- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලොව බලවත්ම ගැහැනිය වූ සායම් බාස්‌ගේ දුව
වඩා හොද ජීවන තත්ත්වයක් පතාගෙන ෆsන්ලන්තයෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ පරම්පරාවකට අයත් මැකේලා යුවළට ලැබුණු එකම දියණිය මේරි තෙරේසා මැකේලාය. ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේදී 1961 අවුරුද්දේ හරියටම නත්තල් දවසේ උපන් මේ බිළින්දිය ලෝකයේ බලවත්ම ගැහැනිය වේ යෑයි කවුද හිතුවෙ?
මේරි, අනෙක් සාමාන්‍ය පවුල් වල දැරියන් සේම මිචිගන් හි වෝටර්ෆොර්ඩ් පාසැලේ ඉගෙනුම ලැබුවා. ඉන් පසුව මිචිගන්හි කෙටරින් විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබදව ඇගේ ප්‍රථම උපාධිය දිනා ගත්තා. ඇය සිය පියා සේවය කළ ජෙනරල් මෝටර්ස් සමාගමට අනුබද්ධ ස්‌ටැෆර්ඩ් ග්‍රැජුවට් ස්‌කූල් ඔෆa බිස්‌නස් නම් අධ්‍යයන ආයතනයට බැඳී ව්‍යාපාර කළමනාකරණය පිළිබද දර්ශනපති උපාධිය දිනා ගන්නටත් සමත් වුණා. (පසුව ස්‌ටැෆර්ඩ් විශ්ව විද්‍යාලය බවට පත් වුණේa මෙම ආයතනයයි.) 1990 දී අභ්‍යාසලාභිනියක ලෙස ජෙනරල් මෝටර්ස් සමාගමේ සේවයට බැඳුණු මේරි, අනුක්‍රමයෙන් සේවා උසස්‌වීම් ලබා ගනිමින් පියවරින් පියවර ඉහළට ආවේ ඇගේම දක්‌ෂකමත් කැපවීමත් නිසාමයි.
1908 දී ආරම්භ කළ ජෙනරල් මෝටර්ස් සමාගම අවුරුදු 109 ක් පැරණි ඇමෙරිකාවේ කීර්තිමත් බහුජාතික සමාගම් ජාලයක්. එය රටවල් 35 කට අධික ප්‍රමාණයකට තම නිෂ්පාදන අපනයනය කරනවා. Buick, Cadillac, Chevrolet, GMC, Holden Wuing ආදී ලොව ප්‍රචලිත අධික ඉල්ලුමක් සහිත මෝටර් වාහන සන්නාම රාශියක් නිපදවන අලෙවි වාර්තා තැබූ සමාගමක්. 2016 වසරේ සමාගමේ ලාභය අමෙරිකානු ඩොලර් මිලියන 10 ක් වුණා. මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‌රොයිට් හි එහි ප්‍රධාන කාර්යාලය පිහිටි අතර වාහන සැලසුම් කිරීම, නිපදවීම, අලෙවිය සහ ලොව පුරා බෙදාහැරීමට අමතරව අමතර කොටස් නිෂ්පාදනය සහ මූල්‍ය සේවා සැපයීම වැනි දේත් සිදු කරන අතිශය කාර්යක්‌ෂම සමාගමක්.
මේ වාගේ දැවැන්ත සමාගමක පුහුණු වන්නෙකුව සිට ඉහළම කළමනාකාරීත්වය දක්‌වා යැම ලොකු අභියෝගයක්. මේරි 2008 දී සමාගම් ජාලයේ මානව සම්පත් අංශයේ උප සභාපතිනිය වුණා. 2013 දී ඇය මෙම ලෝක ව්‍යාප්ත වෙළෙඳ සමාගමේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර, එනම් ඉහළම තනතුරට පත් වුණේ අධ්‍යක්‌ෂක මණ්‌ඩලය ඇය කෙරෙහි තැබූ අතිමහත් විශ්වාසයම බව නොරහසක්.
සමාගමේ මුල් පුටුවට පත් වූ විගසම ඇයට ලොකු අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ සමාගම විසින් අලෙවි කරන ලද මෝටර් රථ 84 ක් විවිධ කාර්මික දෝෂ නිසා ආරක්‌ෂක හේතු මත නැවත කැඳවන්නට සිදු වීමයි.( ) මෙවැනි සිද්ධියක් සමාගමේ නමට විශාල කැළලක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. සමාගමට සිදු වන්නට ගිය ඩොලර් මිලියන 30 ක පාඩුවකුත්, අපකීර්තිය පිළිබද අභියෝගයත් හිසින් දරාගෙන මේරි බාරා ඒ ගැටලුව ඉතා සූක්‌ෂම ලෙස විසඳුවා. ව්‍යාපාරික ඥානයට අමතරව ඇය ලබා තිබූ ඉංජිනේරු දැනුම මෙයට උදක්‌ම ඉවහල් වන්නට ඇතුවා නිසැකයි.
මේරි බාරාගේ නම ව්‍යාපාරික ලෝකයේ බැබළෙන්නට ඇගේ තීක්‌ෂණ දුර දක්‌නා නුවණත්, කාර්යශීලී බවත්, නම්‍යශීලී ප්‍රතිපත්තිත් ඉවහල් වුණා.
2017 දී ලෝක ප්‍රකට වෝල්ට් ඩිස්‌නි සමාගමේ විධායක අධ්‍යක්‌ෂ මණ්‌ඩලයට ඇයව බඳවා ගනු ලැබුවා.
ඇය උගත් කෙටරින් විශ්වවිද්‍යාලයත්, ස්‌ටැෆඩ් විශ්වවිද්‍යාලයත් ඒවායේ සෙනේට් සභා වල ගෞරවනීය සභිකයෙකු ලෙස පත් කරගෙන සිටින්නේ ව්‍යාපාරික අංශයෙන් මෙන්ම අධ්‍යාපනික අංශයෙනුත් ඇය විදහා පෑ විශිෂ්ට කෞෂල්‍යය නිසාමයි.
මිචිගන් විශ්වවිද්‍යාලය මගින් 2014 මැයි මාසයේදී ඇයට ගෞරව උපාධියක් ප්‍රදානය කරනු ලැබුවා.
2013 වසරේ ෆොර්බ්ස් සඟරාව කළ සමීක්‌ෂණයක ප්‍රතිඵල අනුව ලොව බලවත්ම කාන්තාවන්ගේ නාම ලේඛනයේ 35 වන අංකයට ඇයව තෝරා ගනු ලැබුවා. වසර තුනක ඇවෑමෙන් 2016 දී එහි පස් වන අංකයට උසස් වන්නට ඇය සමත් වුණා.
ෆොචූන් සඟරාව 2015 දී ලොව බලවත් ම කාන්තාව ලෙස නම් කරනු ලැබුවේ මේරි බාරා වයි. 2014 අප්‍රේරaල් මාසයේ ටයිම්ස් සඟරාවේ කවරයේ කතාව ඇය වෙනුවෙන් වෙන් වුණා. ව්‍යාපාරික ලෝකයේ මේරි බාරාගේ විශිෂ්ට භූමිකාව සියුම්ව අධ්‍යයනය කළ ඔවුන් ප්‍රකාශ කෙරුවේ ඒ ක්‍ෂේත්‍රයේ බලවත්ම කාන්තාව ඇය බවයි.
මේ සියලු ගරු නම්බු තානාන්තර මැද ආදරණීය බිරිඳක් ලෙසත් මවක ලෙසත් ඇය රඟන භූමිකාව සියල්ලටම වඩා වැදගත්. විශ්වවිද්‍යාලයේ උගන්නා සමයේ ඇති වූ සම්බන්ධතාවකට අනුව ඇන්ටනි ඊ. බාරා සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඇය දැන් නිකොලස් සහ රැචල් නම් වූ පුතකු සහ දුවකගේ සෙනෙහෙබර මවකි. මේ සුන්දර පුංචි දරු පවුල දැනට එක්‌සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ රෝයල් ඕක් හි පදිංචිව සිටිනවා.
රාජකාරි දිවිය මොන තරම් කාර්යබහුල සහ අවිවේකී වුණත්, මේරි බාරා ඒ කිසිවක් තම පෞද්ගලික ජීවිතය සමඟ පටලවාගෙන නැහැ. ඇය ඇගේ ළබැඳියන් වෙනුවෙන් කාලවේලාව සපයා ගැනීමට නිරතුරුවම උනන්දු වෙන්නෙ, පවුල සහ නිවස තරම් උණුසුම් සහ ආරක්‌ෂාකාරී සුන්දර තැනක් තවත් ලොව නැති හන්දයි.
සිය පියා සේවය කළ සමාගමේම පුහුණු වන සේවිකාවක් ලෙස සේවයට බැඳුණු යුවතියක්, පියවරින් පියවර උසස්‌වීම් ලබා ගනිමින් ඒ සමාගම් ජාලයේම අධිපතිනිය වීමේත්, ඒ හරහා ලොව බලවත්ම කාන්තාව ලෙස අභිෂේක වීමේත් කතාන්දරය පිටුපස අපට ගත හැකි ආදර්ශ බොහොමයි.
නිසි අධ්‍යාපන සුදුසුකමක් හෝ කාර්යශූරත්වයක් නොමැතිව දේශපාලන හෝ වෙනත් අයථා මාර්ග වලින් රැකියා වලට රිංගාගෙන ඒ ඒ ආයතනවල ඉහඳ පණුවන් සේ ලැග සිටිමින් සාරය උරා බොන අපේ රටේ බහුතරයකට මේරි බාරා නම් දිරිය ගැහැනිය සපයන්නේ කදිම ආදර්ශයක් නොවේද?
සෙනරත් කුමාරසිරි
ඕමාන් රාජ්‍යය
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28