The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Banking Sector
Today at 11:17 am by lanka

» Sri Lanka needs prudent fiscal policy to retain confidence, refinance debt: Economist
Today at 9:51 am by The Invisible

» EPF needs governance overhaul, proxy advisor, to invest in Sri Lanka stock market
Today at 9:49 am by The Invisible

» 17-pct of Sri Lankans stunted: World Bank Human Capital Index
Today at 9:45 am by The Invisible

» Coalition politics hurt Sri Lanka liberalization drive: Harsha
Today at 9:44 am by The Invisible

» Sri Lanka President calls to expand Nixon shock as rupee falls
Today at 9:43 am by The Invisible

» Sri Lanka new car registrations down 40-pct in September
Today at 9:39 am by The Invisible

» Sri Lanka stocks up 0.37-pct, rupee ends marginally lower
Today at 9:38 am by The Invisible

» Sri Lanka’s Nations Trust Bank gets US$50mn from Dutch lender
Today at 7:58 am by serene

» JKH shares trade Rs1.1bn worth at 126-127/share in today’s trades
Yesterday at 8:45 pm by PANTOMATH

» Only 8-pct of Sri Lanka’s 2018 budget promises progressing on track: Verité
Yesterday at 7:14 pm by serene

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
Yesterday at 1:10 pm by කිත්සිරි ද සිල්වා

» වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන්
Yesterday at 11:35 am by Ethical Trader

» බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි
Yesterday at 11:32 am by Ethical Trader

» සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි
Yesterday at 11:23 am by Ethical Trader

» Hayleys buys balance 9.47-stake in Singer Sri Lanka
Yesterday at 8:24 am by yellow knife

» Sri Lanka's All Share index falls below 5,800 points
Yesterday at 7:50 am by serene

» Sri Lanka stocks end 0.70-pct lower, rupee lose some gains
Yesterday at 7:33 am by The Invisible

» Sri Lanka gilt yield curve flattens amid currency pressure
Yesterday at 7:30 am by The Invisible

» Global stocks mixed as oil gains amid scrutiny of Saudi Arabia
Yesterday at 7:24 am by The Invisible

» චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි
Mon Oct 15, 2018 6:11 pm by serene

» Will take care of debt issues of Belt and Road projects: China
Mon Oct 15, 2018 6:07 pm by serene

» සිංගර් ඉතුරු කොටස ධම්මික අද මිල දී ගනී
Mon Oct 15, 2018 4:57 pm by The Invisible

» ලංකා හා මහජන බැංකු කොටස් අලෙවියක්
Mon Oct 15, 2018 12:23 pm by nihal123

» රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය
Mon Oct 15, 2018 9:32 am by The Invisible

» Global stocks stumble as Trump attacks Fed
Mon Oct 15, 2018 9:29 am by The Invisible

» අහිමි වෙන ඉරාන තේ වෙළෙඳපොළ වෙනුවට රජය විකල්ප සොයාගෙන නෑ
Mon Oct 15, 2018 9:28 am by The Invisible

» Sri Lanka apparel exports up 7.8-pct in Aug despite Brexit hit
Mon Oct 15, 2018 9:25 am by The Invisible

» 'Shock not over' as Asian stocks extend slide
Mon Oct 15, 2018 9:24 am by The Invisible

» "The unreasonable man" - Rohan Pallewatte
Sun Oct 14, 2018 10:55 am by කිත්සිරි ද සිල්වා

» අනං මනං! #/+?.<>
Sat Oct 13, 2018 7:09 pm by Yin-Yang

» Investing in stocks - how to find the best time to buy or sell
Sat Oct 13, 2018 5:15 pm by nihal123

»  How To Identify Stock Market Direction (Trends) Part 1
Sat Oct 13, 2018 5:06 pm by nihal123

» Backroom moves over Sri Lanka Chief Justice pick
Sat Oct 13, 2018 12:22 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes second forced bond sale, yields up
Sat Oct 13, 2018 8:31 am by The Invisible

» Sri Lanka stocks end 0.40 percent lower, rupee in sharp rebound
Sat Oct 13, 2018 8:30 am by The Invisible

» Sri Lanka's Lion Brewery regrets leaving Indian market
Sat Oct 13, 2018 8:28 am by The Invisible

» Sri Lanka looks to shed massage parlour image for billion dollar wellness industry
Sat Oct 13, 2018 8:22 am by The Invisible

» ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට
Fri Oct 12, 2018 5:32 pm by nihal123

» අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව තහනම් කරයි
Fri Oct 12, 2018 5:30 pm by nihal123

» MTD WALKERS - KAPI
Fri Oct 12, 2018 5:24 pm by Ethical Trader

» මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක
Fri Oct 12, 2018 7:50 am by serene

» Rising debt is shared concern of both creditors, debtors, Sri Lanka says
Fri Oct 12, 2018 7:43 am by serene

» Sri Lanka stocks end 0.57-pct lower, rupee weakens marginally
Fri Oct 12, 2018 7:38 am by serene

» Sri Lanka widens bank dollar trading positions
Fri Oct 12, 2018 7:36 am by serene

» Sri Lanka says small nations face chaos from financial and natural turmoil
Fri Oct 12, 2018 7:32 am by serene

» BOC New Internet Banking System
Thu Oct 11, 2018 9:23 pm by xmart

» ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක්
Thu Oct 11, 2018 6:10 pm by Ethical Trader

» ඩොලරය රු. 173 සමීපයට පැමිණෙයි
Thu Oct 11, 2018 2:01 pm by The Invisible

» Sri Lanka opposition’s toppling bid runs into snags
Thu Oct 11, 2018 10:03 am by Ethical Trader

October 2018
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඩොලර් රුපියල් සටන

Go down

ඩොලර් රුපියල් සටන

Post by nihal123 on Fri May 11, 2018 2:38 pm

ශ්‍රී ලංකා රුපියලේ අගය හිටි ගමන් ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඇද වැටෙතියි මෑත දී මාධ්‍ය වාර්තා පළ කළේය. ශ්‍රී ලංකා රුපියලේ අගය බැලීමේදී ශ්‍රී ලංකාව ඇමෙරිකා ඩොලරය යොමුවක් ලෙස පාදක කරගනී. ශ්‍රී ලංකා මහ බැංකුව දැන් ඔවුන්ගේ රට සල්ලි අනුපාතය පළ නොකරයි. වර්ෂ 2000 සිට ශ්‍රී ලංකාව විනිමය අනුපාතය පළ නොකළේය. ඒ වෙනුවට මහ බැංකුව කළේ විනිමය අනුපාතය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමයි. ඒ අනුව වෙළෙඳ පොළෙහි විනිමය අනුපාත දෙකකි. ඒ දෙකම ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට අදාළ වන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම අනුපාත දෙකම සිය වෙබ් අඩවියේ පළ කරයි. එසේ කරනුයේ දවසක් පමා කිරීමෙනි. ඉන් එකක් වනුයේ වැඩ කරන දින දෙකක් ඇතුළත දී ඩොලරයේ සමානුපාතික මිල කුමක්දැයි දක්වා සිටීමයි. තමන් අතර ගනුදෙනු සඳහා වාණිජ බැංකු ඇමෙරිකා ඩොලරය මේ සඳහා පාවිච්චි කරයි. අන්තර් බැංකු විනිමය අනුපාතික වෙළෙඳපොළ යනුවෙන් එය හැඳින්වේ.

දෙසතියකට පෙර මෙම අනුපාතිකය ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල් 155 ශත 75 ක් විය. දෙසතියකට කලින් මෙම අනුපාතිකය ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල් එකසිය පනස් හතයි ශත හැට පහ දක්වා පහත වැටුණේය. එසේ පහත වැටුණේ අප්‍රේල් 27 දාය. එය රුපියල් එකයි අනූවකින් බාල්දු වීමකි. අනෙක් ක්‍රමය වනුයේ මාධ්‍ය හා විශ්ලේෂකයන් අතර පවත්නා සාමාන්‍ය අනුපාතික ක්‍රමයයි. වෙනත් වචන වලින් කියතොත් ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිලයි. රුපියලේ ඉරණම ඒ අනුව විසඳේ. ගනු දෙනුකරුවන් විදුලි පණිවුඩ යැවීමේ ක්‍රමයෙන් වාණිජ බැංකු හා ගනුදෙනු කරයි. දෙසතියකට පෙර එනම් අප්‍රේල් 16 වැනිදා ගැනුම් මිල රුපියල් එකසිය පනස්තුනයි ශත 76 ක් විය. විකුණුම් මිල රුපියල් 157. 53 කි. එහි මධ්‍යම අනුපාතිකය රුපියල් 155 යි. ශත 64 කි. අප්‍රේල් 27 දා එය පිළිවෙළින් රුපියල් 155 යි ශත 40 ක් හා 159 ශත එකක් විය. මධ්‍යම අනුපාතිකය රුපියල් 157 යි ශත 21 ක් විය. තොරතුරු අනුපාතිකය අනුව එය රුපියල සමග සැසැඳීමේ දී රුපියල දෙසතියක් ඇතුළත දී රුපියල් 1 යි ශත 57 ක් අවප්‍රමාණ විය. මාධ්‍යවේදීන් හා විවේචකයන් අතර කලබලයක් ඇති වූයේ රුපියල මෙසේ පල්ලම් බැස ගිය නිසාය. මෙය අස්වාභාවික තත්ත්වයක් නොවේ. 1977 සිට එවැනි තත්ත්වයක් රටේ පවතී. එම වර්ෂයේ සිට විනිමය අනුපාතිකය පහසුවෙන් නැමෙන සුළු තත්ත්වයෙන් විනිමය අනුපාතය පවත්වා ගෙන යෑම ඊට හේතුවයි. ඊට පෙර ශ්‍රී ලංකාවේ පැවතියේ මහ බංකුවෙන් නම නියම කැරෙන අනුපාත ක්‍රමයයි. ඒ අනුව රුපියලේ හා ඩොලරයෙහි අනුපාතිකය රජයෙන් නියම කළේය. එය රජයේ ප්‍රතිපත්තිය අනුව ගන්නා තීරණයකි. නියත වශයෙන්ම රටේ විදේශ විනිමය ලැබීම් හා ගෙවීම්වල හිඟයක් පවතින විට නිත්‍ය අනුපාතික ක්‍රමයක් දිගටම පවත්වාගෙන යෑමේ ඉඩක් නැත. එහෙයින් ආනයන සීමා කළ යුතුය.

ඒ සඳහා ඉතා බරපතළ හා දැඩි ලෙස නීති පැනවිය යුතුය. ආනයන හා විදේශ විනිමය පාලනය සම්බන්ධයෙන් දැඩි නීති රීති පැන විය යුතුය. එය හරියටම රෙද්දේ ප්‍රමාණයට කබාය කපා ගැනීමක් බඳුය. විය යුත්තේ කබායට ඇති තරම් ලොකුවට රෙද්ද කපා ගැනීමකි. ඇඟේ ප්‍රමාණයට කබාය මසා ගැනීමයි. එසේ නොකිරීමෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් තදට මැසූ කබායක සිරකරුවන් වීමයි. ලක් වැසියෝ රුපියල්වලින් මිල නොගෙවූහ. බැංකු වලින් ඩොලර් ගැනීමට ඔවුහු මහත්සේ වෙහෙසුණාහ. මෙම ක්‍රමයෙන් ඇති වූයේ සීමාසහිත ඉඩ කඩකි. කෝටා ක්‍රමයක් ලැබීමයි. 1977 දී කෝටා ක්‍රමය සිඳ බිඳ දැමිණි. රුපියල් වැඩියෙන් ගෙවා ඩොලර් හිමි කර ගැනීමයි. ඒ අනුව 1950 දක්වා රු. 4.76 නොවෙනස්ව පැවැති රුපියලේ හා ඩොලරයේ අනුපාතය 1968 දක්වාම එලෙසම පැවතුණි.

