- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ට්‍රම්ප්ගේ "ජාතිවාදී" භාෂාව ගැන කෝපය පළ වේ
Image copyright Reuters
හයිටි රාජ්‍ය, එල් සැල්වදෝරය සහ අප්‍රිකානු රටවල් පිළිබඳ විස්තර කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොදා ගත් බව පැවසෙන අශෝභන භාෂාව සම්බන්ධයෙන් ලොව පුරා කෝපය පළවෙමින් පවතී.
එක්සත් ජනපද සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ට්‍රම්ප් ඉහත කී රටවල් "අසූචි වළක්" (shithole) ලෙස හඳුන්වා ඇතැයි වාර්තා වූ අතර එවැනි ප්‍රකාශයක් කළ බව ඔහු විසින් පසුව ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කෙසේ නමුත් ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභික ඩික් ඩර්බින් කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් "ජාතිවාදී" භාෂාවක් භාවිත කරනු තමන්ට ඇසුණු බවය.
ඇතැම් අප්‍රිකානු රටවල් "අසූචි වළවල්" ලෙස ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති ට්‍රම්ප් විසින් කරන ලද බව පැවසෙන එම ප්‍රකාශය පිළිබඳ සංවාදයට ලක්වෙමින් පවතින අතරතුර, සාකච්ඡාව අතරවාරයේ භාවිත කළ භාෂාව පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ "තදින් වචන භාවිත කළ නමුත් ඉහත කී ආකාරයේ භාෂාවක් එහිදී යොදා නොගත්," බවය.
සාකච්ඡාව සඳහා එක් වූ හෝ එහි සිටි පුද්ගලයන් උපුටා දක්වමින් වොෂිංටන් පෝස්ට්, නිව්යෝක් ටයිම්ස්, පොලිටිකෝ, සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් යන සියලුම පුවත්පත් ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා (ජනවාරි 11) කළ ප්‍රකාශය වාර්තා කර තිබුණි.
ජාතිකත්වය සහ ආගම මත පදනම් වී සම්පූර්ණ ජන කණ්ඩායම් අපහාසයට ලක්වන ආකාරයේ අදහස් නිරන්තරයෙන් පළකරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ අතර ජනාධිපති ට්‍රම්ප්ට චෝදනා කරයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ට්‍රම්ප්ගේ "ජාතිවාදී" භාෂාව ගැන කෝපය පළ වේ
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ට්‍රම්ප්ගේ "ජාතිවාදී" භාෂාව ගැන කෝපය පළ වේ
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ට්‍රම්ප්ගේ "ජාතිවාදී" භාෂාව ගැන කෝපය පළ වේ
Ethical Trader wrote:Trump is acting like a bull in a china shop leading USA to unknown hostile areas. A government can not be run like a bulathviti-kade business. Even businesses need some type of diplomacy to survive. He has nothing of those vital qualities.