- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
මිලියන 4,000 ක අකිලගේ ටැබ් කොන්ත්‍රාත්තුව අබාන්ස්ට
තාක්ෂණික දැනුමින් පෝෂිත ලාංකේය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින්, ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින් බලගැන්වීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 4,000ක් වෙන් කරන ලදී. ඒ අනුව, අ.පො.ස. උසස් පෙළ සිසුන් 159,078ක් සහ උසස් පෙළ ගුරුවරුන් 36,070ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ.
මෙම ටැබ් පරිගණක සපයා ගැනීම සඳහා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරනු ලැබ ඇති අතර, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන, සැපයුම්කරුවන් විසින් මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ටැබ් පරිගණකවල තාක්ෂණික කරුණු, කල්පැවැත්ම, යෝග්‍ය බව හා ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ආදී කරුණු මත පදනම්ව අදාළ මිල ගණන් නැවත ඇගයීමට ලක් කර ඇත.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ටැබ් පරිගණක සැපයීමේ කොන්ත්‍රාත්තුව, එකක් රුපියල් 27,000/- බැගින් වූ මුදලකට Abans PLC ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
http://biz.adaderana.lk/%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-4000-%E0%B6%9A-%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A7%E0%B7%90%E0%B6%B6%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A/
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: මිලියන 4,000 ක අකිලගේ ටැබ් කොන්ත්‍රාත්තුව අබාන්ස්ට
සස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි.
2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි.
පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක එම සතියේ කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් අද නැවත කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී, රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය ද එකඟවී තිබේ.
මේ අවස්ථාවේදී මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතු බව ජනාධිපතිවරයාගේ මතය වී යැයි බීබීසී සිංහල සේවයට ඒ පිළිබඳ පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
එක ටැබ් පරිඝනක යන්ත්‍රයක් රුපියල් 27,000 බැගින් වූ මිලකට සැපයීමට අවශ්‍ය කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අවශ්‍ය සමාගම ද පසුගිය කැබිනට් මණ්ඩලයේදී තෝරාගෙන තිබියදී ජනාධිපතිවරයාගේ මෙම වැඩසටහන නවතා දැමීමට තීරණය කළේය.
ජනාධිපතිවරයාගේ තීරණයට එක්සත් ජාතික පක්ෂයේ බහුතර ඇමතිවරුන්ගේ එකගතාව හිමිවූ අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල අනුව, මෙවන් තාක්ෂණික වැඩසටහන්, වයිෆයි මිනිසුන්ගේ මුලික ඉල්ලීම් නොවන බව ඇමතිවරුන්ගේ මතයවූ බව ද කැබිනට් මණ්ඩලයට එක්වූ තවත් අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ අතර අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සාමාන්‍ය පරිදි පැවත්වී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර ඇමතිවරුන් පිරිසක් ඊට සහභාගිවී වුහ. කෙසේවෙතත්, අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළ නිදහස් පක්ෂ ඇමැතිවරුන්වන දයාසිරි ජයසේකර හා සුසිල් ප්‍රේමජයන්ත ඊට සහභාගිවී නොමැත.
http://www.bbc.com/sinhala/sri-lanka-43125310