- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල්
Image copyright Getty Images
වසර 2008 - 2015 කාල සීමාව තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන හතරක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ පිළිබඳ වෝහාරික විගණනයක් කළ යුතු යයි බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බැවින් එම පරීක්‍ෂණ කඩිනමින් ඇරඹිය යුතු බව අගමැතිවරයා කියා සිටියේ ඉරිදා (ජනවාරි 07) බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමිනි.
"බැඳුම්කරය ගැන පාර්ලිමේන්තු පරීක්ෂණයෙන් පසු ජනාධිපතිතුමා කිව්වා, ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕන කියලා. ඒ කොමිසම පත් කිරීමට පෙර මට ඒ ගැන කරුණු පැහැදිලි කළා. මම ඒ කරුණුවලට එකඟ වුණා"
"කොමිසම ක්‍රියාත්මක වුනා. මමයි ඇමැතිවරු තුන්දෙනෙකුයි ගොස් සාක්ෂිත් දුන්නා. මෙය ලංකාවේ නොකරපු දෙයක්. දැන් කොමිසම් වාර්තාවත් පැමිණ තිබෙනවා. එයත් නීතිපතිට යවා තිබෙනවා. දැන් නීතිපතිට ඒවා ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉඩ දීලා තිබෙනවා" යනුවෙන් ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය පාලන සමයේ සිදු වූ බැඳුම්කර නිකුතුවන් පිළිබඳ මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ යුතු බවත් අගමැතිවරයා පැවසීය.
"දැන් මාධ්‍යවලට තියෙන්නේ බිලියන 10,000 ක් ආපහු කවද්ද හම්බෙන්නේ කියලා මහින්ද රාජපක්‍ෂගෙන් ගිහින් අහන්න. ඒ ප්‍රශ්නෙ අහන්නේ නැත්නම් මට හැම වේදිකාවකදීම ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා, "ඇයි මාධ්‍ය බයද' කියලා. මම මාධ්‍ය ආයතන කැඳවලා අහනවා ඇයි බය කියලා,"
විශ්වාස භංගයක්?
කෙසේ නමුත් සිය පාලන කාලය තුළ සිදු වූ මහබැංකු බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන් ද එකඟ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.
බැඳුම්කර වාර්තාවේ ඇතුළත් තොරතුරු මුල්කර ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඒ අනුව සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ දේශපාලන පක්ෂ නායක හමුවේ දී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම පිළිබඳව අවසන් තීන්දුවක් ගනු ඇත.
ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා පසුගියදා සඳහන් කළේය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල්
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates