The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» CUBA FOUND A CANCER VACCINE! MORE THAN 4 THOUSAND PEOPLE HAVE ALREADY BEEN CURED BY IT!
Today at 8:17 pm by AjithR

» 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?
Today at 2:42 pm by CK

» ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංගයක්?
Today at 12:58 pm by කිත්සිරි ද සිල්වා

» ඉන්දියාව 'බ්‍රහ්මෝස්' සාර්ථක බව කියයි
Today at 4:56 am by Ethical Trader

» How to Calculate the Future Value of an Investment
Yesterday at 6:16 am by Ethical Trader

» මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි
Yesterday at 6:04 am by Ethical Trader

» විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Yesterday at 6:00 am by Ethical Trader

» Dividend Announcement
Yesterday at 5:51 am by Ethical Trader

» කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන අලුත්ම සමාගම – LVL Energy Fund Limited
Mon Nov 20, 2017 2:12 pm by nihal123

» අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද?
Mon Nov 20, 2017 1:38 pm by Ethical Trader

» Obituary Notice.
Mon Nov 20, 2017 9:33 am by කිත්සිරි ද සිල්වා

» උතුරු කොරියාවේ "සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනකුත්"
Mon Nov 20, 2017 6:04 am by Ethical Trader

» උතුරු කොරියාව සහ න්‍යෂ්ඨික ප්‍රහාර: "නීති විරෝධී නියෝග පිළිපදින්නේ නෑ"
Mon Nov 20, 2017 5:58 am by Ethical Trader

» 'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්'
Sun Nov 19, 2017 7:43 am by කිත්සිරි ද සිල්වා

» මිනිස්සු දුවනවා, අපි නැවතිලා බලන් ඉන්නවා.
Fri Nov 17, 2017 12:16 pm by Ethical Trader

» Plantation sector updates
Fri Nov 17, 2017 6:24 am by lanka

» සිම්බාබ්වේ: ජනාධිපති රොබට් මුගාබේ "අත්අඩංගුවේ"
Fri Nov 17, 2017 4:24 am by Ethical Trader

» ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි
Wed Nov 15, 2017 2:45 pm by Admin

» Soldiers 'take over Zimbabwe broadcaster'
Wed Nov 15, 2017 12:22 am by කිත්සිරි ද සිල්වා

» බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා
Tue Nov 14, 2017 11:56 am by Ethical Trader

» යුද අපරාධ සහ අතුරුදහන් කිරීම්: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ජිනීවා විමසුමට
Tue Nov 14, 2017 5:26 am by Ethical Trader

» ඉරාන, ඉරාක භූමිකම්පාවෙන් 200 කට වැඩි පිරිසක් මරුට
Mon Nov 13, 2017 11:57 am by Ethical Trader

» මැද පෙරදිග බල තරඟය දරුණු අතට හැරෙයි
Mon Nov 13, 2017 9:46 am by guruji

» වචන නම් අපේ ඒත් තනුව ?????????
Sat Nov 11, 2017 8:58 pm by Rana

» දිල්ලියේ පරිසරය රැකීමට වාහන සලාක ක්‍රමයක්
Fri Nov 10, 2017 1:35 pm by Ethical Trader

» අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක්
Thu Nov 09, 2017 12:12 pm by Ethical Trader

» Flying is the Safest mode of Transport
Thu Nov 09, 2017 9:42 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
Thu Nov 09, 2017 4:43 am by කිත්සිරි ද සිල්වා

» වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක්
Wed Nov 08, 2017 11:24 am by කිත්සිරි ද සිල්වා

» LIOC.N0000 (Lanka IOC PLC)
Wed Nov 08, 2017 11:18 am by Ethical Trader

» ගින්නෙන් දැවෙන අලි පැටවාගේ සේයාරුව පළමු තැනට
Wed Nov 08, 2017 11:05 am by Ethical Trader

» 10 Things to Remember Before You Take Things Personally
Tue Nov 07, 2017 12:08 pm by Ethical Trader

» හැම තැනම නැහැ, හැම දාම නැහැ
Tue Nov 07, 2017 12:00 pm by Ethical Trader

» Beware !
Mon Nov 06, 2017 5:26 am by CK

» සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ
Sun Nov 05, 2017 7:14 am by කිත්සිරි ද සිල්වා

» How to Find Undervalued Stocks and Turn a Large Profit
Sat Nov 04, 2017 5:54 am by Ethical Trader

» ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්
Thu Nov 02, 2017 12:59 pm by nihal123

» Taste of Asia
Thu Nov 02, 2017 6:57 am by Ethical Trader

» නිව් යෝර්ක් ප්‍රහාරය : අවම වශයෙන් 8 දෙනෙක් මරුට
Wed Nov 01, 2017 12:18 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
Wed Nov 01, 2017 12:13 pm by Ethical Trader

» Laughter the Best Medicine
Wed Nov 01, 2017 6:18 am by Ethical Trader

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
Wed Nov 01, 2017 2:45 am by yellow knife

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
Wed Nov 01, 2017 2:37 am by yellow knife

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Wed Nov 01, 2017 2:26 am by yellow knife

» BFL.N0000 (Bairaha Farms PLC)
Tue Oct 31, 2017 1:46 pm by CK

» LLUB & BFL
Tue Oct 31, 2017 6:11 am by yellow knife

» HUNA.N0000
Tue Oct 31, 2017 3:56 am by yellow knife

» Sri Lanka's got Talent
Mon Oct 30, 2017 6:01 pm by sashimaal

» Govt.electrocutes CEB
Mon Oct 30, 2017 4:23 pm by AjithR

» තනි පුද්ගල ණය ලක්ෂ 5 ට ආසන්නයි
Mon Oct 30, 2017 2:16 pm by nihal123

November 2017
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මානව ඉතිහාසයේ සිදු වූ 'මහා විෂ ශරීරගතවීම" නිමාවන ලකුණු

View previous topic View next topic Go down

මානව ඉතිහාසයේ සිදු වූ 'මහා විෂ ශරීරගතවීම" නිමාවන ලකුණු

Post by Ethical Trader on Fri Oct 20, 2017 5:43 am

BBC Sandeshaya 2017 ඔක්තෝබර් 19

දුම්මල කැට අහුරකට මෙතරම් දෙයක් කළ හැකිවීම ආශ්චර්‍යයකි. මිලියන ගණනක් ජනතාව මුහුණ දෙන ජීවිත අවදානමක් තුරන් කිරීමට ඊට හැකියාව පවතී.

බංග්ලාදේශයේ පමණක් මිලියන 20කට අධික පිරිසක් ආසනික් විෂ ශරීරගත වීමේ අවදානමට මුහුණ දෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

දැනටමත් මිලියන ගණනක් ඊට ගොදුරුවී පීඩා විඳිති. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය හඳුන්වන්නේ "මිනිස් ඉතිහාසයේ විශාලතම විෂ ශරීරගතවීම" ලෙසිනි.

1940 පටන් බංග්ලාදේශය පුරා ඉදි වූ නළ ළිං ප්‍රමාණය මිලියන ගණනකි. අඩු මිලට පිරිසිදු ජලය ලබා ගත හැකි මෙම නළ ළිං 1970 පටන් රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව රට පුරා ඉදිවෙන්නට විය.

නමුත් 1980 දශකයේ පටන් ආසනික් විෂවීම වාර්තා වන්නට පටන් ගත්තේය.
සම මතුපිට කුෂ්ට

ජලයේ ආසනික් පවතින බව පියවි ඇසට දැකගත නොහැකිය. ගන්ධයක් හෝ නොමැත. ආසනික් ශරීරගත වී ඇති බව දැන ගන්නට ලැබෙන පළමු අවස්ථාව වන්නේ සම මතුපිට දද හෝ කුෂ්ට මතුවීම ය.

ආසනික් ශරීරගත වීම හේතුවෙන් හෘදයාබාධ සහ පිළිකා ඇතිවිය හැකි අතර, චර්ම රෝගයේ බාහිර ලක්ෂණ ලාදුරු රෝගය හා සමානය. එය වැළඳීමෙන් අනතුරුව බොහෝ දෙනා සමාජයෙන් කොන් වෙයි.

Image caption සියාටන් නෙසා ගේ මුළු පවුලම ඊට ගොදුරුවී තිබේ

සියාටන් නෙසා ගේ සිරුර පුරා සම මතුපිට කුෂ්ට මතුවී ඇත්තේ ආසනික් විෂ ශරීරගත වීම හේතුවෙනි.

මේ චර්ම රෝගයෙන් පීඩා විඳින්නේ මැදිවිය ඉක්මවූ ඇය පමණක් නොවේ. ඇගේ මුළු පවුලම ඊට ගොදුරුවී තිබේ.

"මේ ළිඳ නිසා මගේ ඇඟ පුරාම පැල්ලම් හැදිලා. මට දුක මගේ ළමයි ගැන. ඒ අයව කසාද බඳින්න කවුරුවත් කැමති නැහැ." සියාටන් නෙසා දුක්මුසුව පැවසුවාය.

මෙම නළ ළිං ඉවත් කිරීමට රජය උත්සාහයක යෙදී සිටියත් පිටිසර ගම්මානවල බොහෝ දෙනෙකුට දිය සැපයෙන එකම මාර්ගය නළ ළිඳ ය. ඇතැමුන් එම නළ ළිං තනාගෙන ඇත්තේ තම පෞද්ගලික ධනයෙනි.

#BBC Innovators

ආසනික් විෂවීමෙන් බංග්ලාදේශයේ සෑම වසරකම 43,000ක් මිය යන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඇස්තමේන්තු කර තිබේ.

