- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ෆේස්බුක් එරෙහි පැමිණිලි වැඩි වෙයි - ගිණුම් රැසක් අත් හිටුවයි
Image copyright AFP
Image caption පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පැමිණිලි සංඛ්‍යාව වැඩි වී ඇත.
මේ වසරේ (2017) නොවැම්බර් මාසය වන විට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් පැමිණිලි 3,400ට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එම පැමිණිලි අතරින් 80%ක් පමණ ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කළේය.
2016 වසරේ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් පැමිණිලි 2200 ක් ලැබී තිබුණ අතර මේ වසරේ එම සංඛ්‍යාව තවත් 1200කින් පමණ වැඩි වී ඇති බව ඉහත කී සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරෙයි.
පුද්ගලයන්ගේ ව්‍යාජ තොරතුරු එක් කර පවත්වා ගෙන යන ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයට පැමිණිලි කිරීමේ අවස්ථාව ෆේස්බුක් අඩවිය මගින්ම සිදු කළ හැකි බව පවසන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත, ඒ ගැන බොහෝ දෙනකුට දැනුවත් භාවයක් නැති බව පවසයි.
"ව්‍යාජ ගිණුමක් ගැන අපට පැමිණිල්ලක් ලැබුණම, අපි අදාළ පුද්ගලයන් දැනුවත් කරනවා. ඔවුන්ගේ ගිණුම හරහාම එය වාර්තා කරන්නේ කරන්නේ කොහොමද කියලා අපි ඔවුන්ට පැහැදිලි කර දෙනවා. මොකද ඒක තමයි පහසුම හා ඉක්මන් ක්‍රියාමාර්ගය " රොෂාන් චන්ද්‍රගුප්ත ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරයි.
එලෙස පවත්වා ගෙන ගිය ව්‍යාජ ගිණුම් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බවත් ඔහු කියා සිටියි.
Image copyright Getty Images
Image caption ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග්
තමන් එක් කරන ඡායාරූප තමන්ගේ මිතුරන්ට පමණක් දැක ගත හැකි ලෙස එකතු කිරීම සහ තමන් නොදන්නා අය ෆේස්බුක් ගිණුමට එකතු කර නොගැනීම තුළින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පිළිබඳ ගැටළුව මග හරවා ගත හැකි බව ඔහුගේ උපදේශයයි.
දේශපාලකයන්, නළු නිළියන් හා ක්‍රීඩකයන්ගේ නමින් පවත්වා ගෙන යන ව්‍යාජ ගිණුම් ඉවත් කරන ලෙස පැමිණිලි රැසක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇත.
සිය නමින් ව්‍යාජ ෆේස්බුක් අඩවි කිහිපයක් පවත්වා ගෙන යමින් ව්‍යාජ ප්‍රචාර පතුරවන බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මෙයින් මාස කිහිපයකට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණ අතර ඒ අනුව එම ව්‍යාජ ගිණුම් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඔහුටා උපකාර කොට ඇත.
ෆේස්බුක් හෝ කිසිදු සමාජ මාධ්‍ය ජාලයක තමන්ගේ නමින් ගිණුමක් නැති බවත්, පසුගිය සමයේ තමන් උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ වෙබ් අඩවිවල පළ කෙරුණ බොහෝ දේවල් තම ප්‍රකාශ නොවන බවත් අරවින්ද ද සිල්වා එම පැමිණිල්ල සිදු කරමින් බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කළේය.
'Fake News' ගැන අරවින්දගෙන් පොලිසියට පැමිණිල්ලක්
ව්‍යාජ ගිණුම් ගැන පමණක් නොව අරවින්ද සිල්වා පවසන අකාරයේ ව්‍යාජ පුවත් පළ කිරීම ගැනත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ලැබී තිබේ.
Image caption සාවද්‍ය දැන්වීම් කරුවන් හඳුනා ගැනීම දුෂ්කර අභියෝගයකි
පුවතක් ව්‍යාජද නැත්නම් සත්‍යද යන්න තීන්දු කිරීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නොහැකි බව පවසන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත, කෙසේ නමුත් එම පුවත් සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ නීති රීති අනුව කළ හැකි දේ ගැන අදාළ පැමිණිලි කරුවන් දැනුවත් කරන බව බීබීසී සිංහල සේවය කළ විමසීමක දී කියා සිටියේය.
විශේෂයෙන්ම ජාතීන් අතර ගැටුම් ඇති කරන ආකාරයේ ව්‍යාජ පුවත් පළ කරන්නන්ට එරෙහිව ඉදිරි කාලයේ දී නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය පසුගියදා ගිංතොට ප්‍රදේශයේ සිදු වූ ගැටුම් අතරතුර නිවේදනය කළේය.
ඒම ගැටුම් ඇවිලවීමට ව්‍යාජ ෆේස්බුක් පුවත් හේතු වූ බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
ඊට අමතරව ෆේස්බුක් හරහා විවිධ තෑගි ලබා දෙන බව පවසමින් මුදල් ලබාගත් අවස්ථා ගැනත් පැමිණිලි ගණනාවක් මේ වසරේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇත.
"තෑග්ගක් හිමි වෙලා තියෙනවා, ඒක ලංකාවට එවන්න රේගු ගාස්තු ගෙවන්න කියලා මුදල් තැන්පත් කරන්න කියලා කරන ලද දැනුම් දීම් අනුව මුදල් යැව්වත් තෑගි නොලැබුණ බව පැවසෙන පැමිණිලි ලැබී තිබෙනවා" යයි පවසන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය එවැනි ඉල්ලීම් අනුව මුදල් නොදෙන ඉල්ලීමක් ද කරයි.
Image caption අරවින්ද ද සිල්වා
ෆේස්බුක් සමග සැසඳීමේදී 'ට්විටර්' හා 'ඉන්ස්ටග්‍රෑම්' වැනි සමාජ ජාල මාධ්‍ය වලට ලැබී ඇත්තේ ඉතා අඩු පැමිණිලි සංඛ්‍යාවකි.
එම පැමිණිලිත් සහමුළින්ම මෙන් ව්‍යාජ ගිණුම් පදනම් කර ගත් ඒවා වෙති.
- CDS ගිණුම් හිමියන්ට නව අන්තර්ජාල සේවා රැසක් හඳුන්වාදෙයි
- මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ
- මැ.කොට උපරිම සහය දෙනවා - පැමිණිලි 350 යි - මේ සැරේ ප්රචණ්ඩ ක්‍රියා අඩුයි
- ටච්වුඩ් ගැන KPMG කට අරී! කුරුණෑගල ආයෝජකයෝ පිරිසක් වරලත් ගණකාධිකාරි ආයතනයට පැමිණිලි ගොනු කරති
- ලෝක බැංකුවෙන් යහ පාලන ආණ්ඩුවට ඔවදන් රැසක්