- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
EAP එකට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 75ක්
ඊ.ටී.අයි. ෆිනෑන්ස් සහ මාධ්‍ය ආයතන ජාලය ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් සතු වූ ඊ.ඒ.පී. ආයතනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 75ක ආයෝජනයක් කිරීමට ප්‍රමුඛ පෙළේ සිංගප්පූරු සමාගමක් කැමැත්ත පළ කොට තිබෙන බව ඊ.ඒ.පී. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් පවසයි.
අදියර කිහිපයකින් ලබාදෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 75ට අදාළව එහි පළමු කොටස වන මිලියන 43ක මුදලින් කොටසක් අද (27දා) ඊ.ඒ.පී. සමාගමට ලබාදීමට නියමිතව තිබේ. ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයෙන් සියයට 45ක කොටස් මෙම විදේශ සමාගම මිලදී ගන්නා අතර ඉතිරිය ඊ.ඒ.පී. ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබයි.
ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් සහිතව ශාඛා 47කින් සමන්විත ඊ.ටී.අයි. ෆිනෑන්ස් සහ ස්වර්ණවාහිනිය ප්‍රමුඛ මාධ්‍ය ආයතන ජාලයකින් සමන්විත ඊ.ඒ.පී. ආයතනය මුහුණ දුන් ආර්ථික අර්බුදය නිමා කරමින් ලැබූ මෙම ජයග්‍රහණය ප්‍රශංසනීය බව එම ප්‍රකාශකයා පැවැසීය.
කීර්තිමත් විශ්‍රාමික මහ බැංකු හා රාජ්‍ය බැංකු නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ කළමනාකරණයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කළ විධිමත් වූ ක්‍රියා කලාපය මත මුහුණ දුන් මූල්‍ය අර්බුදය කළමනාකරණය කර ගැනීමට හැකි වූ බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා පෙන්වා දුන්නේය.
ඊ.ටී.අයි. ආයතනය සහ ස්වර්ණවාහිනිය ප්‍රමුඛ මාධ්‍ය ජාලය සම්බන්ධව පැතිර ගිය විවිධ දුර්මත සමාජය තුළින් තුරන් කිරීමට හැකි වූ බව පැවැසූ ඔහු කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ වඩාත් නිවැරැදි වූත් විධිමත් වූත් මූල්‍ය ක්‍රමවේදයක් මඟින් ඊ.ටී.අයි. ආයතනය මූල්‍යකරණ ක්ෂේත්‍රයේ ධනාත්මක නව දිශානතියකට යොමු කරන බවයි.
http://www.mawbima.lk/
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22