මින්හාජ් චෝධුරි විසිඅට හැවිරිදිය. ඔහු හැදී වැඩුනේ එක්සත් ජනපදයේ ය. පාසල් නිවාඩුවට තම ඥාතීන් බැහැදැකීම සඳහා බංග්ලාදේශයට පැමිණීමට ඔහු අමතක නොකළේය.

"ඇමරිකාවේදී අපිට පානීය ජලය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මට හරිම දුකක් ඇතිවුනා බංග්ලාදේශයේ තත්වය ගැන. මම මවිත උනා. බංග්ලාදේශයේ සෑම මරණ පහකින් එකක් ම ජලයට සම්බන්ධ හේතුවක් මත සිදු වූ මරණයක්." මින්හාජ් පැවසීය.

Image caption "ඇමරිකාවේදී අපිට පානීය ජලය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මට හරිම දුකක් ඇතිවුනා බංග්ලාදේශයේ තත්වය ගැන" -මින්හාජ් චෝධුරි

අපවිත්‍ර ජලය හේතුකොට ගෙන මින්හාජ් ගේ සීයා ද මරණයට පත්වීමෙන් පසු ඔහු ඒ ගැන සිතන්නට විය.

මේවනවිට ආචාර්ය අරුප් කේ සෙන්ගුප්තා ඉන්දියාවේ ජල පවිත්‍රතා වැඩසටහනක යෙදී සිටියේය. ඒ සඳහා ඔහු එක්තරා දුම්මල වර්ගයක් යොදාගෙන තිබුණි.

ආචාර්ය සෙන්ගුප්තා සමඟ එක්වී බංග්ලාදේශයේ මින්හාජ් 2013 දී 'ඩ්‍රින්ක්වෙල්' ව්‍යාපෘතිය ආරම්භ කළේය.

මේ දුම්මල කැට මගින් ජලයේ පවතින ආසනික් විෂ ඉවත් කළ හැකිය. එසේ කිරීමෙන් අනතුරුව 'ඩ්‍රින්ක්වෙල්' පෙරනයන් හරහා තවත් ටැංකි කිහිපයකට එම ජලය ගලා යාමට සලස්වනු ඇත.

ජලයට මුසුවී ඇති අනෙකුත් විෂ ද්‍රව්‍ය එමගින් ඉවත් කෙරෙනු ඇත.

මෙම පිරිසිදු ජලය විකුණා ලැබෙන ලාභයෙන් 'ඩ්‍රින්ක්වෙල්' පද්ධතිය නඩත්තු කෙරේ.

'ඩ්‍රින්ක්වෙල්' පිරිසිදු ජල ලීටර 20ක් විකිණෙන්නේ ඩොලර් 0.05ත් 0.12ත් අතර සුළු මුදලකට ය.

Image caption බංග්ලාදේශයේ මානික්ගාන්ජ් දිස්ත්‍රික්කයේ 'ඩ්‍රින්ක්වෙල්' ව්‍යාපෘතිය මෙහෙයවන අභිබුර් රෙහ්මාන්
ව්‍යවසායකත්වයට අවස්ථාවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ නිසි නඩත්තුවක් නොමැති කම හේතුවෙන් ජල සැපයුම් යෝජනා ක්‍රමවලින් 30%ත් 50%ත් අතර ප්‍රමාණයක් අසාර්ථකවී ඇති බවය.

බංග්ලාදේශයේ පවතින ආසනික් විෂවීමේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමෙහි ලා සමාජ ව්‍යවසායකයන් සතු කාර්යභාරයක් පවතින බව බංග්ලාදේශයේ 'වෝටර් ඒඩ්' ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ඛයිරුල් ඉස්ලාම් ගේ අදහසය.

ඔහු බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියේ ජල සැපයුම් පවත්වාගෙන යාම සහ ඒවා නඩත්තු කිරීම දැනට පවතින ප්‍රධානම ප්‍රශ්නය බවය.
අනාගතය

2015 දී බංග්ලාදේශයේ මානික්ගාන්ජ් දිස්ත්‍රික්කයේ ද 'ඩ්‍රින්ක්වෙල්' ව්‍යාපෘතිය දියත් විය.

මේවනවිට මෙම ව්‍යාපෘතිය හරහා දිනකට 750 දෙනෙක් තම ජල අවශ්‍යතාව සපුරා ගනිති.

දිනකට සැපයෙන ජල ලීටර ප්‍රමාණය 150,000කි.

අනතුරුව 'ඩ්‍රින්ක්වෙල්' ජල පෙරනය සහිත ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත විය. බංග්ලාදේශයේ ලක්ෂයකට අධික ජනතාවක් ඒ හරහා පිරිසිදු ජලය ලබා ගනිති.

මෙය 'ඩ්‍රින්ක්වෙල්' ව්‍යාපෘතියේ ආරම්භය පමණක් බව මින්හාජ් චෝධුරි අදහසයි.

අනාගතයේදී ආසියාව පුරා මිලියන ගණනක් වූ ජනතාව අතරට එය ගෙන යාහැකි බවට ඔහු විශ්වාස කරයි.
#BBCInnovators
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 2947
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum