Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
"දූෂණය" ගැන මහින්ද රාජපක්ෂට නඩු පවරන්න - ජනාධිපති කොමිසම
"දූෂණය" ගැන මහින්ද රාජපක්ෂට නඩු පවරන්න - ජනාධිපති කොමිසම
පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිය ප්‍රචාරක කටයුතු සඳහා මුදල් නොගෙවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) යොදාගැනීම මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ "දූෂණය" සම්බන්ධ වැරදි එකක් හෝ කිහිපයක් කර ඇති බව බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම නිගමනය කර තිබේ.
ඒ අනුව දූෂණය, දූෂණයට කුමන්ත්‍රණය කිරීම සහ දූෂණයට අනුබල දීම යන චෝදනා යටතේ හිටපු ජනාධිපතිවරයාට ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව සංශෝධිත අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ අධිචෝදනා ඉදිරිපත් කර අධිකරණයේ නඩු පැවරිය යුතු යයි ජනාධිපති කොමිසම නිර්දේශ කරයි.
අයිටීඑන් මාධ්‍ය ජාලයේ හිටපු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අනුර සිරිවර්ධන, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත් සහ එහි සහකාර කළමනාකරු (අලෙවි) දිලීප් වික්‍රමසිංහ එසේ නඩු පැවරීම සඳහා කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ තිබෙන සෙසු තිදෙනාය.
ඔවුන් තිදෙනා තවදුරටත් රාජ්‍ය ආයතනයක සේවය කිරීමට නුසුදුසු බව ද කොමිසම නිගමනය කර තිබේ.
කොමිෂන් සභාවේ නිගමන පිළිබඳව ප්‍රතිචාරය දැනගැනීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව සහ බරපතළ වංචා, දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා අඟහරුවාදා (ජනවාරි 23) පාර්ලිමේන්තුවේ දී සභා ගත කෙරිණි.
"දූෂණයට අනුබල දීම" සහ "දූෂණයට කුමන්ත්‍රණය කිරීම" විවිධ අවස්ථා යටතේ සිදු කර ඇති බව පෙනී යන්නේ යයි පවසන බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම, එවැනි වැරදි සිදු කළ පුද්ගලයන් "රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැකි," බව ද සඳහන් කරයි.
විශේෂයෙන්ම "දූෂණයට" වැරදිකරුවන් කෙරුණු දේශපාලනඥයකු සත් වසරකින් පසුව හෝ මහජන නියෝජිතයෙකු වශයෙන් තේරී පත්වීම නුසුදුසු බව කොමිෂන් සභාවේ අදහසය.
එබැවින් ඉහත කී ආකාරයේ චෝදනාවකට අධිකරණය ඉදිරියේ වරදකරුවන් බවට තීරණය කෙරුණු පුද්ගලයන් යළිත් කිසිදු අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ එසේ පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්වීමට නුසුදුස්සන් බවට පත්කරමින් නීති සම්පාදනය කරන ලෙස ද ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.
ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද, හිටපු ජනාධිපතිවරයා ස්වාධීන රූපවාහිනී සේවයට මුදල් නොගෙවීම සම්බන්ධ පරීක්ෂණයේ චුදිතයෙකු ලෙස නම් කර තිබුණ ද ඔහුට එරෙහිව නඩු පවරන මෙන් කොමිසම නිර්දේශ කර නැත.
බලයේ සිටින දේශපාලකයන් මැතිවරණ ප්‍රචාරය සඳහා රාජ්‍ය මාධ්‍ය යොදාගැනීමේ නැඹුරුව පිළිබඳව අවධානය පළ කරන ජනාධිපති කොමිසම, මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක රාජ්‍ය මාධ්‍ය අධීක්ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබේ.
කොමිසම ජනාධිපතිවරයා වෙත භාර දුන් වාර්තා
1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව
2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව
3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව
4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව
5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව
6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව
7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව
8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව
9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව
10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව
11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව
12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව
13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව
14. සතොසට අදාළ වාර්තාව
15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව
16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව
17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව
මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදු වූ බව පැවසෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා 2015 මාර්තු 03 වෙනි දින පත්කරන ලද බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් පිටු 1135කින් සමන්විත අවසාන වාර්තාව පසුගිය ජනවාරි 02 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන්නේය.