රජය 1968 දී එය 20% න් අවප්‍රමාණ කළේය. ඉන් පසුව කිහිප වරක්ම රුපියල බාල්දු කැරිණි. එක් වරක් රුපියලේ අගය වැඩි කැරිණි. අලුතින් විනිමය අනුපාත ක්‍රමය ඉන්පසුව හඳුන්වා දෙන ලදී. නිල වශයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු. 8.81 වට්ටමේ පැවතියේය. එහෙත් මෙම අනුපාතය නොමඟ යවන සුළු විය. බොහොමයක් ආනයන ගනුදෙනු හා සුළු ආනයන ගනුදෙනු විශේෂ බද්දකට යටත් කර සිදු කැරීම ඊට හේතුවයි. 65% කටත් වඩා විශේෂ බද්දක් අය කරමින් එය සිදු විය. විදේශ විනිමය හිමිකම් සහතික නම් වූ ක්‍රමයක් රජය හඳුන්වා දුන්නේය. ඒ අනුව අමෙරිකා ඩොලරයෙහි කාර්යක්ෂම විනිමය අනුපාතය රු. 14.54 කි. එම කාලයට පෙර පැවැති දශකයේදී රජයට වැදගත් ආදායම් මාර්ගයක් වූයේ විදේශ විනිමය හිමිකම් සහතික ක්‍රමයෙන් ලැබුණු ආදායමයි. විවිධ ගනුදෙනු සඳහා විවිධ අනුපාත යටතේ සිදු කළ මෙම ගනු දෙනු බහු විධ මුදල් හුවමාරුව නමින් හැඳින්විණි. 1977 මෙම බහුවිධ විනිමය අනුපාතය අහෝසි කැරිණි.

රුපියල ඩොලර අනුපාතය ඒකාකාර ක්‍රමයකට වෙනස් කැරිණි. එවිට ඩොලරයකට රුපියල් 15.56 ක් ලැබිණි. ක්‍රියාකාරී අනුපාතයට වඩා 7% ක් පමණ මිල මට්ටම ඩොලරය වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. රුපියල එක් අතකට පමණක් යාහැකි මඟකට ගමන් කළේ මෙම අනුපාත ක්‍රමය හඳුන්වා දීමෙන් පසුවය. ගිය සතිය අවසන් වන විට ඇමෙරිකා ඩොලරයට රුපියල් 157 ක් වී පල්ලම් බැසීම සිදු විය. එය ශ්‍රී ලංකා රුපියල බලාපොරොත්තු නොවූ ඉරණමකට පත් වීමකි. රුපියල තනි අතකට පමණක් මෙසේ ගමන් කිරීමට හේතුවක් ද වෙයි. යම් රටක් තම මුදල් ස්ථාවර අගයක තබා ගැනීමට ඕනෑ කමක් ඇත්තේ නම් ඊට ඇත්තේ එකම වට්ටෝරුවකි. එම වට්ටෝරුවේ මිශ්‍රණය සඳහා ප්‍රමාණවත් පරිදි රට සල්ලි අවශ්‍ය වන්නේය. එම රටේ වැසියන්ගේ විදේශ මුදල් රටට ලැබිය යුත්තේය. රට සල්ලි උපයා ගන්නා මාර්ග රැසකි. එකී මාර්ගයක් වනුයේ භාණ්ඩ පිටරට යවා විදේශ විනිමය උපයා ගැනීමයි. සේවා විකුණා විදේශිකයන්ගෙන් රට සල්ලි සොයා ගැනීම තවත් ක්‍රමයකි. මෙම ක්‍රමය යටතේද අභ්‍යන්තර මුදල් එවීමෙන්ද එතෙර වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන රට සල්ලිද තවත් ක්‍රමයකි. අනෙක් අතට භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලාංකිකයෝ රට සල්ලි සොයති. ණය ගැනීම්වලට ගෙවන පොලියෙන් හා ලාබ ලබන ආයෝජනවලින්ද රට සල්ලි සොයා ගත හැකියි. මෙම ගනු දෙනු ඒකාබද්ධ කළ හැකියි. මෙම ගනුදෙනු එක් ගිණුමකට පමණක් මාරු කළ හැකිය.

ගෙවිය යුතු ණය හා බැංකු ණය වශයෙන් එසේ කළ හැකිය. ව්‍යවහාර මුදල් ශක්තිමත් මට්ටමක තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. අභ්‍යන්තර හුවමාරු ක්‍රමය ද රට සල්ලි ඉපයීමේ තවත් මාර්ගයකි. එවැනි මුදල් රටකට තෑගි ලෙස ලැබේ. එතෙර වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් එසේ මුදල් ලැබේ. අනෙක් අතට ශ්‍රී ලාංකිකයෝ භාණ්ඩ ගෙන්වීමට රට සල්ලි ඉල්ලති. සේවා වෙනුවෙන් ද රට සල්ලි ඉල්ලති. ගන්නා ණය වෙනුවෙන් පොලී ගෙවීමටත් ආයෝජන ලාබ සඳහාත් එම රට සල්ලි යොදා ගැනේ. මෙවැනි ගෙවීම්වලට තෑගි ද ඇතුළු කැරේ. ශ්‍රී ලාංකිකයන් විදේශිකයන් සමඟ කරන එවැනි ගනු දෙනු බාහිර මුදල් ගෙවීම් ලෙස සැලකේ. මෙවැනි ගනු දෙනු ගිණුම් ශේෂයට ඒකාබද්ධ කිරීමේ හැකියාව ඇත. විශ්වාසය මත ණයට මුදල් දීම හා ගෙවිය යුතු ණය වශයෙන් එම ගනුදෙනු හැඳින්වේ. යම් මුදල් මාර්ගයක් ශක්තිමත් හා ස්ථාවර භාවයේ අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ එම ගිණුම සමබරව තිබීමයි. එසේ නැතිනම් එම ගනු දෙනුවේ හිඟයක් ඇත්නම් වෙනත් අවුරුදුවල අධිභාරය මගින් ඒවා පියවා ගැනීමයි. ඕනෑකම පිරිමසා ගැනීමෙන් පසු ඉතිරිවන කොටස මුදල හෝ ලාබය අධිභාරයයි. එවැනි අධිභාර දිගටම සිදු වෙතොත් එහි තේරුම වනුයේ විදේශ විනිමය වැඩි වැඩියෙන් උපයා ගැනීමයි. එසේත් නැත්නම් රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා විදේශ විනිමය උපයා ගැනීමයි.

මෙම අතිරික්තය වෙනත් රටවලට ණයට නොදෙන්නේ නම් එම රටේ මුදලේ අගය දිගටම ඉහළ යෑමට හැකිබව පෙනේ. එහෙත් දිගටම මුදල් හිඟයක් පවතින්නේ නම් විදේශ මුදල් හිඟයක් ඒ රටේ ඇති වන්නේය. මෙම හිඟය මකා ගැනීමට වෙනත් රටවලින් මුදල් ණයට ගත යුත්තේය. එවිට ඒ රටේ මුදල තාවකාලික වශයෙන් ශක්තිමත් වන්නේය. එසේ කළ හොත් එම රටේ විදේශ ණය ගොඩට එම මුදල් එකතු වේ. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය ව්‍යාධියක් හෝ අසනීපයක් විය හැකිය. එසේ වූ විට එම රට ණය උගුලක පැටලේ. ඒ රටේ ආර්ථිකය එවිට නරක අතට හැරී තනි පැත්තකට පමණක් ඇති පාරකට යොමු වී එම රටේ මුදල බාල්දු වන්නේය. ශ්‍රී ලංකාව මුහුණ පානුයේ දෙවැනි තත්ත්වයටයි. ශ්‍රී ලංකාව 1977 සිට මෙම අත්දැකීම ලබා ඇත. ශ්‍රී ලංකා ආර්ථීකය දැන් හිඟයකට මුහුණ පා සිටී. එහි ආර්ථිකය එසේත් නැත්නම් දළ දේශීය නිෂ්පාදනය හිඟයකට මුහුණ පා සිටී. සමහර වසරවල එම හිඟය 16% ක් තරම් ඉහළ නැග ඇත. එම හිඟය ඉහළ යනවිට කනස්සල්ල පළවේ. එය සුළු ප්‍රමාණයකින් පහළ වැටෙන විට සුළු ආත්ම තෘප්තියක් ඇති කර ගනී. එය ඉහළ යන විට රට කනස්සල්ලට පත්වේ.

කලබලවේ. ඉතා සුළුවෙන් එය පහළ බසින විට සුළු සතුටකින් චූන් වෙයි. රට මුහුණපාන ආර්ථික අනතුර හා අවදානම ගණන් නොගනී. 2012 සිට 2017 දක්වා ජංගම ගිණුමේ වාර්ෂික හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 3% පමණ විය. ඒ නිසා රුපියල බාල්දු කිරීමේ පීඩනයක් හට ගත්තේය. පසුගිය රජය කළේ පිටරටින් මුදල් ණයට ගැනීමයි. එම මුදල් වෙළෙඳ පොළට ඉදිරිපත් කළේය. එය හරියටම පිළිකා රෝගියෙකුට වේදනා නාශකයක් දීම වැනි ක්‍රියාවකි. වේදනානාශකයක් දුන්විට වේදනාව තුනීවී යයි. එහෙත් එමගින් ලෙඬේ සුව නොවේ. නිසි බෙහෙත් නැති නිසා ලෙඬේ වැඩි වෙයි. එහි ප්‍රතිඵලය වනුයේ පිළිකාව දරුණු වීමයි. එවිට ලෙඬේ උත්සන්නවී හමාරය. දීමට බෙහෙතක්ද නැත. ලෙඩා පිළිකාවෙන්ම මරණයට පත්වේ. නව රජය 2015 ජනවාරියේ බලයට එද්දී මේ බව දැන සිටියේය. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ද මුදල් අමාත්‍යාංශය ද එවැනි ආර්ථික අර්බුදයක් නැති බවට කටයුතු කළේය. 2014 මහබැංකු වාර්ෂික වාර්තාව 2015 අප්‍රේල් මාසයේදී නිකුත් විය. නව රජය එම වාර්තාව හැඳින්වූයේ ඔක්කොම හරි යන න්‍යායෙනි. රජ ගෙදර කුරුල්ලකු සේ නවරජය ක්‍රියා කළේය. රුපියල ස්ථාවර වී ඇතැයි උද්දාමයෙන් හැසිරුණේය. ඇමෙරිකා ඩොලරයට වඩා ලංකා රුපියල ශක්තිමත් වී ඇතැයි රජ කුරුල්ලන්ගේ හැඟීම විය. සෙසු මුදල් සමඟ රුපියලේ අගය ඉහළ යතියි ඔවුහු අමන්දානන්දයට පත්වී සිටියහ.

රුපියලේ මෙම වටිනාකම වෙළෙඳ පොළේ සෙසු මුදල් හා සසඳමින් ශ්‍රී ලංකා මහබැංකුව කාර්යක්ෂම විනිමය අනුපාත දෙකක් ඉදිරිපත් කළේය. ඉන් එකක් රුපියලේ නාමික අගය වෙනුවෙනි. අනික සැබෑ අගය වෙනුවෙනි. එම දර්ශක දෙකම අනුව 2014 දී රුපියලේ අගය ඉහළ ගොස් තිබිණි. එහි තේරුම වූයේ අපනයන තරග කාරිත්වයෙන් ශ්‍රී ලංකාව පරාජය වී ඇති බවය. ආනයන සම්බන්ධයෙන් රුපියල වඩා හොඳ මට්ටමක සිටි බව කියති. මෙය අසනීපයකි. ව්‍යාධියකි. එයින් ලෙඬේට හේතුව යටපත් කරයි. ආනයනයට දිරි ගන්වයි. එමගින් දීර්ඝ කාලීනව රුපියලට දැඩි පීඩාවක් එල්ල විය. රුපියල මේ තත්ත්වයට ඇද වැටීමේ ප්‍රධාන සාධකය එයයි. ශ්‍රී ලංකා මහ බැංකුව එදා මේ ගැන රජයට අනතුරු ඇඟවිය යුතුව තිබිණි. එහෙත් ඔවුන් එය ඉටු කළේ නැත. සියල්ල සුබ දායක යයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වූ චිත්‍රයත් සමග රජය උද්දාමයට පත්විය. එදා මුදල් ඇමැතිව සිටි රවි කරුණානායක රට වැසියාට විස්මය ජනක පොරොන්දු ඉදිරිපත් කළේය. විනිමය අනුපාතය රුපියල් 131 සිට (ඩොලරයට සාපේක්ෂව) 105 දක්වා ගෙන එන බව ඔහු කීවේය. එම පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත්වූ හිටපු මුදල් ඇමැති බෙල්ජියමේ ආයෝජකයකු මගින් ඇමෙරිකා ඩොලර් බිලියන තුනක (කොටි 300) ආයෝජන ගෙන එන බව කීවේය. එවැනි තවත් පොරොන්දු රැසක්ම ඔහු දුන්නේය.

ඬේලි එෆ්.ටී. පුවත්පතේ පළවූ ලිපිය පරිවර්තනය කළේ
ඩබ්ලිව්.ජී. ගුණරත්න
http://www.lankadeepa.lk/
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4892
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: ඩොලර් රුපියල් සටන

Post by Ethical Trader on Fri May 11, 2018 5:39 pm

Thanks Nihal.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4416
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum