- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි
මෙම සතිය තුළ ගනුදෙනුවලින් රුපියල් මිලියන 4,167 ක පිරිවැටුමක් වාර්තා වී ඇති අතර එය පසුගිය සතිය තුළ වාර්තා වූ රුපියල් මිලියන 3,926 ක්වූ පිරිවැටුම් අගයයට වඩා රුපියල් මිලියන 241 ක වර්ධනයකි.
මෙම සතිය තුළ වාර්තා වී තිබෙන සමස්ත විදේශීය මිල දී ගැනීම් වටිනාකම රුපියල් මිලියන 2,248 ක් වන අතර විදේශීය විකුණුම් රුපියල් මිලියන 1,712 ක් ලෙසින් වාර්තා වේ.සතිය තුළ මුළු දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 1,918 කි. සතිය තුළ වාර්තා වූ දේශීය විකුණුම්වල සමස්ත එකතුව රුපියල් මිලියන 2,454 ක් වේ.
ඇස්කොට් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල රු. 32.50 සිට රු. 40.20 දක්වා 23.69% කින් ඉහළ යාම මෙම සතියේ දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීමකි. ඔක්තෝබර් 24 දින මුරුසි ජනරජයේ ලියාපදිංචි සමාගමක් වන Eighth Wonder සමාගම විසින් ඇස්කොට් හෝල්ඩිංග්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමත් සමඟම මෙලෙසින් ඇස්කොට් හෝල්ඩිංග්ස් කොටස් මිල ඉහළ යන ලදී.
මේ අතර 2017 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා එළිදැක්වීමට ලැයිස්තුගත සමාගම් කිහිපයක්ම මෙම සතියේ දී කටයුතු කර තිබුණි. Chemanex, Vallibel Power Erathna, The Kingsbury, Seylan Bank, John Keells Holdings, Keells Food Products, Pan Asia Banking Corporation, Overseas Realty (Ceylon), Union Chemicals Lanka, Tea Smallholder Factories, On'ally Holdings, People's Insurance, Renuka Agri Foods, People's Leasing & Finance, L B Finance,Ceylon Cold Stores,Asian Hotels & Properties, Union Bank Of Colombo, Trans Asia Hotels, Horana Plantations, Gestetner Of Ceylon එසේ මෙම සතිය තුළ දී නවතම කාර්තුමය මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කළ සමාගම් වේ.
- සතියක් තුළ දී ඒකක 90 කින් කොටස් වෙළෙඳපොළ පහළට. විදෙස් විකුණුම් තවදුරටත්
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.