තවත් රාජ්‍ය ආයතන 16ක් සම්බන්ධ විමර්ශනවල ප්‍රතිඵල සම්බන්ධ දීර්ඝ විස්තරයක් ද එම වාර්තාවට ඇතුළත් වේ.
ඉන්පසුව එහි පිටපතක් පාර්ලිමේන්තුව වෙත භාර දෙන මෙන් පක්ෂ නායකවරුන්ගේ ඉල්ලීම ප්‍රකාර කථානායක කරු ජයසූරිය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් භාර දෙනු ලැබූ වාර්තාව අඟහරුවාදා (ජනවාරි 23) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි.
Ethical Trader- Top contributor
- Posts : 3578
Join date : 2014-02-28
» LIOC.N0000 (Lanka IOC PLC)
» Aluminium - Snapshot
» Sri Lanka needs real ministers, a real cabinet and a Prime Minister to play monitor
» Sri Lanka stocks end 0.19-pct higher, rupee weakens
» Sri Lanka's central bank among top inflators in Asia in 2017
» Sri Lanka, IMF reach deal for next six months; fuel pricing key
» Sri Lanka’s Cargills Bank to list in 2020
» Colombo Tea Auction Statistics - Q1 17 Vs Q1 18
» Sri Lanka Telecom sees data revenue growing, margins falling
» රු. බිලියන 11 ක කොටස් ජනශක්ති ඉන්ෂුවරන්ස් යළි මිල දී ගනී
» Sri Lanka’s eChannelling offers video medical consultations, drug delivery
» තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?
» Sri Lankan stocks end lower, foreign buying in CCS
» බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි
» Sri Lanka gold, jewellery price up after tax hike
» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
» Films - To Watch List
» Sri Lanka 01-year Treasuries yield drops to 9.65-pct
» Sri Lanka's TAFL says exports of parent chicks up, weak domestic demand
» Sri Lanka stocks gain 0.12-pct, rupee steadier
» Russia Sanctions Throw Global Aluminum Supply Chain Into Chaos
» Sri Lanka economy to rebound, delaying reforms pose risks: World Bank
» Sri Lanka's central bank fires salvo against cryptocurrencies
» Sri Lanka hotel group Citrus Leisure to drop Kalpitiya hotel
» Sri Lanka's CPC losse Rs9.8bn on fuel sales in two months
» Sri Lanka US$2.5bn bond timing brought strong demand: Standard Chartered
» Sri Lanka President buys time for political manoeuvring
» IMF head warns China on exporting debt through 'Silk Road' amid Sri Lanka troubles
» ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
» Sri Lanka to revive oil exploration, bidding round in May 2018
» Sri Lanka cabinet re-shuffle talks ongoing: Rajitha
» Sri Lanka sells record US$2.5bn in 5, 10-year sovereign bonds
» 5000 Post Milestone - Congratulations
» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
» Hello and CSE ?
» Dividend Announcement
» සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
» රෝයල් ෆර්න්වුඩ් සමාගමේ ණය, දංකොටුව ‘කොටස්‘ කරයි
» MBSL ඉන්ෂුවරන්ස් ආයෝජකයාට නියාමකයින් හරහට හිටී
» වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි
» Building an automated trading system from scratch
» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
» CSE Ahead : Post No confidence motion + CB actions
» මහ බැංකුව නිත්‍ය ණය පොළිය අඩුකරන්න හේතු වූ කරුණු මෙන්න
» Expert says debt repayment levy ends up 0.25% on financial VAT
» ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි
» ඇඳුම ලක්ෂ 3හමාරයි! ඔරලෝසුව ලක්ෂ 50යි! සොෆ්ට්ලොජික් හිමිකරු පිටුපස කතාව මෙන්න..!
» Banking Sector Outlook-
» EAP එකට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 75ක්