන්වෙන කැපුම් මූණත ඉදිරියට ඇදෙද්දී උමං බිත්තිය සවිමත් කිරීම සඳහා ඉදිකිරීම් සේවකයින්ට එය පහසුකම සපයයි.

වෙතත් "දියාරු මිශ්‍රණ" (slurry) සහිත යන්ත්‍ර සමග සසඳනවිට, කැපුම් මූණතින් රැස්වන කැබලි බෙන්ටෝනයිට් දියරය (Bentonite - මැටි විශේෂයක්) සමග එහි කුටීරය තුළ මිශ්‍ර කර නළ ආධාරයෙන් පොම්ප කෙරේ.

මෙය ලෝකයේ පළලතම TBM යන්ත්‍රය නොවේ. එම පිළිගැනීම ලැබී තිබෙන්නේ බර්තා නම් වූ, 17m TBM යන්ත්‍රයකට වන අතර එය ඇමෙරිකාවේ සියැටල් හි ඇලස්කන් වේ වයඩක්ට් (Alaskan Way Viaduct) නම්වූ උමං මාර්ගය තැනීමට යොදා ගැනිණි.

කෙසේවෙතත්, 15.3m CREG වැනි යන්ත්‍ර තුළින් පෙන්නුම් කෙරෙන්නේ උමං තැනීමේ ප්‍රධාන ක්‍රියාකරුවෙකු බවට පත්වීමට චීනයට ඇති අපේක්ෂාව ය.
මාර්ග එළීම

BRI ව්‍යාපෘතිය සඳහා වූ පදනම චීනය හරහා තැනෙද්දී ඉන් සැතපුම් දහස් ගණනක් එපිටින් චීන අරමුදල් යෙදවුණු යටිතල පහසුකම් සැකසීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී.

2017 වසරේදී මොම්බාසා - නයිරෝබි දුම්රිය මාර්ගය සම්පුර්ණවීමත් සමග ඒ කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වූයේ එය සැලසුම් කළ කාලයට වඩා මාස 18 ට පෙර අවසන්වීම හේතුවෙන් නොවේ. කෙන්යාව නිදහස ලැබීමෙන් පසු ඉදිවූ පළමු දුම්රිය මාර්ගය වන එය දිගින් කිලෝමීටර 480 කි.

ඊට වැයවූ මුදලින් 90%ක් ම චීනයේ එක්සිම් බැංකුව විසින් සපයන ලද අතර චීනයෙන් පිටතදී චීන ප්‍රමිතියට අනුව චීන යන්ත්‍රෝපකරණ භාවිතයෙන් ඉදිකරන ලද ප්‍රථම දුම්රිය මාර්ගය ද එය වේ.

දුම්රිය මග එළීමේ යන්ත්‍රය මගින්, පෙරසවි කොටස් දුම්රිය මග දිගේ ප්‍රවාහනය කර අලුතින් එළන ලද කොටස ආසන්නයට ගොස් ඊළඟ කොටස එළනු ලබයි. එම කොටස් එළීමෙන් අනතුරුව ඒවා සම්බන්ධ කෙරුණු කෙටි පීලි වෙනුවට දිගු පීලි සවි කෙරේ. එයින් මෘදු ධාවනයක් එක්කෙරේ.

මෙය අලුත් අදහසක් නොවන අතර එය දශක ගණනක සිට ලොව පුරා භාවිතයට ගැනේ. නමුත් චීනය මෙය වැඩි වේගයකින් ඉටු කරන්නේ ඒ සඳහා යොදාගන්නා යන්ත්‍ර ඉක්මණින්, ලාභදායීව තැනීමෙනි. එසේම ඒවාට දුම්රිය මාර්ගයේ වඩා විශාල කොටස් ගෙනයාමේ හැකියාව ඇත.

තාක්ෂණික පෙළහරක් පෑවද මේ යන්ත්‍රවලට මිනිස් ශ්‍රමය ද විශාල ලෙස අවශ්‍ය කෙරේ. දුම්රිය මාර්ගය දිගේ ගොඩනැගූ තාවකාලික කර්මාන්තශාලාවල දුම්රිය මාර්ගයේ කොටස් තැනීම සඳහා චීන ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය කම්කරුවන් යොදාගැනේ. ඉන් පසු එම කොටස් දුම්රිය මාර්ගයේ සවි කෙරෙන්නේ ඉතා සුපරීක්ෂාකාරීව ය. වැරැද්දකට ඇති අවම ඉඩකඩ සෙන්ටිමීටර 2 ට වඩා අඩු විය යුතුය.

ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ද අවධානය යොමුවී තිබේ. මොම්බාසා - නයිරෝබි මාර්ගයේ සේවයේ යෙදුනු ජ්‍යෙෂ්ඨ චීන ඉංජිනේරුවකු ෂින්හුවා පුවත් ඒජන්සියට පැවසුවේ "වැඩ බිමේ අනතුරු සාමාන්‍යයි. ඒවා හැමවිටම බරපතල වගේම මාරාන්තිකයි."

අප්‍රිකානු රටවල චීන දුම්රිය මාර්ග ව්‍යාපෘති ජනප්‍රියව පැවතිය ද දැන් ඒවා පරිවර්තනයකට ලක්වෙමින් පවතී.

පැරණි බ්‍රිතාන්‍ය දුම්රිය මාර්ගයට ගෙවුණු පැය 10ට වඩා ගමන නයිරෝබි - මොම්බාසා මාර්ගයේ ගමනින් පැය හතරකට පමණ අඩුකර ඇත. පෙබරවාරි මාසය වනවිට 870,000 ට වැඩි මගීන් පිරිසක් එම මාර්ගය භාවිත කළහ.

මේ අතර, චීන එක්සිම් බැංකුවෙන් ලැබුණු තවත් ඩොලර් බිලියන 1.5ක ණය මුදලින් මෙම මාර්ගය කිසුමූ දක්වා තවත් බටහිර දෙසට දිගු කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. එවිට එය උගන්ඩා, රුවන්ඩා, දකුණු සුඩානය හා ඉතියෝපියාව යා කෙරෙනු ඇත.

චීනයේ මේ මහ යන්ත්‍රෝපකරණ සහයෙන් ඉදිකිරීම්වලට සැපයෙන වේගය අනුව සියල්ල සැලසුම් අනුව ඉටු වුවහොත්, චීන අරමුදල්වලින් තැනෙන නැගෙනහිර අප්‍රිකානු දුම්රිය මාර්ග ජාලයක හදවත බඳු වීමට කෙන්යාවට වැඩි කාලයක් ගත නොවනු ඇත.
Visit this link for fascinating illustrations
https://www.bbc.com/sinhala/world-45008525
(බීබීසී ප්‍රවෘත්ති හි ටොම් කැල්වර් සකස් කළ වාර්තාවක් ඇසුරිණි. අතිරේක වාර්තාකරණය: යුවෙන් වූ, සැලසුම: ප්‍රිනා ෂා, නිර්මාණය: ජෝ රීඩ්, ජෝෂ් රේමන්)
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum