- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට
පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව තිබු පෙත්සම ඉල්ලා අස් කර ගෙන තිබේ.
අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරු එකඟතාවය පළ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා බ්‍රහස්පතින්දා (නොවැ 30) පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් පැවසීය.
"පක්ෂ නායක රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් පෙත්සම්කරු සමඟ දීර්ග සාකච්ඡාවක් පැවැත්වූවා. ඉන් පසුව යම් එකඟතාවයකට ආවා, ඒ අනුව අද පෙත්සම්කරු සහ මා වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගේ නියෝජිතයෙක් උසාවියට ගොස් මෙම නඩුව සමථයකට පත්ව තිබෙන බවත් නඩුව ඉල්ලා අස්කරගැනීමට උසාවියට දැනුම් දෙන්නට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා" යනුවෙන් ඇමතිවරයා එහිදී කියා සිටි බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.
ඡන්ද දායකයින් හය දෙනකු විසින් පළාත් පාලන සීමා නිර්ණ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබුණ පෙත්සම යළි කැඳවීම දෙසැම්බර් 04 වෙනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළ අතර එය නොවැම්බර් 30 වෙනිදා විභාගයට ගන්නා ලෙස නීතීපතිවරයා අභියාචනාධිකරණය වෙත සඳුදා (නොවැ 27) මෝසමක් ඉදිරිපත් කර තිබිණි.
අදාළ පෙත්සම විභාගයට ගැනෙන තෙක් පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරුතහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.
අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව තිබූ ඉහත කී පෙත්සමින් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා පියවර ගත්තේය.
ඒ අනුව පළාත් පාලන ආයතන 93ක ඡන්ද විමසීම් වෙනුවෙන් ඇප මුදල් බාර ගැනීම සඳුදා (නොවැ 27) දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ආරම්භ විය.
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපාට එරෙහිව පසුගියදා විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.