The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
Today at 8:54 pm by nihal123

» Dividend Announcement
Today at 11:24 am by AjithR

» අනං මනං! #/+?.<>
Today at 8:49 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
Fri Mar 15, 2019 2:59 pm by nuwanmja

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Fri Mar 15, 2019 12:21 am by xmart

» HAYL.N0000 Hayleys PLC
Thu Mar 14, 2019 2:46 pm by yellow knife

» Happy Birthday
Thu Mar 14, 2019 1:44 pm by Backstage

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
Thu Mar 14, 2019 10:57 am by slstock

» HNB.N0000 ( Hatton National Bank PLC)
Thu Mar 14, 2019 10:43 am by gTrade

» DFCC.N0000 ( DFCC BANK PLC )
Wed Mar 13, 2019 6:44 pm by serene

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Mon Mar 11, 2019 10:52 am by yellow knife

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Sun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
Sun Mar 10, 2019 6:40 am by ruwan326

» Mobile Trading: the new BUZZ word in Capital Markets Industry!
Thu Mar 07, 2019 5:58 pm by Brenda John

» MGT.N0000
Sun Mar 03, 2019 2:48 pm by Hawk Eye

» MTD WALKERS - KAPI
Sun Mar 03, 2019 8:57 am by Jana1

» Should such people be trusted and help anymore?
Sun Mar 03, 2019 4:42 am by pjrngroup

» The messenger who couldn't deliver a message
Wed Feb 27, 2019 5:56 pm by Backstage

» SHL.N0000 (Softlogic Holdings PLC)
Wed Feb 20, 2019 8:23 am by ruwan326

» Importance of 2019 government budget
Tue Feb 19, 2019 12:13 pm by කිත්සිරි ද සිල්වා

» Emir of Qatar on a private visit to Sri Lanka till February 22
Tue Feb 19, 2019 11:19 am by Backstage

» දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
Fri Feb 15, 2019 8:24 am by ruwan326

» CONN.N0000
Wed Feb 13, 2019 8:09 pm by ruwan326

» SERV - The Kingsbury
Wed Feb 13, 2019 8:08 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Wed Feb 13, 2019 7:53 pm by ruwan326

» KVAL.N0000
Wed Feb 13, 2019 7:36 pm by ruwan326

» HAYC - Haycarb
Wed Feb 13, 2019 7:24 pm by ruwan326

» DIPD.N0000 (Dipped Products)
Wed Feb 13, 2019 7:22 pm by ruwan326

» මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
Tue Feb 12, 2019 8:23 pm by ruwan326

» VFIN - where the journey leads it?
Mon Feb 11, 2019 7:35 pm by ruwan326

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
Mon Feb 11, 2019 7:31 pm by ruwan326

» LFIN - LB Finance
Mon Feb 11, 2019 7:25 pm by ruwan326

» Sri Lanka urged to develop own narrative of China’s BRI
Mon Feb 11, 2019 2:50 pm by Backstage

» Wonder why men send photos of their genitals? Here are some theories
Mon Feb 11, 2019 11:01 am by Backstage

» Flying is the Safest mode of Transport
Sat Feb 09, 2019 8:12 am by කිත්සිරි ද සිල්වා

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Thu Feb 07, 2019 2:24 pm by Ethical Trader

» Lanka named top tourist destination for 2016
Wed Feb 06, 2019 2:29 pm by කිත්සිරි ද සිල්වා

» A Bit of History
Wed Feb 06, 2019 2:18 pm by ruwan326

» AMF.N0000
Thu Jan 31, 2019 6:56 am by serene

» IOC Sri Lanka unit December quarter loss widens to Rs987mn
Mon Jan 28, 2019 11:02 am by ruwan326

» මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Mon Jan 21, 2019 7:18 pm by nihal123

» Obituary Notice.
Mon Jan 21, 2019 7:14 am by කිත්සිරි ද සිල්වා

» Trading Journal
Sun Jan 20, 2019 5:53 am by serene

» LDEV - Lankem Developments
Fri Jan 18, 2019 2:11 pm by ruwan326

» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
Thu Jan 17, 2019 12:15 pm by Ethical Trader

» AAIC.N0000
Wed Jan 16, 2019 9:50 pm by serene

» இனிய பொங்கல்
Tue Jan 15, 2019 9:15 pm by nihal123

» HUNA.N0000
Mon Jan 14, 2019 5:29 pm by Ethical Trader

» Blessing in Disguise!! It's high time Brothers!!
Sun Jan 13, 2019 11:35 am by serene

» Thread for News on Local and Foreign Politics
Sat Jan 12, 2019 8:26 am by ruwan326

March 2019
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මහ බැංකුව නිත්‍ය ණය පොළිය අඩුකරන්න හේතු වූ කරුණු මෙන්න

Go down

මහ බැංකුව නිත්‍ය ණය පොළිය අඩුකරන්න හේතු වූ කරුණු මෙන්න

Post by nihal123 on Wed Apr 04, 2018 2:31 pm


උද්ධමනයෙහි සහ උද්ධමන අපේක්ෂාවන්හි හිතකර වර්ධනයන් මෙන්ම, ආර්ථිකයට ළඟා විය හැකි උපරිම වර්ධන මට්ටම සහ පවත්නා වර්ධන මට්ටම අතර පරතරය පුළුල් කිරීමට හේතු වූ සාපේක්ෂව අඩු මූර්ත ද.දේ.නි. වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් 2018 අප්‍රේල් මස 03 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25 කින් අඩු කිරීමට තීරණය කළේය. මෑතකදී දේශීය වෙළඳපොළ තුළ දක්නට ලැබුණු පොලී අනුපාතිකවල විචලනය අඩු කිරීමට ද, මෙම තීරණය හේතු වනු ඇතැයි අපේක්ෂිතය.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අඩු කිරීම සඳහා මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණය පහත සඳහන් සාර්ව ආර්ථික වර්ධනයන් මත පදනම් වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙහි තාවකාලික ඇස්තමේන්තු අනුව,
2016 වසර තුළදී වාර්තා වූ සියයට 4.5 හා සැසඳීමේදී 2017 වසර තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.1 ක වර්ධනයක් වාර්තා කරමින් 2017 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන ක්‍රියාකාරීත්වය සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගය, මන්දගාමීව පවතින කෙටිකාලීන වර්ධන අපේක්ෂා වැඩිදියුණු කිරීම සඳහා සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මැදිකාලීනව තිරසාර ඉහළ වර්ධන ප්‍රවණතාවක් කරා ආර්ථිකය යොමු කිරීම සඳහා සැලසුම්ගත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

ආහාර උද්ධමනය අඛණ්ඩව අඩු වීම හා හිතකර පදනම් බලපෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම් වූ මතුපිට උද්ධමනය, 2018 වසරේ මාර්තු මාසයේදී තවදුරටත් මන්දගාමී විය. 2018 වසරේ පළමු මාස දෙක තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) මත පදනම් වූ උද්ධමනයෙහි ද එවැනි අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි. දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට ප්‍රතිචාර දක්වමින්, මූලික උද්ධමනය මැදි-තනි අගයක් මට්ටමට වඩා පහළින් පැවති අතර, උද්ධමන අපේක්ෂා පාලනය වී පැවතිණි. මෙම ප්‍රවණතා අනුව, නුදුරු කාලයේදී සිදු විය හැකි පරිපාලිත මිල ගණන් සංශෝධන හේතුවෙන් උද්ධමනයට සිදුවන බලපෑම සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව වුවද, 2018 වසරේදී මතුපිට උද්ධමනය ඉලක්කගත පරාසය තුළ පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ.

විදේශීය අංශය සැලකූ විට, 2018 ජනවාරි මාසයේ දී අපනයන ක්‍රියාකාරිත්වය මිල සහ ප්‍රමාණ යන දෙඅංශයෙන්ම ඉහළ ගිය නමුත්, ආනයන වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය. කෙසේ වුවත්, සංචාරක ඉපැයීම් ලෙස ලද විදේශ විනිමය ලැබීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම, ජංගම ගිණුම මත වූ බලපෑම යම්තාක් දුරකට සමනය වීමට හේතු විය. 2018 වසරේ පළමු කාර්තුවේ දී උද්ධමනය අඩු වීම සහ නාමික විනිමය අනුපාතිකය ක්‍රමයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශකවල ක්‍රමික ගැළපීමක් සිදු වූ අතර, එමගින් රටේ විදේශීය තරගකාරීත්වය ඉහළ නැංවිණි. නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය යටතේ තරගකාරීත්වය ඉහළ යෑම, ඉදිරි කාලයේ දී විදේශීය ජංගම ගිණුමේ හිඟය අඩු වීම සඳහා සහාය වනු ඇත. 2017 වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,664 ක ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම්වලට අමතරව, 2018 වසරේ මේ දක්වා කාලය තුළදී, ජාත්‍යන්තර සංචිත ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් එ.ජ. ඩොලර් මිලියන 400 ක් ඉක්මවා මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකි වී ඇති අතර, එමගින් නිල විදේශීය සංචිතවල ණය මත පදනම් නොවූ සංචිත ප්‍රමාණය වර්ධනය වූ අතර, බාහිර කම්පනයන්ට නතු වීමේ අවදානම ද අඩු විය.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සඳහා රජයේ ප්‍රයත්නය හමුවේ වුවද, රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම්හි සිදුවූ වෙනස්කම් හේතුවෙන් 2017 වසරේදී සමස්ත රාජ්‍ය මූල්‍ය හිඟය අ‍පේක්ෂිත මට්ටමට වඩා වෙනස් ‍විය. කෙසේ වෙතත්, බදු ආදායම්වල සහ පුනරාවර්තන වියදම්වල සැලකිය යුතු යහපත් වර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් සහ ද‍.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණයෙහි අඩුවීමක් වාර්තා විය. 2018 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන දේශීය ආදායම් පනත මෙන්ම, ආදායම් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, ඉදිරි කාලයේ දී රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සඳහා සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මුදල් අංශය සැලකීමේදී, වාණිජ බැංකු විසින් රාජ්‍ය අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණයෙහි ඉහළ යෑමක් වාර්තා වුවද, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සහ පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය 2018 වසරේ පළමු මාස දෙක තුළදී මන්දගාමී විය. බොහෝ වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ මටටම්වල ස්ථායීව පැවති අතර, උද්ධමනය පහළ යෑමත් සමඟම මූර්ත පොලී අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, මෑතකදී කෙටිකාලීන වෙළඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, එවැනි විචලනයන් අවම කිරීම සඳහා නිසි මෙහෙයුම් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වීම අවශ්‍ය විය.

ඉහත සාධක මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. විශේෂයෙන්ම, උද්ධමනයෙහි සහ උද්ධමන අපේක්ෂාවල හිතකර වර්ධනයන්, මුදල් අංශයේ ප්‍රවණතා සමඟ අඩු ආර්ථික වර්ධන ක්‍රියාකාරීත්වය යන කරුණු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීම සඳහා පදනම් වන සාධක වේ. මේ අතර, ගෝලීය ආර්ථික වර්ධනයන් සහ දේශීය රාජ්‍ය මූල්‍ය අංශය වෙතන් ඇති විය හැකි අවදානම් ඉදිරි කාලයේ දී සමීපව අධීක්ෂණය කළ යුතු සාධක වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25 කින් පහළ දැමීමට ගත් තීරණයත් සමඟ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.50 ක් වන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 7.25 මට්ටමේ නොවෙනස්ව පවතී. අඩු උච්චාවචන සහිතව කෙටිකාලීන පොලී අනුපාතික යෝග්‍ය මට්ටමේ පවත්වා ගැනීමට ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව පටු කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට සහාය වනු ඇත.



මුදල් ප්‍රතිපත්ති තීරණය: නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් අඩු කෙරේ.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 7.25
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) සියයට 7.50
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5357
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum