- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර
Image copyright Google Map
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර ඇතැයි පැවසෙන "අනවසර ජනාවාස" ඉවත් කොට එම ඉඩම් යළි රජයට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුණි.
අධිකරණය ඒ සඳහා අවසර ලබා දුන්නේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුවය.
අදාළ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පුද්ගලයන්:
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ
මධයම පරිසර අධිකාර්ය සහ වන සංරක්ෂණපාර්න්තුව
ඒ අනුව ඉහත කී වගඋත්තරකාර පාර්ශවයන්ට මාර්තු 05 වෙනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබීය.
2017 මැයි 10: "වන වැස්මෙන් හෙක්ටයාර 8000 ක් වසරකදී විනාශයි"
අදාළ පෙත්සම ඉදිරිපත් කළ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ විල්පත්තුව රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ ඇතැම් කොටස් එළිපෙහෙළි කොට අනවසර ජනාවාස ගොඩ නැගීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය සමයේ කටයුතු කර ඇති බවය.
ඒ හේතුවෙන්, විල්පත්තුව රක්ෂිත වනාන්තරයට දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බව සඳහන් කරන පෙත්සම්කරු, එසේ තිබියදීත් එය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන අසමත් වී ඇති බව පවසයි.
ඒ සම්බන්ධයෙන් පරිසර සංවිධාන මෙන්ම සිවිල් ක්‍රියාධරයන් ද පසුගිය කාලසීමාව පුරා රජයට පැමිණිලි කර සිටිය ද එම විනාශය වැළැක්වීම සඳහා වන වගකීම ඉටු කිරීම හිතාමතාම පැහැර හරිමින් සිටින බවට පෙත්සම්කරු රජයට චෝදනා කරයි.
මේ හේතුවෙන්, විල්පත්තුව රක්ෂිත වනාන්තර තුළ පැතිර යමින් පවතින "අනවසර ජනාවාස" ඉවත් කර එම භූමිය යළි රජයට පවරා ගන්නා මෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රතිචාරය
2016 මැයි 08: 'පරිසරය අපට ඔක්සිජන් දෙන්නේ ජාති භේදයකින් තොරවයි'
මේ අතර විල්පත්තු රක්ෂිතය එළිපෙහෙළි කර ජනාවාස ඇති කිරීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රතික්ෂේප කරයි.
පසුගිය වසරේ දී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර භේදයක් ඇති කිරීම සඳහා දකුණේ සුළු පිරිසක් එකතුවී තමන්ට චෝදනා එල්ල කරමින් සිටින බවය.
ගස් කැපුවේ ආණ්ඩුව - රිෂාඩ්
විල්පත්තු ප්‍රදේශයේ නැවත පදිංචිකරවීම් සිදුකර ඇත්තේ ප්‍රාදේශීය බලධාරීන් විසින් සියලු ලිපිලේඛන පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති
මේ අතර විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය වසරේ දී පැවසීය.
විල්පත්තු වනෝද්‍යාන සීමාව තුළ පරිසර විනාශයක් නැහැ - ජනපති
කෙසේ වෙතත් ජාතික වනෝද්‍යාන සීමාවට ඔබ්බෙන් යම් පරිසර විනාශයක් සිදු වී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga