- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
හවුල් ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි
Image copyright Getty Images
ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවා ගන්නා ලද "ජාතික ආණ්ඩුව" තවදුරටත් පවතින බව අද (පෙබ. 21) පාර්ලිමේන්තුවට දැනුම් දුණි.
එක්සත් ජාතික පක්ෂ නායක මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මේ පිළිබඳව පාර්ලිමේන්තුවට තොරතුරු දැනුම් දී සිටියහ.
ලියවිල්ල කෝ?
එහිදී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකුල ලියවිල්ලක් වේනම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය.
එක්ව ආණ්ඩුවක් මෙහෙයවීම සඳහා දෙපාර්ශ්වය එකඟව සිටි වසර දෙකක කාලය ඉකුත්ව ගොස් ඇති බව ද ගුණවර්ධන මන්ත්‍රීවරයා කියාසිටියේය.
එහෙත් එවැනි ලියවිල්ලක් අවශ්‍ය නැති අතරම එය පාර්ලිමේන්තුවට අදාළ නොවන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුණි.
කාලය ඉකුත්වෙලා ද?
එසේම එහිදී කතාකළ එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා, 'ජාතික ආණ්ඩුවක්' පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවට කාලය ඇතුළත් නොවූ බව කියා සිටියේය. දෙපාර්ශ්වයේ එකඟතාව මත ඉදිරියට යා හැකි බව කී ඔහු කාලයක් දැනුම් දීම අවශ්‍ය නැති බව ද පෙන්වා දුණි.
කෙසේවෙතත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵල හරහා හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර මතභේද උත්සන්න වෙද්දී ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වාදුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ එම ධුරයේ රැදී සිටිමින් 'රාජ්‍ය පාලනය මෙහෙයවීම' සම්බන්ධයෙන් සිය පක්ෂයට එකඟ විය නොහැකි බවය.
එසේම, 'සම්මුතිවාදී රජයකට' එකඟතාව පළකළ වසර දෙකක කාලය ඉකුත්ව ගොස් ඇති බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දුන්නේය.
Image caption එජනිස ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ජනපතිට යැවූ ලිපිය
අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්ව යා යුතුය යන ස්ථාවරයක ජනාධිපතිවරයා ද පිහිටා සිටීම හේතුවෙන් දෙපාර්ශවය අතර ඇතිවූ මතභේදය දේශපාලන අර්බුදයක් කරා යන ලකුණු පහළ කළේය.
මේ අතර සඳුදා (පෙබ 19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය පාර්ලිමේන්තු සැසියට සහභාගී නොවූ අතර ඊට පෙර දින රාත්‍රී නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මාධ්‍යයට කියාතිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වන බවකි.
එවන් තත්ත්වයක් තුළ සඳුදා පාර්ලිමේන්තුව ඇමතු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ හවුල් ආණ්ඩුවෙන් කිසියම් පාර්ශ්වයක් ඉවත්ව ඇතිනම් ඒ ගැන පාර්ලිමේන්තුව දැනුවත් විය යුතු බවය. එසේම හවුල් ආණ්ඩුවක් නැති තත්ත්වයක් යටතේ අමාත්‍ය මණ්ඩලය අඩුවිය යුතු නොවේදැයි ප්‍රශ්න කළේය.
කෙසේනමුත්, එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් තමාව දැනුවත් කර නැති බව කථානායකවරයා පැවසීය.
එසේම පසුව ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහභාගී වූ රැස්වීමෙන් අනතුරුව තවදුරත් ආණ්ඩුවේ රැදී සිටීමට ශ්‍රීලනිප ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තීරණය කළ බව අමාත්‍ය එස්බී දිසානායක පැවසීය.