- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට
මනා පාලනයක් තහවුරු කිරීමට සහ විවිධාංගිකරණය වූ කොටස් හිමිකාරිත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අසාමූහිකරණය වූ කොටස් හුවමාරුවක් වශයෙන් කොළඹ කොටස් හුවමාරුව ස්ථාපනය කිරීම අවශ්‍ය වේ. ඒ අනුව කොළඹ කොටස් හුවමාරුව කොටස්වලින් සීමිත අසාමූහිකරණය වූ කොටස් හුවමාරුවක් බවට පත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධනය සිදු කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.
ඒ අනුව සකස් කරනු ලැබ ඇති 'කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහිකරණයට පත් කිරීමේ පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28